ep 76

2.1K 353 8
                                    

Ep 76
සමහර දේවල් මට හිතුනොත් කරන එක කරනවා බෙල්ල කැඩිලා ගියත්
ඒලෙවල් කාලෙ ෆුට් බෝල් කල්බ් වල සෙල්ලම් කර කර ඉස්කෝලෙයි ප්‍රයිවට් කලාස් කට් කරගෙන
පර දිගේ පිස්සු කෙල කෙල හිටියෙ...ඒලෙවෙල් කියන එක මම අමතක කරලා දැම්මා
ප්ලෑන් කරේ විබාගෙ ඉවර උනගමන් කොල්ලො සෙට් එක එක්ක ජපන් පනින්න
එහේ පරන වාහන ලන්කාවට ගේන බිස්නස් එකක් පටන් ගන්න
මේ රැග් විබාග ලැබ් වැඩ කිසි දෙයක් නැතුව ආතල් එකේ ඉන්න
දහතුන වසරෙ දි තිබුන විබාගෙ ලියන්න ගියේ ඩීජේ ක්ලබ් එකකට ගිහින් එලිවෙනකන් බීලා බීලා කැරකෙන ඔලුවෙන් යන්තන් සුදු ඇදුම් ඇදගෙන
බලපු ඕනෙ එකෙක්ට තේරෙනවා...මම ඉස්කෝලෙ ආවෙ නාග සලන් වැන්න වැදිලා බව
ඒ විභාගෙදි මට හැම විශයකටම තිබුනෙ 40ට අඩුවෙන්...
අපේ අම්මා ට ඉස්කෝලෙ ට එන්න කියලා අපේ ක්ලාස් ටීචර් බයෝ මැඩම් හොදට බැන්නා
අපේ අම්මා ගෙදර ගියේ අඩාගෙන
එදා අපේ ගෙදර මල රන්ඩු
අපේ අක්කයි මහ්ද්දුයි දෙන්නම මට විරුද්දව යුද්ද ප්‍රකාශ කරාසන්දාන ගතවෙලා
කවදත් මගේ සහයට හිටපු ලොකූත් එදා මට නොසෑහෙන්න බැන්නා
මද්දුවා මට එක දිගට බූරුවා මෝඩයා නොසන්ඩාලයා තකතිරුවා කියලා මටබනිද්දි මම දිවුරුවා විබාගෙ පාස් වෙලා පෙනවනා කියලා
යන්තන් මාස තුනෙන් නෝට්ස් හොයාගෙන පන්ති කට් කරපු පාඩම් තනියෙම තේරුම් අරගෙන විභාගෙ ලියුවේ...මද්දුවා එක්ක තිබුන ගේමටමයි...
ඒත් පාඩම් කරද්දි මට ආස හිතුනා
මගේ යාලුවොත් ඒ අතින් හොදට හිටියා...උන් මාව පිස්සු කෙලින වැඩවලට ඇදගෙන යන්න ආවෙ නෑ ඒ මාස තුන ...මාව රිලීස් කරා
උන් මට කරපු ලොකුම උදවුව අපේ ගෙදර උන්ට හොරෙන් අකන්ඩව මට බියර් රෙඩ් බුල් සිගරට් සප්ලයි කරපු එක
රෙඩ් බුල් වලින් සැන්ඩි කරලා බියර් බොන ගමන් සිගරට් ගහනවා ..එලිවෙනකන් පාඩම් කරලා උදේ වරුව නිදියනවා
යාලුවන්ගෙ අතේම හිස් බියර් කෑන් ගෙදරින් පිට කරනවා
අපේ ගෙදර උන් බලන බලන පාරට මහ දවල් මම නිදි නිසා උන් ඔක්කොම අනා වැකි කියලා තිබුනෙ ...අනිවා ලයිට් කනු (එෆ් අකුරු) මම ගෙදරට ගේන එක ගේනවමයි
පලවෙනි වතාවට අපේ ගෙදර එකෙක් විභාගයක් ෆේල් වෙනවා ඒ මම
ඒත් ප්‍රතිපල ආවම ඔක්කොගෙම ඇස් උඩ් ගියා
මද්දුවා කියුවෙ ඌ විබාග කොමසාරිස්ට පෙත්සමක් ගහනවලු කාගෙ හරි අහින්සක ලමයෙක්ගෙ රිසාල්ට් එක මාරු කරලා ෆෙල් වෙන්න ඕනි තක්කඩියෙක්ට
ඒ අකුරු දෙකයි බී එකකුයි එවලා කියලා

තිත්ත පැණිOn viuen les histories. Descobreix ara