ep 44

2.2K 415 42
                                    

Ep 44
"කොල්ලො ඔය කැත්ත විසිකරපන්...දැන් ඕක වැඩක් නෑ...මිනිස්සු දැකෝත් බය වෙයි ලේ වේලිච්ච කැත්ත දැක්කම"
මම සලාන් ගලා සද්දෙන් කැත්ත විසිකරා
"ඩයිනා ...උඅබ කැත්තෙන් කොටපු එකා මලාද දන්නෙ නෑ ....අපිට හිරෙත් යන්නවෙයි බන්"
"නෑ...හොරා ගෙට පැනලා ගේ බිදිද්දි ...ගෙදර අයිතිකාරයා පොලකින් ගැහුවට නීතියෙන් දඩුවම් දෙන්නෙ නෑ....මම කරේ කරන්න තිබුන හොදම දේ...එතනින් පැනගන්න...එකෙක්ට කැත්තෙන් කෙලපු#* නිසයි අනික් උන් සරෙන්ඩර් උනේ...ඒකයි උන් බය වෙලා වාශ්ප උනේ...ඒකයි අපිට මේ බයික්කෙ ගන්න පුලුවන් උනේ"
"අනේ ඩයිනා...මගේ චාරුවා ...හුස්ම ගන්නෙත් නෑ වගේ බන්...මට බයයි"
කැත්ත නැති නිසා මම අත් දෙකෙන්ම චාරුව බදාගෙන අඩ අඩාහිටියේ එයාගෙ පපුව අතගාන ගමන්
පොඩි හරි හුස්ම පොදක් ඒ පපුවෙ රැදිලා තිබුනනම් ඒක රැකගන්නයි මටනෝනි උනේ
"බය වෙලා නෑ පුතෝ...මේ වෙලාවෙ සිහියෙන් හිටපන්...අපි මේ කරන්නෙ මේවෙලාවෙ අපිට කරන්න පුලුවන් හොදම වැඩේ..."
ඩයිනා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බාගෙට ඇරුන ගේට්ටුව අස්සෙන් එකපාරට ඉස්පිරිතාලෙ ඇතුලට බයික්කෙ දැම්ම
එතන හිටපු සික්කොයි පොලීසියෙනුයි උඩ ගිහින් බිම වැටිලා අපේ පසේන් එලවගෙන ආවා
ඒත් උන් එද්දි අපි බයික්කෙ හොස්පිටල් වැරෙන්ඩා එකේ නවත්තලා ඉස්සරහ තිබුන ට්‍රොලියක චරු තියලා ඇතුලටත් තල්ලු කරන් ගිහින් ඉවරයි
කෙලිනම හදිසි අනතුරු වාට්ටුවෙ රෑ වැඩට හිටපු දොස්තර මහත්තය ලගටම ට්‍රොලිය තල්ලු කරන් ගියා
අපේ වෙලාවට පන්ඩිත ඇටෙන්ඩන්ට්ලයි දුශ්ඨ් නස්ලයි නැතිව හිත හොද මිනිස්සු ටිකක් හිටපු නිසා අනිත් වල් විකාර අහන්න කලින්
චාරුව බලලා එයාට ඕනෙ ප්‍රතිකාර කරන්නන්පටන් ගත්තා

