ep109

2K 320 14
                                    

Ep 109
රෑට කලා වටේ ඇවිදල රෑ එකොලහට කිට්ටුව මමයි ඩයිනයි චාරුයි බට්ටයි හොටෙල් එකට ආවා
උදෙ අටට කැම්පස් එකෙන් කෑවට පස්සෙ අපි දකුණට පිටත්වෙනවා
පැය කීපයක් නිදාගන්න හිතගෙන ඇදට වැටෙන කොට ඩයිනා ලොකූ බිල් මල්ලකුයි ඒෆෝ මිටි ගානකුයි උස්සගෙන ආවා
"බේබිලා උඩ දගෙන නිදාගන්න හැදුවට හිදගන්න වෙන්නෙ නෑ...අපිට වැඩ ගොඩක් තියෙනවා"
"වට්ස් ද හැක් මෑන්...මොනවද මේ උස්සගෙන ආව ජන්ක් ත්‍රෑශ්"
"සොරි බ්‍රෝ...මේ උබලා කාපු බීපුවා තමයි....මට සිද්දවෙලා තියෙනවා මේ බිල් ටික හරියට හරිගස්සලා ඉතුරු ස්ල්ලි එක්ක හෙට උදේ ජැෆනා යුනි ශ්‍රොෆ්ට සබ්මිට් කරලා යන්න...මොකද මේ බිල් වල වියදම එන්නෙ ජැෆන යුනි එකේ එකවුන්ට් එකට"
"ඇයි බන් උබ ලග ඉන්න උන්ම මරවන්නෙ උබේ මජිරි වැඩ වලට...මේවා අපි විතරක් වියදම් කරපුව නෙවෙයිනේ...මුලු බැච් එකටම එක තැනකට එන්න කියලා වැඩ බෙදලා දීපන් ඔක්කොම ටික පැය බාගෙන් ඉවරයි
අපි විතරක් කට්ට කනවා මෙතන"
"මේකයි ස්වැග් ...මම වැඩ කරන්න කැමති පොඩි ටීම් එකක් එක්ක..මට වැඩ ටික පිලිවලට වගකීමකින් ඉක්මනට කරගන්න පුලුවන් අය එක්ක තමයි වැඩ කරන්නෙ..මේකට මුලු බැච් එකක් දාගෙන උන් මේ ර්ක බිලක් හරි නැති කරොත් , ඉ රලා දැම්මොත් එහෙම නැත්තන් වැරදි තැනක ඇලෙවුවොත් මට ආයෙ මේ කඩවල් හොයගෙන යන්න වෙනවා...ඒක නිස ..ලේසිම දේ මගේ සුපර් ඩුපර් බෙස්ට් බඩීස් දාගෙන වැඩේ කරන එක"
"ඒක මරු ..නම... සුපර් ඩුපර් බෙස්ට් බඩීස්
උබනම් රියල් ලීඩර් කෙනෙක් ඩෝ....ගෝලයන්ව හොදට ගොනාට අන්දලා වැඩටික ගනන්නවා"
"ඩයිනා මූ කියන දේවල් අහ අහා ඉන්න එපා අපි වැඩේ පටන් ගනිමු" මගෙයි ඩයිනගෙයි ආගියුමන්ට්ස් ඉවරයක් නැති නිසා චාරු කියුවා

""මේ බිල් ටිකනම් මටයි බට්ටයි කරගන්න පුලුවන් චාරු...මේ ලෙටර්ස් 400ක් හදාගන්න තියෙනවා...අපේ බැච් එකේ එක එකාට වෙන වෙනම ලිවුන ගානෙ ඕනෙ නමයි ස්ටුඩන්ට් නම්බර් අයිඩී නබර් දාලා...
මේ ලියුම දුන්නම තමයි අපිට සල්ලි ගන්න වෙන්නෙ""
"අපෝ යකෝ ලිවිම් හාරසීයක්...ඒකනම් ඕනවට වැඩී ඩයිනා..දැන්ම ඔක්කොටම එන්න කියපන්...තම තමන්ගෙ ලියුම තම තමන්ට ලියන්න කියලන්..ඕනෙනම් උබේ ලියුම අපි හදලා දෙන්නම්
රෙද්ද රුපියල් දහදාකුත් ගන්නවා...නිකම්ම ඉදලා අපි අත හම යනකන් ලියුම් ලියන
මුන්ට පිස්සුද බන් අපිට දහදාක දෙන්නෙ
අපේ උනට විතරක් මේ යක්කු මිලියන 4ක් වියදම් කරනව
උන්ට තිබුනා දකුනෙන් උතුරෙන් දුප්පත් මිනිසු ටිකක් අරනෙ කතර්නක පදින්චි කරවන්න ඒකෙන් මීට වඩා සන්හිදියාවක් එයි
මෙච්චර සල්ලියක් එහෙ මෙහෙ වෙන එකේ කට්ට කන උබවත්නඩු ගානෙ ලජ්ශයක් දෙකක් ගල් කරගනින් කො
උබට වියදම් කරන්න දීපු ලක්ශ 15න් නවයයි කියුවනෙ වියදම් උනේ
අපි ඔන් ඇප්‍රොවල් බිලක් ගමු ලඩේක සීල් එකක් කීයක් හරි දීලා අරන් බොරු බිල් ටිකක් දාලා ලක්ශ පහක් ගල් කරමු බන්
ඔය සල්ලි වියදම් නොකර ගියොත් අතර මැද්දෙ ඉන්න මොකෙක් හරි ගහගනී"
"එහෙම කරන්නෙ නම් නෑ ස්වැග් මම මලත්..."
"" අපෝ උබ වගේ ගොන් තඩියෙක්...සාදාරනේ මලවල කන්නද යකෝ...හැමදාම අතින් වියදම් කරන් පොදු වැඩ කරනවා
පය ලගටම ආපු මැනික් ගලට පයින් ගහන බූරුවෙක් තෝනම්"
"අනේ ස්වැග් ඒවැඩේට නම් මාත් කැමති නෑ...අපිට මොකටද කාගෙවත් සල්ලි හොරකම් කරලා ...අපිට ලැබෙන ගානක් සාදාරනව ලැබෙනවනම් ගන්නව විතරයි"

තිත්ත පැණිWhere stories live. Discover now