ep 146

2K 295 37
                                    

Ep 146
චාරු මහත්තයෝ...මේ දොර අරින්න
කෝ එන්න අපි යමු අපේ ගෙදර
මට එන්න අරින්නකෝ ...හොද ලමයනේ
එන්න අපි මේ ඔක්කොම දාලා යන් ...
ඔයා දන්නවනේ අපේ ජීවිතේ තියෙන්නෙ ඇමරිකාවල
අපි මොනවද කරලා තියෙන්නෙ අපිට මනවගේ අනාගතයක්ද තිහෙන්නෙ
කියන එක ඔයා දන්නව සුදූ
එන්න අපි නොගෙන්නම යන්
....මම ටිකක් වැඩිපුර හයියෙන් දොරට ගහලා කෑගැහුවෙ
චාරුගෙ තාත්තටත් ඇහෙන්න
මොකද මට මිනිහගෙ මූනට කියන්න බැරුව තිබුනා
මම මොනට්නරම් ආදරෙන් මොනතරම් පරිස්ස්මට මගේ චාරුව බලාගන්නවද
මම එයාට මොනතරම් ආදරේද
මේ ලෝකෙ කිසි කෙනෙක්ට දෙන්න බැරි තරම් ආදරයක් රැකවරනයක් මම එයාට දෙනවා කියන එක එයගෙ අප්පච්චිට ඒත්තුගන්වන්න ඕනෙ නිසා මම දොරට තව්හයියෙන් ගහලා කෑගැහුවා
මගේ හිතේ තිබුනෙ ලොකු දුකක්
පවු මගේ චාරුව හොදටම් අපහසුතාවෙට පත්කරා
එයා එහෙම චාටර් වෙන්න ඕනෙ මනුසයෙක් නෙමෙයි
ඇමරිකාවල අපේ යුනිවසිටි එකේ හොද තැනක් තියෙන ගෞරවනීය පුද්ගලයෙක්
මතක ඇති කාලෙක චාරුට අඩන්න පසුතැවෙන්න මම ඉඩතිබ්බෙ නෑ
මානෙල් මල් පෙත්තක රැදුන සමනල පිහූටුවකට වැටුන පුන්චි පිනිබින්දුවක් වගේ හරිම පරිස්සමට ආදරෙන් මම එයාව බලාගත්තෙ

මුලදි මම ඒතරම් ගානකට නොගෙන දොරට ගැහුවෙ චාරු ඉස්සර කැම්පස් යන කාලෙදි ඔහොමතරහ අරගෙන රූම් ර්කට ගිහින් මාව එකියට දාලා දොරවහගෙන සින්දු අහන නිසා
අදත් හිතේ තරහ යන්න දොර වහන් ඇදට වැටිලා ඇති කියලා හිතුනා
ඒත් ගොඩක් වෙලා මාව දොරලග තියල එයා මෙහෙම රූම් එකට වෙල ඉන්නෙ නෑ
අනෙක එයාගෙ අප්පච්චි කොටිහපුවා දෙමල ෆිල්ම් එකක දුශ්ඨ් න්ළව වගේ දත් මිටිකකා සාලෙට වෙලා ඉද්දි චාරු මාව මෙහෙම එයාගෙ කාමරේ දොරලග තනිකරන එකක් නෑ

උබලට මම් කියුව මුලින්ම චාරුලගෙ ගෙදර ගිය දවසෙ චාරුලගෙ ගෙදර කාමර හදලා තියෙන්නෙ ගඩොල් පේලි හය හතක් ඝනකමටයි
ඒවගේම දොරවල් ලේසියෙ හොල්ලන්න බැරි අලි පන්සල් දොරවල්
මම කොයිතරම් කෑගැහුවත් එයාට ඇහෙන්නෙ නෑ සවුන්ඩ් පෲෆ් බිත්ති විනිවිදගෙන මගේ ශබ්ධය යන්නෙ නෑ
මට මහ මූසිල හැගීමක් ආවා
එයා මගෙන් ඈත් වෙන්න යනව වගේ දෙයක්
මම දන්නෙ නෑ ඒවගේ හැගීමක් මට කොහෙන් ආවද කියලා
ඒක නිකන් බෙල්ලදිගේ පහලට කරන්ට් එකක් යනව වගේ දැනීමක් මගෙ සියොලග සලිත උනා
දොර කඩන්න ඕනෙ එයා අරන් මම මෙහෙන් දැම්ම යන්න ඕනෙ මගේ හිත මට බල කරා
මම ඝනකම තඩි දොරට අත් දෙක ලෙලියනකන් ගහගෙන ගහගෙන ගියා
"මේ අයිසෙ චාරුකට එයාගෙ පාඩුවෙ ඉන්න දීලා ..ඔහේ යනවා...මගේ ලමයා හදගාන්න මම දනන්වා
ඒ ලමයගෙ ඔලුවට මනස්ගාත පුරවලා මගේ දරුවා පිස්සු වැට්ටුවෙ තමුන්
යනවා යනවා
චාරුක තරහ අඩු උනාම එයාගෙ වැරද්ද තේරුම්ගනීවි
මගේ ගෙදර දොරවල් කඩන්නෙ නැතුව යනවා"
"අනේ ප්ලීස් අන්කල්
චාරුක ඇතුලෙ මොනව කරනවද දන්නෙ නෑ
එයා ජීවිතේට හානියක් කරගත්තොත්
අනේ ප්ලීස් අන්කල් මට එයා ගැන බයයි
මම යන්නම්...මම චාරුක දාලා යන්නම් ...ඒත් එයා ඇතුලෙ හොදින් ඉන්නවද කියන එක දැනගන්න ඕනෙ මට
මේ දොර අරින්න උදවුවෙන්න
එයාට මම කියන දේ ඇහෙන්නෙ නැතු ඇති"

තිත්ත පැණිWhere stories live. Discover now