තිත්ත පැණි එපිසොඩ් 09

3.7K 584 55
                                    

Ep 09
චාරුකයා ගහ දිගේ ලිස්සලා එනකොට මට මාරාවේ උනා
තට්ටු 3ක් උස බිල්ඩිමේ නගින්න ගිහින් මූ වැටුනනම්
මෙතනට ඕනෙම වෙලාවක සික්කො එන්න පුලුවන්...ආවොත් මූට දුවාගන්නයි හැන්ගෙන්නවත් බෑ
මම් තියෙන තරහට ගහ යට හිටපු චාරුක බෙල්ලෙන් අල්ලා කෙලින් කරා
"ඌයි අදින්න එපා රිදෙනවා" මේකා කෙදිරිගානවා
ගහයටින් මෙහාට ගෙනත් බැලුවම පිට දිගටම හීරිලා
මුනින් අතට ගහ බදාගෙන පහලට එන්නෙ නැතුව ම්‍යන මගුලක් කරාද මූ පිට පැත්තට රූටලා එන්න
සුදුපාට පිට පුරා...කොටියෙක් පහුරු ගාලා වගේ හීරීම් ලකුනු
සමහර තැන් වල ලාවට ලේ එනවා...සමහර තැන් වල රෝස හාම් මතුවෙලා

"උබට මොන කැහිල්ලටද ලබ්බ මේක අස්සට රින්ගුවෙ...තේරෙන සින්හලෙන් කියුවනේ හොස්ටල් යන්න කියලා"
"බනින්න එපා බන්...මට ඕනෙ උනේ මම ගෑනියෙක් නෙමෙයි කියලා ඔයාට ඔප්පු කරන්න"
එයා ඒ කියපු දෙයින් මගේ පපුවෙ අකුනක් ගහනවා වගේ දැනුනා

"මොන කෙහෙල්මලකටද උබ එහෙම එකක් ඔප්පු කරන්නෙ" මගේ තරහ නිවිලා අනුකම්පාසහිත කටහඩකින් ඇහුවෙ මට චාරු ගැන ගොඩක් දුක හිතුනා

"ඔයා මම ගැන වැරදියට හිතුවොත්"

"උබයි මම ගැන වරදියට හිතන්නෙ මම...හැම දාම උබව තේරුම් ගත්තා ""..මම චාරුගෙ කොන්ඩෙ රැදිඅලා තිබුන වේලුන කොල අයින් කරලා එයාගෙ අවුල් උන කොන්ඩෙඇගිලි තුඩුවලින් හදන ගමන් කියුවා

අවුච්.... කොන්ඩෙ තුබුන රොඩු කැල්ල්ක් චාරුගෙ ඇහැට වැටිලා
චාරු ඇහැ අල්ලගෙන අනික් පැත්ත හැරුනා
"ඇහැට රොඩ්ඩක් ගියානෙ මම අයින් කරන්නම්" මගේ ලේන්දුවෙ තුඩ අරියෙන් පිහිදාල කුනු කෑල්ල ගත්ට්ගා
ඒ වෙලාව පුරාම චාරුගෙ ඇස් දෙක කදුලෙන්පිරිලා...
ඒ තොල් පෙති සිපගන්නට මට ඇයි තහනම්
මම මගෙන්ම අහගත්තා
"ඔය කදුලු පිහිදගනින් සුද්දා" මම මගේ ලේන්සුව එයාට දෙනගමන් කියුවා
මේ වෙද්දි අනික් උන් දෙන්නා කුකුල්ලු අට දෙනෙක් අල්ලලා... දෙන්න දෙන්නා ගැට ගහලා
උන් කලින්ම ලනුත් අරගෙන ඇවිත් තියෙන්නෙ කුකුල්ලු බදින්න

"මෙතන වැඩි වෙලා ඉන්න බෑ...සික්කො ආවොත් කෙලවෙනවා...අපි කුකුල්ලු ජෝඩුව ගානෙ ගත්තා..හොද උන් බලලා...තටුයි කකුලුයි ගැට ගහලා තියේන්නෙ දගලන්න බැරි වෙන්න...මේ වගේ ඉන වටේ ලනුවක් බැදලා...කකුල් දෙක බැදපු ලනුවෙන් එල්ල ගනින්...එතකොට ගහ දිගේ නගින්න ලේසී..අත් දෙක ෆ්‍රී තියාගන්න පුලුවන්...මුන්ව වැඩිය සද්දකරවන්නෙ නැතුව ඉක්මනට එනවලා"
බට්ටා..යුද බිමේ මිශන් එකකට ගිහින් වගේ අනදීලා...අනික් එකා එක්ක ගහදිගේ වහලට නැග්ගා""

තිත්ත පැණිWhere stories live. Discover now