ep 115

2.2K 339 22
                                    

Ep 115
කාලය මිටින් හල කුරුල්ලෙක් වගේ
එහේ බලලා මෙහේ බලනකොට ගෙවිලා ඉවරයි
අවුරුදු තුනහමාරක් ගියවේගෙ
මේ කැම්පස් එකට අඩිය තියලා අද ඊයෙ වගේ තාම මතක
සෙමෙස්ටර් 5ක් ඉවර කරාද කියලවත් මතක නෑ
ආයෙ ආයෙ කියුවෙ නැති උනාට පල්වෙනි අවුරුද්දෙ ආපු රස බර සිද්දි ආයෙ ආයෙ හැම අවුරුද්දෙම ආවා
කලා උලෙල , ඉන්ටර්ෆැකල්ටි ගේම්, බැච් ට්‍රිප් අවුරුදු උත්සව වෙසක් දන්සැල් , චන්ද හැම එකම නොනැවතී එනව
එකම වෙනස අපි ඒවට කොයිතරම් උනන්දුවෙන් සහබාගි වෙනවද කියන එක වෙනස් උන එකයි
පලවෙනි වසරෙදි අපි ඒවා අපේ වගකීම් කරගත්තා
කන්ඩායමක විදියට මේ හැම දෙයක්ම අපි හරියට කැපවෙලා කරන එක අපේ යුතුකමක් විදියට සැකකුවේ
ඒ දාවස් වල අපි හිතුවෙ
අපි තමයි කැම්පස් එකට ආව හොදම බැච් එක
සීනියර්ස්ලා හරිම ආත්මාර්තකාමී
කිසිම පොදු වැඩකට උදවුවෙන්නෙනෑ
අන්තිම මොහොතෙ බොරුවට ඇවිත් පෙනිලා යනවා
අපීනම් කවදාවත් එහෙම වෙන්නෙ නෑ...අපි අපේ බැච් ෆිට් එක මැරෙනකන් එනස් නොවීතියන් ඉන්නවා
ඒක හීනයක්
අපිට නොදැනිම ඒක වෙනස්වෙලා යනවා
මුලින්ම හිතුනෙ...ඔය පොදු වැඩ වලට අපිම නහින්න ඕනෙද
හොදට රැග් කරලා හොද ජුන්නො ටිකක් හැදුවෙ ඕකට තමයි
දැන් උන්ගෙ වාරෙ
අපි අපේ වැඩ කරලා ඉවරයි දැන් උන්ට වගකීම් අබාරදෙන්න ඕනෙ
උන් කටු කාපු දෙන් උන් බර ඇදපු දෙන්
මේ අපිට නිදහස් වෙන්න කාලෙ
ඒ සිතුවිල්ල ආරෙට එන ලෙඩක් වගේ
ගිය අවුරුද්දෙ ඔය අමාරුව සීනියර්ස්ලට හැදුනා
ඊට කලින් අවුරුද්දෙ සුපර් සීනියස්ලට හැදිලා තිබුනා
මේ අවුරුද්දෙ අපිට හැදිලා
හැමෝම කතා කරගෙන වගේ පොදු වැඩ වලින් කර අරිනව
ඩයිනට උනත් කරන්න දෙයක් නෑ
ඌ කියන්නෙ අපිට වයසට යන එක මැරෙන එක නවත්වන්න බෑවගේ
කැම්පස් එකේ බැච් වලට මෙහෙම හිතිලා අපි අපිම දුරස් වෙන එක වලක්වන්න බැරි දෙයක්
ලමයි උනත් එක වයසකට ඇවිත් උන්ට ඕනෙ විදියට හැසිරෙන්න ගත්තම තාත්තට අමම්ට ගුටිගහලා හදාගන්න බැරි වෙනවා
කැම්පස් වලත් එහෙමම තමයි
බැච් එක ඒකෙ නායකයට සීයට සීයක් අවනත වෙන්නෙ පලවෙනි දෙවැනි අවුරුදුවල විතරයි ඊට පස්සෙ උන්ට බල කරන ගියොත් නායකයා මෝඩයා වෙන එක වෙන්නෙ
මිනිස්සු වයසට යද්දි දේපල ඊලග පරම් පරාවට බාර දීලා ඒවා රැක බලාගන්න හැටි කියල දීලා පිනක් දහමක් කරගෙන යන ලෝකෙකට වැඩ කරගන්න ඕනෙ...අපේ සීයත් එහෙම කියුවා
ඒක මැරෙන්න කලින් කැම්පස් එකෙන්ම තේරුම් ගත්තා
අපි අපේ තැන ජූනියර්ස්ලට දීලා කැම්පස් එකෙන් ගියාම කරන රස්සවට ඕනෙ කොලිෆිකේශන් වර්දනය කරගන්න ඕනෙ
ඒක අපේ ජූනියර්ස්ලා අපේ අපේ ආත්මාර්තකාමීත්වය වගේ දකින්න ඇති
අපිත් පලවෙනි වසරෙදි අපේ ජේශ්ඨයන්ට ඔය විදියටම චෝදනා කරා
මට හොදට මතකයි කලා උලෙලට උන්ගෙ බැච් එකෙන් කිසි සපෝට් එකක් නෑ කියලා මම ගරා යාකා අයියට බැන්නා
ඒ වෙලාවෙ ඌමට කියුවා
මල්ලි බැච් ෆිට් එක කියන්නෙ මායාවක් ...පලවෙනි දෙවැනි අවුරුදුවල හිත රවට්ටන

තිත්ත පැණිWhere stories live. Discover now