ep 43

1.9K 297 3
                                    

Ep43
"අඩෝ මේ ආතල් කුඩු ඕයි....ජෝගිය නවත්තන වෙනවා පද්ද්ධතිය ගිනි අරන" ඉ රෙට්ටා ඌට ආපු කෝල් එක ආන්සර් කරලා කලබලෙන් දුවගෙන ආවා
"රෝමෙ ගිනි ගනිද්දි නීරෝට වේනා ගහන්න පුලුවන් උනානම්...පහ්ඩ්දතිය කඩා වැටෙද්දි අපිට බැරි මොකද බන් අඩියක් ගහන්න...හුකාරිස් කියවන්නෙ නැතුව ලයිටරේ දීපන් ඉ රෙට්ටා" කඩියා පත්තු නොකරපු සිගරට් එක කට කොනේ ගහගෙන ඉ රෙට්ටට කියුවා
"නෑ බන් උක්ටෝ....අන්තරෙයි බොදුබලෙයි කෙල ගන්නවා...වලිය සරුවට යනවාලු ස්ටේජ් එක ලග"
"" අප්පට උඩු...විනාශයි...පද්දති සටන් ඇවිලෙනවද...අඩෝ ..කොහෙ හරි අපිටත් පොලු පාරක් එන්න්න කලින් සයන්ස් එක අස්සට රින්ගමු...ඩයිනා කිය කිය හිටියෙ ලගදි ආට් කොමස් දෙක ඇවිලෙනවා...බෝත් සයිඩ් ආ ෆ්ලෙක්සින් දෙයර් මසල්ස් මචන් ""
අපි සෙට් එකම කලුවර කැලෑ පාරවලින් හැන්ගි හැන්ගි සයන්ස් ෆැකල්ටියට ගියේ වලිය ම්‍යන පැත්තෙන් අපේ ඇගට කඩන් එයිද දන්නෙ නැති නිසා
උබලා ගොඩක් අය පද්ද්ධති සටන් ගැන දන්නෙ නැති නිසා කියන්න
දැන්නම් කැම්පස් වල මේ වගේ යමර වලි නෑ...ෆෝන් වල එල්ලිලා ටික්ටෝක් කර කර කැමපස් එන සූකිරි බට්ටලට මොන වලිද
ඇත්ත්ට අ කියුවොත් භයානකම වලි තිරගත උනේ අනූව දශකෙ අග බාගෙදි ඒදවස් වල හැමදාම හෙඩ් ලයින්
ජපුරේ 20 රෝහලේ
කැලනියෙ 50කට බර පතලයි
පේරා දෙනිය මසකට වසා දැමේ.
මේ වා ගොඩක්ම වෙලාවට් දේශපාලන බලල් අත් විසින් මෙහෙයවන අමුතුම සටන්...අපි ආර්මබයක් අවසානයම් නොදැන ඕවට පැට්ලෙන එකයි වෙන්නෙ
අපේ කැම්පස් එක ටිකක් සමජ වාදෙට බර සටන් භූමියක් විදියටයි ප්‍රසිද්ද
පොදුබල ශිශ්‍ය පෙරමුන ධනවාදෙ වෙනුවෙනුත්
සමාජ වාදී ශිශ්‍ය බල වේගය සමාජවාදෙ වෙනුවෙනුත් පෙනීසිටිනව
ආට් ෆැකල්ටිය සමාජවාදෙට බරයි
මැනේජ්මට් එක ධ්න වාදෙට බරයි
බල තුලනයට වැදගත්ම සයන්ස් ෆැකල්ටියල්මොකද අපි ශිෆ්ටින් ස්ටේට් එකක්
ඒකියන්නෙ එක ලේබල් එකක් නෑ සමහර කාලවලට සමාජවාදෙට බර කවුන්සිල් පත් එනව.සමහරකාලවලට ධ්න්වාදෙට පක්ශ කවුන්සිල් පත්වෙනවා
ඒත් අපිකැම්පස් එනකාලෙ වෙද්දි ...සයන්ස් එක ඔය බල කදවුරු දෙකෙන්ම නොදහස් වෙලා ස්වාධීන වෙන්න පටන්ගෙන තිබුනා
අපේ ඩයිනා වගේ මැදමාවතේ නායකයො අනෙක් සීනීයර් බැච් වලත් හිටපු නිසා පොදු බලේටවත් සමාජ ශිෂ්‍යන්ටත් එකතු නොවී දෙගොල්ලොන්ගෙම හොද වැඩ වලට උදවු කරලා අපිට පිලිගන්න බැරි ඒවයෙදි අපි එයාලට සපෝට් කරේනෑ
