ep 105

2K 320 28
                                    

Ep 105

"අඩේ මචා...ඔබ ඔඩට ශෙල්ලම් කලා...වෙල් ඩන් බ්‍රෝ"

ශුභ පැතිල්ලත් භයානක වෙලාවක කරාම ඒක අශුභ පැතිල්ලක් වෙනවනේ
මායි චාරුයි දෙන්නා ආදරෙන් වෙලීගෙන ඉද්දි දෙමල ඌරුවක් ඇති කටහඩකින් සින්හල කතාකරන්ව ඇහුනම අපි දෙන්නම ඩිම් උනා
පිට්ටනියෙ යකාසේ මට තදින් අභියෝගකරපු ශිවා ඉන්නවා සිගරට් එකකුත් පත්තු කරගෙන
ඌ සමහරවිට පැවිලියන් එක අස්සට එන්න ඇත්තෙ තරගෙ පරාද වුන දුකට සිගරට් එකක් ගහලා යන්න වෙන්න ඇති අනෙක් උන්ට නොපෙනි
ඒත් මගේ කොදුනාරටිය හීතල වෙන බයක් ආවා
මෙහේ කොල්ලො අහින්සක කමට පෙනුනට හිටපුගමන් මිනී මරන්න උනත් පුලුවන් ජාතියක්
මොකද බෝම්බ බැංහන් කොලබ ආපු ත්‍රස්තය වෙන රටකින් ආනයනය කරපු උන් නෙමෙයි මේ පලාතෙන්ම බිහිඋන උන් නේ
ඒක නිසා හිතේනම් ලොකු බයක් ඇති උනා
පැවිලියන් එකට එහා මිනිස්සු පිරිලා මැච් එකේ ජයග්‍රහනය සමරනව
ඒත් මේ අපි හිට්පු අදුරු මුල්ල කාටවත් පේන්නෙ නෑනෙ
මැච් එක පැරදුන දුකට මේ හරියෙදි මාවයි චාරුවයි පිහියකින් වත් කපලා මරලා දැම්මොත් ...විශ්වාස නෑනෙ
මොනව උනත් මට කලින් චාරුට මුකුත් වෙන්න දෙන්න බෑ
එයා මට වඩා එක තප්පරයක් හරි ජීවත් වෙන්න ඕනෙ
මගේ අන්තිම හුස්ම පොද ඉතුරු උනොත් ඒකත් යනකන් මම චාරු වෙනුවෙන් සටන් කරනවා
ඒක නිසා මම කෝක වෙතත් චාරුව මගේ පස්සට කරගත්තා
මූ මට පිහියෙන් ඇන්නොත් චාරුට දුවල ගිහින් බෙරෙන්න හරි පුලුවන්නෙ
හිතේ බය තිබුනට ඒක පිටට නොපෙන්න ම්ම කතා කරා
මූ තර්ජනය නොකර එකපාරටම බය වෙන්නවත් පහෆ දෙන්නවත් බෑනෙ එන විදියට මූහුන දෙනවා
කොහොම උනත් යාපනේ ඇවිත් කැම්පස් කොල්ලො දෙන්නෙක් මරල කියලා පත්තරේ ගියොත් ආයෙ රටේ ජාතිවාදී කල බල ඇතිවෙන්නත් බැරිනෑ
මොකද සින්හල දෙමල දෙපැත්තෙම තාම ඉන්නව නියයි දතුයි විලිස්සගත්ත උන් පොඩි සිද්දියකින් හරි ආයෙ යුද්දෙ පටන් ගන්න මග බලන් ඉන්න
එහෙම උනොත් මම සරලව ගොඩ නගගෙන ආපු මගේ ජීවිත කතාව සන්කීර්න අවසානයකින් නැවතීමෙ තිත තියන්න වෙනවා

நீங்களும் நன்றாக விளையாடினீர்கள்
මමත් දෙමලෙන් කියුවා ඒත් ඒක හරියටම හරිද දන්නෙ නෑ...මේ වචන ටික කලින්ම අහලා කටපාඩම්ම්කරගෙන හිටියෙ මෙහෙම අවස්තාවක් ආවොත් එලියට දාන්න "
"නොට් මච් මචන්...කොන්නන් කොන්නන් තෙරියුම්"
"අහා...ශරි ශරි...ඕම ටේරෙන යෙකම ලොකු ඩෙයක් නී"
"මචන් මම ඉන්ග්ලිශ් වලින්කතා කරොත් ලේසි වෙයිද නැත්තන් සින්හලෙන් කතා කරන්නද"
"ශින්ගල කියන්න බ්‍රෝ...මට කතා තමා අමාරු...බට් අයි කැන් අන්ඩස්ටෑන්ඩ් වෙල්...මම ආශයි සින්ගල කටා කරන්න්ඩ...අපිට මෙහේ චාන්ශ් නෑනී...වෙඩක් කරගන්න...කොලොම්බො ගියාම ශින්ගල පුලුවන්නම් ඔදයි නේ"
"හොස්ටල් ද මචන් ඉන්නෙ"
"හොස්ටල් තමා ඉටියා...මයෙ පෙරිඅප්පා (ලොකු තාත්තා..) පොයින් පේඩ්‍රො ඉන්නෙ...(පේදුරු තුඩුවෙ) මේ ඩවශ්වල එහේ තමා ජීවත් වෙනවා...මයෙ ගම නම් ක්ලෙන්ච් වල (කිලිනොච්චි)"
"ඔයාලා මෙහේ නියමෙට ප්‍රැක්ටිස් කරනවා නේද...තරග බලන්න ගොඩක් අය එනවා...මම ආසයි මෙහේ ප්ලේ කරන්න""
"ඔවූ තමිල් මුනියා සොකර් වලට තමා ආශා වෙනවා...මාත් සොකර් නිසා තමා ජීවත් වෙනවා...සොකර් නැත්තම් මට ස්ටඩී කරන්න තමා බැරි වෙනවා"
"ඒක හොදයි...ඉගන ගන්න ගමන්ම සෙල්ලම් කරන එක ...හොබී එකත් කන්ටිනියු වෙනවනේ"
"මේ මයෙ හොබී නෙමෙයි මචන්...මේක මගෙ ජොබ්...ක්ලබ් ශෙල්ලම් කරලා...හවසට පොඩි බබාලා කෝච් කරලා තමා මම ශල්ලි හොයනවා...මයෙ අප්පා..එල්ටීටී යේ තමා හිටියා...මහ යුද්දෙ වෙලේ එයා දෙයියො ලගට ගියා...අම්මගේ කකුල නෑ....බට්ටෙක්ට අහූනා...මට ටූ තන්ගච්චි ඉන්නවා...එයාලා බලාගන්න ඕනි මම තමා....අපේ අම්මා ...මීන් වාඩි වැඩට යනවා...මාලු දැල් වලින් ගලවල කරවාඩි (කරවල හදනවා) දවශට හාරසීය තමා උපයනවා
ඒක් මදි නේ...ඒ නිශා මම වැඩ කරලා සල්ලි ඔයන ගමන් ඉගනගන්නවා "

තිත්ත පැණිΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα