ep 57

2K 382 18
                                    

Ep 57
නිල්පාට ස්විමින් පූල් එකේ වතුර නිසන්සොල්මනව තියෙනවා
මමත් සුලාත් ක්‍රිශ් එකම තැන වාඩිවෙලා හිටියෙ ෆ්‍රී ස්ටයිල් පීනන තරගෙ පටන්ගන්නකන්
මොන ස්ටයිල් එක තිබුනත් අපිට කෝටකටත් තෙයිලෙ වගේ හැම එකටම දාන්න හිටියෙ චාරු විතරයි
අපේ වටේට චාරුගෙ නම කිය කියා ඔල්වරසන් දෙන අපේ ෆැකල්ටියෙ අයියලා අක්කලාගෙන් පිරිලා තිබුනා
මම හිටියෙනම් එයාට වැඩිය බය වෙලා
චාරු මොනව හරි තඩගෙකෆ යද්දි මම එයාට වඩා හිත යටින් බය වෙනවා
ප්‍රේක්ශකයො අතරෙ බය වෙලා සීතල වෙලා ඉන්නවට වඩා හොදයි එයත් එක්කම පූල් එකට පැනලා පීනන්න තිබුනනනම්
එක එක ෆැකල්ටියෙ තරග කාරයන්ගෙ නම් කියද්දි ඒ ඒ තරග කරුවා චේන්ජින් රූම් එක ලග තිබුන බෝඩ්ස් අතරින් එලියට ඇවිත් වටේ බලන් ඉන්න අයට අත වනලා ආචාර කරනවා
ෆ්‍රී ස්ටයිල් ෆයිනල් නිසා ග්‍රවුන්ඩ් එකේ වෙන තරග නෑ...ගෘහස්ත ක්‍රීඩාන්ගනෙත් තරග නවත්තලා
හැම තැන්ම ඇවිද ඇවිද හිටියහැමෝම පූල් එකට පිරිලා....ප්‍රේක්ශකා ගාරයෙ ඉඩක් නෑ
අපේ ෆැකල්ටියෙ නම කියද්දි චාරු ආවා
මම අරන්දීපු සුදුයි තැබිලි ස්විමින් කැප් එකයි
රිදී තැබිලි පාටට දිලිසෙන ගොගල්ස් දෙකයි
ෆැකල්ටි ජර්සි එකට දම්පාට බොට මක් ගහලා
ස්ලිපර්ස් දෙකක් දාගෙන
එයාට තිබුනෙ 4 වෙනි ලයින් එක
එතැන බෑග් එක තියපු එයා ...උරලා බොන බෝතලෙන් වතුර එක අරන් බොන ගමන් වට පිටේ බලනවා...මම ඉන්න තැන හොයන්න වගේ
මම නැගිටලා ඇගිලි තුඩුවලින් ඉස්සිලා කෑ ගැහුවම එයා මට අතක් වනලා හිනා උනා

තැබිලිපාට ජර්සිය ගැලවිලා එයාගෙ රත්තරන් පාට පැතලි සරීර කූඩුව එලියට එද්දි මම නොසන් සුන් උනා
එයාගෙ මට විතරක් දකින්න ඕනෙ ශරීරෙ අජික් අයත් දකිනවනේ මට ඉ රිසියාවක් ආවා
ශර්ට් එක නැතුව බොටම පිටින් ස්ට්‍රෙචින් එකසයිස් කරලා එයාගෙ ලීන් මසල්ස් ටිකක් විතර අවට අයට ප්‍රදර්ශනය කරා
බොටම් එකත් ගලවද්දි මම තෝරපු තැබිලිපාට චූටි ස්විමින් ට්‍රන්ක් එක ඇගටම ඇලිලා තිබුනා
"අමෝ එයා ඒකට මාර සෙක්සිනේ...උබද සුලා තෝරලා දුන්නෙ"
"නෑ...අනේ මේ එයාම ගිහින් කොහෙන්ද අරගෙන...ඒක ටිකක් කොට වැඩී වගේ නේ...ඒත් එයා වෙනද කොට ඒවා අදින්නෙ නෑ" සුලා ක්‍රිශ්ට කියුවා
"කොල්ලට ඔච්ච සෙක්සි ට්‍රන්ක්ස් ගහන දෙන්න එපා උබට බූට් එකක් වදීද දන්නෙ නෑ වෙන කවුරු හරි උස්සන් යයි...මටත් හිතිලා තියෙන්නෙ ...මේ මැටව අත ඇරලා ...චාරුව දාගන්න...එයා හරි කියුට් අනා" ක්‍රිශ් මට විහිලු කරා
"ඕයි සුලා...උබට ලේසි වෙන්නෙ නෑ...අරූ කෙල්ලො පිස්සු වට්ටල දැන්...පෝලිමේ පස්සෙන් එයි...උගේ සුදු ...අපිටත් වඩා සුදුයිනෙ හලෝ...මොකද උබ බ්ලීචින් පවුඩර් ගාලා අතුල්ලනවද?" අපිට එහායින් හිටපු බියන්කලා...මලිතිලා හිනාවෙවී ඇහුවා
"ඒයි සුලා මොකක්ද බන් අර එයාගෙ පපුවෙ වම් පැත්තෙ තියෙන්නෙ පැල්ලම...බල්ලෙක්වත් කාලද?"" ක්‍රිශ් ඇගිල්ල දික්කරලා සුලාට පෙන්වනවා චරුගෙ නොපල් එකක් වටේ තියෙන පැල්ලම
"අනේ මන්දා ඒ...ඔය කොහේ හරි වද්ද ගෙන වෙන්න ඇති"
"අපි උදේ ප්‍රැක්ටිස් කරන කොට තිබුනෙ නෑනෙ"
"පවු අනේ...පීනලා ඉවර උනාම ක්‍රීම් ටිකක් ගන්න ඕනෙ...මදුරුවො කාලද මන්දා" සුලා දුක් සහිතව කියුවා
අයිස්ක්‍රීම් කන්න ගිහින් කිරි උරපු සිද්දිය දන්න මන් දිව ගොලුවෙලා උඩ බලන් හිටියා

තිත්ත පැණිWhere stories live. Discover now