ep 88

2K 359 28
                                    

Ep 88
බස් එක කෙලිනම් ජපුරට ගිහින් නැවැත්තුවා
ජපුරෙ උන් කැන්ටිමේ කිරිබත් රෙඩි කරලා කාලා යන්න
අපේ බස් නවයක දහයක සෙනග
ජපුරෙනුත් ඒවගේම සෙට් එකක් එකතුවෙලා හිටියා විජේරාමෙ හන්දියෙ ඉදලා කැම්පස් එක දිගටම
මුලින් සහෝදරවරු අපේ සෙට් එක පේලියට හැදුවා
දෙයියා මම බොදන්න තව උස මහත බමුනො වගේ රැවුල කොන්ඩෙ වවපු අන්කල්ලා සයිස් එකේ සහෝදරවරු පහ හයක් එක්ක මම ඉන්න තැනට ආවා
"සහෝදරයා මෙන්න මූ තමයි සෙට් කර්ලා හිටියෙ...ඇගෙයි මූනෙයි හැටියට නියමෙට ගැලපෙනවා වැඩේට ...ඒත් මේ බලන්නකො මූන විනාශ කරගෙනනනේ ඒකයි මම ඊයෙ රෑම කතා කරලා කියුවෙ"
"ම්ම්ම් ඔවූ මූව ඉස්සරහට දාන්න බෑ...නුගේගොඩදි මීඩියා බ්‍රීෆ් එකක් තියෙනවා...අපි කියලා තියෙන්නෙ ඉස්සරහා ලීඩ් කරන එකාගෙ කෝලෝස් අප්ස් ගන්න ...නුගේගොඩ ෆ්ලයිඕවර් එක උඩ ඉදලා ඈතට විහිදෙන ශිෂ්‍ය ගග වීඩියෝ වෙනවා...ඩ්‍රෝනා එකකින්
පස්සෙ කැමරාව ලන් කරලා ඉස්සරහම යන එකාගෙ මූන ලගටම වීඩියෝ වෙනවා
දැන් මුගේ මූන ඉස් ඉසෙල්ලා ටීවී එකේ පෙන්නුවිත් මිනිස්සු හිතයි අපි මැරයො ගෙනත් පිකට් කරනවා කියලා
බැලු බැල්මට හැන්ඩ්සම් කොලු පෙනුමක් තියෙන
ඒත් ඩීසන්ට් හොද කොල්ලෙක් වැඩේට ඕනෙ ...දැන් මූව හරියන්නෙ නෑ සහෝදරයා"
"ඒක හරි සහෝදරයා මම මූව පිකට් එකේ මැද හරියෙ යවන්නම් වැඩිය හයිලයිට් නොවෙන්න ...පොස්සටර් එක දුන්නනම් හරිනේ මූන වැහෙන්න අල්ලගන්න...එතකොට මුගෙ කැලල් පේන්නෙ නෑ...මුගේ කදනම් සුපිරි...මූන වැහිලා කද විතරක් පෙනුනම ලස්ස්න කොල්ලෙක්ගෙ මිනිස්සු හැරි හැරි බලනවා..ටීවී එකනම් ආයෙ ආයෙ බලනවා මූන බලාගන්""

"හදිස්සියට අපිට හොයාගන්න පුලුවන් උනේ කැලණියෙ කණයා තමයි ඉස්සරහින්ම යවන්න...මූ තරම් ඇග නැති උනාට රතයි පෙනුමයි නිසා ...මිනිස්සුන්ගෙ ආකර්ශ්නේ ලැබෙයි...ඒත් ඌව අපිට මූව යොදාගන්න ඉදපු වැඩේට යොදාගන්න බෑ...මොකද කණයා අපේ හොද ක්‍රියාකාරී සාමාජිකයෙක්....මම කියන්නම්
පෙරහැරේ යන අලියා කනයා
කොටන් අදින අලියා මූ
...කෝක වෙතත් ශෝදරයා...මූව ඉස්ස්‍රහින් දක්කගෙන වරෙන්
කොහොම හරි ටවුන් හෝල් එක ලග බැරියර් එකේදි මූ ඉස්සරින් ඉන්න ඕනි"
කලු අලු ගෝසුවෙක් වගේ එකා අපේ දෙයියට මාව පෙන්න පෙන්න කියපු සමහර දේවල් මට ඇහුනා
උන් හිතන්න ඇති ඒ තරම් දුර මට ඇහෙන්නෙ නෑ කියලා
ඒත් හොද වෙලාවට මට උන්ගෙ කතාවෙ අරහෙන් ම්හෙන් වචන ඇහුනා
මොකද්ද මේ අලි කතාව පෙරහැරේ ය න්න එකයි කොටන් අදින්න වෙන එකයි
මුන් මාත් එක්ක ඒ තරම් හිත හොදින් නෙමෙයි ඉන්නෙ
ඒනිසා මොනදේ උනත් සූදානම් ශරීරෙ කියලා ඇග බේරගෙන ඉන්න ඕනි
ඊයෙ ඩයිනා මට කරපු අනතුරු ඇගවීම් එක්ක මගේ පුටකොන්දෙන් පොඩි විදුලියල් ඇවිත් මයිල් කෙලින් උනා
හිත සනසගන්න තිබුන එකම දේ මට මීටර් කීපයක් එහායින් ඩයිනා ඉන්නව අද්‍යපනයට අයවැයෙන් 6%ක් වෙන් කරන්න කියන බෝඩ් එක උස්සගෙන
මොනා උනත් ඩයිනා මාව බලාගනී කියන පොඩි ආරක්ශාකාරී හැගීමක් ආවා
ඒත් මම ඌ දිහා කෙලින් බලලා කතා කරේ නෑ
ඩයිනා කොහේ ගියත් යාලුවො හදාගන්න දක්ශයි
දැනටම ජපුරෙ කොල්ලො සෙට් එකක් එක්ක ෆිට් වෙලා උන්ගෙ එකෙක් වගේ කයිය දාගෙන ඉන්නවා
මම වැඩිය කාත් එක්කවත් බ්‍රැකට් වෙන්නන්ගියේ නෑ
මේ විරූපි මූන දීලා කාත් එක්කවත් ලැජ්ජවක් නැතුව කතා කරන්න බෑනෙ

තිත්ත පැණිWhere stories live. Discover now