ep 144

2.2K 300 15
                                    

Ep 144
මට දැනෙන විදියටනම් ජීවිතේ අපි පැනගන්න ඕනෙ කඩුලු ගොඩක් පැනලා තියෙනවා මේ අවුරුදු 11ට
ඒත් අපිට පැන ගන්න බැරුව ඉතුරු උන එකම කඩුල්ල චාරුකගෙ ගෙදරට අපේ සම්බන්දෙ කියන එක
මම කියුවෙනම් අපි මේක ගැන මුකුත් නොකිය මේ විදියටම ඉමු කියලයි
ඒත් චාරුකට මම අපේ ගෙදර යනවා වගේ එයාගෙ ගෙදරත් යන්න ඕනෙලු
එහෙම ගිය ගමන් අම්මලා අප්පහ්චිලා කසාදෙ ගැනම අහනවලු
ඒක නිසා හොදම වැඩේ ඇත්ත කෙලින්ම කියන එකලු
"ස්වැග් ඔයා හිතනවද අම්මට දිගටම බොරු කිය කිය මම ඉන්නෙ සතුටෙන් කියලා"
"නෑ මැණික මම දන්නව ඒක දුකක්"
"මටත් ආසයි ඔයාගෙ අම්මවගේ අපේ අම්මත් මට සතියකට සැරයක් දෙසරයක්වත් කතාකරනවට
ඔයාගෙ අම්ම ඔයාගෙන් මම ගැන අහනව වගේ
අපේ අම්මත් මට කතා කරලා ඔයාගැන අහනවට
මට උයන්න ගෙදරන්පිලිවලට තියාගන්න කියලා දෙනවට
ඔයාලා අම්මවගේ අපේ අම්මත් අපේ අනාගතේට ඕන දේවල් කියලා දෙනවනම් කොයිතරම් හොදද
අපේ නන්ගි මල්ලි මොනවද කරන්නෙ කියකවත් දන්නෙ නෑ
මට ඔයා ඉන්න බව ඇත්තයි
ඒත් මගේ අනික් භාගෙ මට නැතිවෙලා රත්තරන්
මම හිනාවෙලා හිටියට අන්ශභාගෙ හැදුන කෙනෙක් වගේ මගේ අනෙක් පැත්ත පන නැතුව ඉන්නෙ""
"සුදූ ඔයගෙ අම්ම හොදයිනෙ මැණික අපි අම්මට විතරක් කියමු
අම්ම තේරුම් අරගෙන අපිට කැම්තිවෙයි
අම්මලා හැමවෙලේම එහෙමයි""
"බෑ ස්වැග්..මේක මට තව ගෙදරින්හන්ගන්න පුලුවන් රහසක් නෙමෙයි"
"ඒත් ඔයලගෙ ගෙදරින් අකමැතිවෙයි බබෝ
එයාලට බොරු කිය කිය හරි එකට තියන් ඉන්නවට වඩා අමාරුවෙයි
එයලා ඇත්ත දැනගත්තට පස්සෙ අපෙන් සදහටම ඈත් උනාට පසෙ ඉන්න"
"මම මලත් මේක කරනවා
තාත්තගෙ කැමැත්ත ටිකක් හරි ගන්න කතාකරන්න ඕනෙ විදිය මම දන්නව
ජීවිතේ අනතුරේ දාන රිස්ක් එකක් තිබුනත් ම්ම නේක කරනවා
මට පොරොන්දුවෙන්න ඔයා ශක්තිමත්ව මාත් එක්ක ඉන්නවනේ
මේක මම ගෙදරට කියන වෙලාවට"
"ඒ වෙලාවට නෙමෙයි ඕන වෙලවක උබ එක්ක ඉන්නව මම සුද්දො
ඕනෙ මකර කටකට පනිමු අපි දෙන්න එක්ක "

කාලෙකින් ලන්කාවට එන එක ගැන ලොකු සතුටක් තිබුනා
එයාපෝට් එකෙන් කැබ් එක පිටත් උන වෙලාවෙ ඉදලාම මම වාහනේ ජනේලෙන් ඈත බලන් හිටියෙ
පහුගිය අවුරුදු 6ට ලන්කාව වෙනස් උන තරම
මට වෙලාවකට හිතුනා මම වැරදිලා තායිවානෙටවත් ඇවිත්ද කියලා
මොකද හැම අස්සක් මුල්ලකම චීන ව්‍යපෘති ගොඩ ගැහිලා
සින්හල දෙම්ල ඉන්ග්‍රීසි භාශා තුනට අමතරව දැන් තැන් තැන් වල චීන අකුරු තියෙන බෝඩ් පිරිලා
පෝට් සිටි එක ඕපන් කරත් එක්කම දකුණු ඉන්දියන් සාගරේ වටිනා වස්තූන් හොයාගෙන සේද මාවත දිගේ ඇවිදගෙන එන චීන්නුන්ගෙ තිප්පලක් බවට ලන්කාව පත්වෙලා
කොහොමත් ඇමරිකන්කාරයා චීනා දිහා බලන්නෙ වපර ඇහෙන්
මම හිතන්නෙ අවුරුදු 6ක් ඇමරිකාවෙ ගල් උන නිසාද මන්දා අපි දෙන්නටග්හ් යැන්කි චින්තනය ටික ටික කාන්දුවෙලා අන්කල් සෑම්ගෙ පුතාලා දෙන්නෙක් වේගෙන එනවා
(-යැන්කී හමුදාව , අන්කල් සෑම් කියන්නෙ ඇමරිකාවෙ ජාතික ආලය විදහා දැක්වෙන සලකුනු දෙකක්
මමයි චාරුයිත් අනෙක් සින්හලයො වගේම තමයි
ලන්කාවෙ ඉන්නතාක්කල් තමන්ගෙ රට ගැන විවේචනයකර කර කිසිම ආදරයක් නැතුව ඉදලා
වෙන රටකට ගිහින් ගල් උන ගමන් ඒ රටේ මිනිස්සුන්ටත් වඩා ඒ රටට හිතකාමී පුරවැසියො වෙලා
ඒ රටේ පම්පෝරිය ගහ ගහ ඉන්නවා)
ඒක නිසා අපි දෙන්නටත් තරු පහේ ගිනිරතු කොඩිය දකිද්දි චීන මකරා ගැන බයක් ඇතිවෙනවා...මේ මකරා ඉන්දියන් සාගරේ අ...මුතුඇටේ ගිලගනීද කිය එක ගැන
එක එක මනස්ගාත ඔලුවට ආවත් අවසානාත්මක භය එල්ල වෙලා තිබුනෙ
චාරුගෙ අප්පච්හ්cඉගෙ මූන දිහාවට

තිත්ත පැණිWhere stories live. Discover now