චාරුව එවෙලෙම හදිසි අනතුරු වලට තියෙන ඔපරේශන් තියෙටර් එකට අරගෙන ගියා
මමයි ඩයිනයි ට්‍රොලිය තල්ලු කරන් ගියත් ලොකු දොරපලු දෙක ලගදි අපිට නතර වෙන්න උනා
"පුතාල මෙතනින් ඉන්න ..අපි යාලුවව බලා ගන්නම්" කරුනාවන්ත නස් කෙනෙක් කියුවා
මමයි ඩයිනයි දුබුරුපාට දිග බන්කුවෙ වාඩි උනා
මම් අත්දෙක උඩ ඔලුවන්ගහගෙන්න කර බාන අඩන්න ගත්තා.ඩයිනා මාවා ඇදලා අරන් උගේ පපුවට තද කරගත්තා
"මට කියපන් එයාට මුකුත් වෙන්නෙ නෑනෙ...කියපන්කො"
"පිස්සුද බන් ...කිසි දෙයක් වෙන්නෙ නෑ..මේ දැනුත් උගෙ නාඩි හොදට වැඩ කරා...මම චෙක් කරා...හී විල් බී ෆයින් සූන් මචන්...ඩෝන්ට් වොරි බ්‍රෝ"
ඩයිනා මගේ ඔලුව අතගාලා කියුවා
"මගේ සුද්දට මොනවා හරි උනොත් මම එකෙක් ඉතුරු කරන්නෙ නෑ...උන් ඔක්කොම පෙත්තෙ පෙති ගහනවා..සත්තයි" මම කදුලු මැදින් දත් කූරු කන ගමන් කියුවා
"ඕයි මෝඩ ..බූරුවෙක් වෙන්න එපා...මේ වෙලාවෙ පොඩි උන් වගේ අඩලා තරහ අරන් කිසි දෙයක් කරන්න බෑ ...සිහියෙන්ම තමයි ගේම ගහන්න ඕනෙ...ඕනවට වඩා හැගීම් බර වෙලා ආතල් ගත්ත නිසයි මම අද විදව න්නෙ...උබටත් ඒකම වෙනවා දකින්න මම් ආස නෑ" ඩයිනා ලොකූ හුස්මක් පිට කරන ගමන් කියුවා
"මොකද උනේ" මම එහෙම ඇහුවෙ ඇත්ත්ටම මට ඒවෙලාවෙ උගේ කතාව අහන්න ඕනවට නෙමෙයි...මගේ හිත තනිකරම චාරුවෙනුවෙන් අඩාවැටෙනවා...නිකම්ම මගේ කටින් වචනෙ පිට උනා
"මගේ ඒන්ජල් මාව දාලා ගියේ...මගේ නොසැල කිල්ලෙන් බන්..එකයි මම මේ තරම් විදවන්නෙ....එදා මම කොලබ ගිහින් ආවෙ අපේ අයියලගෙ ගෙදර ...එයා ආවෙ දවස් තුනකින් දැකපු නැති මාව එක්ක යන්න බයික්කෙන්
බලපන්කො එදාම එයා මගේ හෙල්මට් එක අමතක කරලා දාලා ඇවිත්
මෝඩයා උගේ ඔලුවෙ තියෙන එක ගලවලා මගේ ඔලුවට දැම්මෙ එයාගෙ අතින්මයි.දෙයියනේ කවම දාව්ත් හිතුවෙ නෑ...ඒ ඌ මාව ඉම්බෙ අත්ම වතාවට කියලා.හෙල්මට් එක දාන්නන්කලින්මටම්ලොකූ කිස් එකක් දීලා කියුවා මම නැතුව දව්ස් තුනක් හිටියෙ හරිම අමාරුවෙ ..අයෙනම් ඔයවගේ ගමන්න් යන්න එපා කියලා එයා නැතුව.
එයාට තිබුනෙ යම්හා එෆ් ඉසෙඩ් ඩර්ට් ට්‍රැක් බයික්කයක් ...ඒක අලුතම සුදුම සුදු එකක්...ලගදි ගත්තෙ ට්‍රැක් පදින්න...මේපාර එයා ගෝල්ඩ් ට්‍රෝපි එක ටාගට් කරගෙන හිටියෙ
බයික්කෙට නැග්ගම අපිට සිහිය නෑ...දෙන්නම කැමති අවධානම් විදියට වැඩ දදා පදින්න...එයා වේගෙ වැඩි කරලා බයික්ක් උඩින්පන්නන්න යහ්ද්දි මම් පොඩක් හරි එයාව නවත්තනන් මොනවා හරි කියුවන්ම් එයා ඒක කරන්නැ නෑ
ඒක මගේ කොලගෙ හැටි...මම එපා කියුවම ඒක කරන්නෙ නැ
ඒත් එදා මාරය නිසාමද කොහෙද මගේ කට්ට එපා කියන වචෙන වෙනුවට...මරු තව ස්පීඩප් කරප්න් කිය්ලා කියවුනේ
එයා වේගෙ වැඩි කරලා බම්පර් උඩින් බයික්කෙ පන්නදිම ලොකූ තෙල් බව්සරේ වන්ගුවෙන් ඇවිත් අපේ බයිසිකලේ හැපුනේ
හෙල්මට් දාලා හියපු මම මේ අපායෙ විද වන්න ඉතුරු කරලා
හෙල්මට් නොදාපු එයා දිව්‍ය ලෝකෙ ගියා.
අද මම මෙහේ ඉදන් කදුලු බොද්දි.
එයා එහේ ඉදන් හිනාවෙනවා ඇති.
එදායින් පස්සෙ මම ලොකු බයික් පදින්නෙ නෑ...අඩුම ගානෙ සීටී 100 එකක් වත් පැද්දෙ නෑ....
උබලා මට විහිලු කරනවනේ මම මගේ තත්වෙටත් හොද නැති ගෑනු පදින ස්කූටි චැලි පදිනවා කියලා...ඒකයි මම ලොකු බයික් පදින්නෙ නැත්තෙ
ජීවිත කාලෙටම නගින්නෙ නෑ කියලා හිතාගෙන හිටපු එෆ් ඉසෙඩ් එකකට නැග්ගෙ මම උබලා දෙන්න හින්දමයි...නැත්තන් මලාට මම ඒ බයිසිකල් අල්ලන්නෙවත් නෑ""

තිත්ත පැණිOnde as histórias ganham vida. Descobre agora