මේ සැරේ කලා උලෙල සන්විදානය කරන්නෙ සමාජවාදීන් ...එක නිසා ධ්නවදී ප්‍රහාරයක් එයි කියල කවුරුත් බය වෙලා හිටියෙ
කොහොම උනත් කොමස් එකේ බලයත් තිබුනෙ කනයිෆ් එඩ්ජ් එකක ඒ කියුවෙ පිහි දාරෙක
ඒකෙ බලය පොඩි චන්ද ගානකින් සමාජවදෙ පැත්ත්ට පෙරලෙන්න චාන්ස් එක වැඩී
ගිලිහෙන බලය ලබාගන්න පොදු බල ධනවාදීන් මොනම විදියක හරි අවුලක් ඇතින්කරයි කියලා බයක් කාගෙත් හිත්වල තිබුනා
අපිට ඩයිනා කලින්ම අවවාද කරලා තිබුනෙ මහා පරිමාන පද්දති සටනක් ඇති උනොත් ගහන්නවත් බේරන්නවත් යන්නෙ නැතුව අපේ ආරක්ශවට ඉක්මනින්ම සයන්ස් එකට එන්න..එක අපේ ආරක්ශිත බන්කර් එක
කැම්පස් සටන් ඉස්කෝලවල යනවා වගේ සීනි බෝල වලි නෙවෙයි
එකපාරට කොල්ල් පනහය සීය බහින්නෙ
පේර කෝටු වේවල් රබර් බෝල නෙමෙයි අත්වල තියෙන්නෙ
කොන්ක්‍රීට් ඇන අග්ගිස්ස්ට හයි කරපු උදලු මිටි වගේ පොලු
එක පාර ඇන්න ගමන් ඔලු කටු කුඩු වෙනවා
බයිසිකල් චේන් වලින් හදපු නන්චක්කු
අඩි දෙකේ තුනේ වක් පිහි
ජම්බෝ පිහි
පෙට්‍රල් බෝම්ම්බ...මේවා හදන්නෙ වීදුරු බෝට්ජල්වලට බයිසිකල් බෝල ටින්ටස් ඇන දාලා බෝතලේට රෙදි පාන්කඩ දාලා ගිනි තිබ්බම බෝතල් බෝම්මබ වගේ පිපිරිලා ඇන යකඩ බෝල බෝතල් කටු වටේටම විසිරිලා මහ විනාශයක් වෙනවා
දෙමල ෆිල්ම් වල පාතාලෙ වීදිවල සිද්ද වෙන බයනක රවුඩි සටන් වගේ මේවා ඇවිලෙන්නෙ
කාගෙන් ඉවන ගෙන්ද මන්දා කොල්ලො මරු ශොට්ස් ගහනවා ප්‍රතිවාදියා වැටුන තැනම පැරලයිස් වෙන්න
ඒත් කැම්පස් සටන් ගොඩක් ඇතිවෙන්නෙ කැමප්ස් ලමයි අතර නෙමෙයි
මේවයෙ පිටිපස්සෙ දේශපාලනේ තියෙනවා
සටනක් ඇවිලෙහ්ද්දි කිසි කිසි ගාලා පිටතින් මැරයො තප්පරයට දෙකට කැම්පස් එකට එනවා
අදුන්නනෙ නැතු ට්‍රේල් බයික් රොකට් වගේ සද්ද දාගෙන පඩ්දතිය වටේ යනවා...මගදි අහු උන ඕනෙ එකෙක්ට පිහියෙන් කොටාගෙන
මූනම වැහෙන්න මාස්ක් දලා ෆුල් ෆේස් හෙල්මට් දලාඅ යන නිසා කැම්පස් එක ඇතුලෙ උන්ද පිටින් ආපු උන්ද කියලා අදුරගන්න බෑ
පද්දති සටන් පටන් ගන්න පොඩිම පොඩි හේතුවක් ඇති
සෝශල් එකලට හූ කීම
අලුතෙන් ආපු කෙල්ලෙක් එක්ක හොරා යාලු වීම
මැච් එකක හොර කිරීම
ඔය ඕනෙම එකක් නිසා පොඩියට ඇතින්වෙන වලිය දින තුනකදි මහ විශාල යුද්ධයක් වෙනවා

තිත්ත පැණිWhere stories live. Discover now