ep 122

2.5K 332 46
                                    

Ep122
"කෝ දෙන්න මාත් බාගයක් මාක් කරන්න""
"එපා ...ඔයා ග්‍රවුන්ඩ් එකේ මහන්සි වෙලානෙ ආවෙ...මම මේ ටික බලලා නිදියන්න එන්නම් ඔයා නිදාගන්න"
"බෑනෙ ඔයා නැතුව නින්ද යන්නෙ නෑනෙ දැන්
දෙන්නා එක්කම බලලා ඉක්මනට ඉවර කරමු
එතකොට දෙන්නටම නිදියන්න පුලුවන් ඉක්මනටම"
"අයියෝ බලන්නකො අප්ප මේ ලියපුවා
මේ මලජරා එසයින්මන්ට් උඩම වමනෙ දාන්න හිතෙනව
මුන්ට උගන්නවට වඩා හොදයි වතුර කලයක් අනික් පැත්ත හරවලා වතුර ඇදලා දානව..අන්තිමේ කිසි දෙයක් ඉතුරුවෙලා නෑ
ඔයත් හොදටම ප්‍රැක්ටිකල් එකේදි කියල දුන්නනෙ
මටත් පුලුවන් උපරිමේට කියලා දුන්නා
මැඩම් හිටියනම් මේවයෙන් දශමයක් කියල දෙන්න දෙන්නෙ නෑ
එයලට හොයාගන්න කියලා මාතෘකා ටික විතරනේ දෙන්නෙ
දැන් අපි කොටලා මිරිකලා පෙවුවත් ඒකවත් ඇගට අරගෙන නෑනෙ
මේ බලන්නකො මේ එසයින්මට් එකේ පිටු 35ක් තියෙනව ඒකෙන් 32ක් ම ගැරට්ගෙ ග්ලූකොගෙනසිස් පොතෙ එහෙම්ම කොපි ගහපුවා
ඒකත් එකෙක් කරානම් කමක් නෑ මෙතන තියෙන එසයින්මන්ට් 25ම එකම වගේ කොපි ගහපුවා
නෑ මම කියන්නෙ අඩුම තරමෙ ගැරට්ගෙ පොත කියවලා ඒකෙන් අදහස අරන් එක පිටුවක් ලියපන්කො තමන්ගෙ වචනෙන්...එහෙම ලියුවනම් මම 40ක් වත් දෙනවා මේකටනම් ඔතින් බින්දුවයි දෙන්න වෙන්නෙ
දැන් මම එකසිය පනහක් බැලුවා එකම එක කෙල්ලෙක් විතරයි පොඩ්ඩක් හරි ප්‍රශ්නෙ තේරුම් අරගෙන ලියලා තියෙන්නෙ
ඒකිත් පොත් පහ හයකින් අරගෙන කොපි පේස්ට් කරලා
ඇයි අනේ මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ පොතින් පොතට ඉන්ග්‍රීසි වෙනස් ඒවා එකට එකක් අලවල සැලඩ් එකක් හැදුවම හරිම කැතයිනේ
මේ පොත් ඔක්කොම කියවලා තමන් අදහස තේරුම් අරන් ඒක තමන්ගෙ දෙයක් වගේ ලියන්න එපැයි

"මුන්ට සින්ගලෙන් ලියපු ඉබ්බයි හාවයි කතාවවත් උගන්වන්න ඕනෙ එක එක තැන් වලින් කපලා අරන් ඔහේ ඇලෙවුවම මොන තරම් කැතද කියලා පෙන්වන්න""
"ඒ මොකද්ද ඒක මම දන්නෙ නෑනෙ"
"" අපේ අප්පච්චි ඉස්සර මට දීපු කොලේක තිබුනා දැන් මට ඒක මතක නෑ
ඒත් මේව්ගේ වාක්‍ය රටා කීපයක් මික්ස් කරලා එක කතවාක් ලියල තිබුනෙ, මම නිකන් පොඩි එකක් දැන් හිතලා කියන්නම්කො
1. යටගිය දව්ස එක්තරා මහා විලෙක එක් සියක් වයෝවෘද් වූ ඉදිබු රාජයෙක් ස්කීය කැමැතෙන්ම කලල්දියේ බැස තුටින් දිය කෙලින සමයේ සුදෝසුදු හිමකිරම පුන්ජයක් වැනි ස්වේත සාවෙකු එම කුලේ ඉපිද තම ජන්ම පුරුදෙන්ම පැන් පැන එන කලෙක ඉදිබුවා ස්මග ස්ම්මුඛවිය
2. නිකන් කට තියන් ඉන්න බැරි හාවා උගේ පස්සෙ අනාරුව හින්ද ඉබ්බගෙන් ඇහුවා ඒයි බ්‍රෝ වරෙන් දුවන්න...මම තමයි යකෝ හොදටමම්කරන්නෙ...දැනගනින් බේසික් පුතා තොට දෙන්නෙ රෙද්දි ගූ යන්න
3. ඉබා සිතුවේය. හාවා ඇහුවේය. දෙදෙනා දුව ගියහ. සාවා නිදාගත්තේය, ඉබ්බා දිගටම ඇවිද්දේය. අපි බලාසිටියෙමු. මම අත්පුඩිගැසුවෙමි. ඉබ්බී ඔල්වරසන් නැගුවාය. සෙසු හාවෝ ශෝකයට පත්වූහ.
4. සිහන්හයා විසින් ඉබ්බා කුසලානයෙන් පිදුම් ලැබුනි. හාවා විසින් ඉබ්බාට සුභපැතුනි. සත්වයන් විසින් හාවා සදහා හූ කියවුනි. ""
"ආඅ ඒක මරු ...ඕක මට කලින් උගන්වලා තිබ්බනම් මම උනත් අහු උන තැනලින් කපලා අලවන්න කලින් දෙසැරයක් හිතනව
ලබන පාර ලෙක්චර් එකේදි ඔයා එසයින්මට්වල වැරදි පෙන්වද්දි ඕක කියන්න ලමයින්ට"

තිත්ත පැණිWhere stories live. Discover now