ep 24

3.8K 522 62
                                    

Ep 24
චාරුවා බෙහෙත්දාගෙන ආවා...පිටින් ලොකුවට පේන්නනම් මුකුත් කරලා නෑ...ඇතුලෙන් තුවාලද දන්නෙනෑ
මට එයාගෙ දුක සැප බලන්න යන්න විදියක් නෑ
සුලක්කනා යකාවගේ මගේ ඇගට කඩන් පනිනවා
පුදුම විදියට අසරණ උනා වගේ දැනුනා
තමන් ආදරේ කරන කෙනා ඇස් මානයේ කරදරේක වැටිලා ඉද්දි එයාගෙ දුක් සැප බලන්නවත් විදියක් නැති නිසා කොහොමවත්ම එයාට උදවුවක් කරන්න බැරි නිසා හිතට එන දුක මට තදින්ම දැනුනා.
බස් අටම කෑම කන්න පරන ඉස්කෝලයක් ලග නැවැත්තුවා
අපි මේ ගමන දාගෙන තිබුන එක දිගට දවස් 4ක් නිවාඩු එන ලෝන් වීකෙන්ඩ් එකක

සිකුරාදා යනවා...සෙන්සුරාද ඉ රිදා වැඩ...සදුදා කට්ටියට රෙදි හෝදලා රෙස්ට් කරලා අගහරුවාදා ඉදන් ලෙක්චර්ස් යන්න පුලුවන් කරදරයක් නැතුව
ඒක ලොකු ඉකෝලයක් අද කවුරුත් නෑ පන්ති කාමර් පාලුවට ගිහින්
අපේ උන් දෙතුන් දෙනෙක්ම මේකෙ ආදිශ්ෂ්‍යයො ඒකයි මේක තෝරගෙන තිබුනේ
ඩයිනා බස් එකෙන් බස් එකට කෑම පෙට්ටි බෙදුවා
බස් එකේ උන් ඒ කෑම පෙට්ටිවල තිබුන පාර්සල් එකි නෙකා බෙඳගත්තා
මේවත් මේ ඵෙත්තෙම කඩේකට් කියල අපේ එකෙක් හදවලා තිබුන
අනික් උන් නම් පොර කක චිකන් මාලු බිත්ත වෙගිටබල් තෝර තෝර කැම පාර්සල් ගත්තා
ඒත් මට කෑම විතරක් නෙමෙයි මේ ඔක්කොම ත්තිතවෙලා තිබුනෙ

ඝෝශාකාරී අනික් උන්ගෙන් මිදිල මම ඉස්කෝලෙ පරන බිල්ඩින් අතරෙන් ඔහේ හිස හැරුන අතේ ඇවිද්දා
රතුපාට කහපාට කොල පාට කොකෝවා පිරිලා තිබුන ගහක් ලග කියවීම් ශාලාව කියලා ගහලා තිබුන බිල්ඩිම ලග මම නැවතුනා
ඒකෙ බිත්තියෙ පොඩි ඉස්කෝලෙ යාන් කොල්ලො දෙන්නෙක් හිනාවෙවී ඉන්න චිත්‍රයක් ඇදලා පාට කරලා තිබුනා
ඊට උඩින් ලියලා තිබුනා

මිතුරුන්තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූමෙන් පිටු නොපායතී

ඒ පොඩි උන්දෙන්නා මට පෙනුනේ මමයි චාරුයි වගේ
ආදරේට නෙමෙයි යාලු කමට
ලවුකරන්න නෙමෙයි...දුක සැප හොයලා බකන්නවත් හිටිය හොදම යාලුවා නැති උනා කියල දැනුන නිසා මම් බිත්තියෙ තිබුන රූපෙ ට ඔලුව ගහගෙන ඇඩුවා
පරිසරය ලොකු සද්ද බද්ද තිබුනෙ නෑ...ම්ම් තනිවෙලා හිටපු නිසා මට මිනිස්සු මැද්දෙ තනි එනවට වඩා සැපක් දැනුනා
මිනිහෙක්ට වෙන්න පුලුවන් ලොකුම ප්‍රශනයක්..දෙනෝදාහක් මිනිස්සු අතරෙ තමන්ට් කාත් කවුරුත් නෑ කියල හිතෙන එක...එහෙම නැත්තන් වටේ පිටේ ඉන්න කිසිම කෙනෙක් තමන්ට් ආදරේ නෑ තමන්ව ගනන්ගන්නෙ නෑ වෙනස් කරලා සකනවා කියලා හිතෙන එක..තමන් අනික් අයට වඩා වෙනස් ...ඒ වෙනස නිසා තමන් අනික් අයට වඩා පහත් කියලා හිතෙන එක

තිත්ත පැණිWhere stories live. Discover now