ep 69

1.8K 209 0
                                    

Ep 68
කවුරු හරි කෙනෙක් මේක විහිලුවක් වගේ දකිනවනම් කරෞනාකරලා මෙතැනින් එලියට යන්න පුලුවන් දොර ඇරලා තියෙන්නෙ
ආයෙ ආයෙ කියන්නෙ නෑ....පිලිවලට කරගෙන යන්න ඕනෙ
සීරියස් විදියට හිතන්න
මොකද අපි මේ සෙල්ලම කරන්නෙ අහින්සක ජීවිත එක්ක
කාට හරි මේක නිසා පර්මනන්ට් ඩෑමේජ් උනොත් අපි කොයිතරම් මහන්සි උනත් අපි ෆේල්
ඒක නිසා මම අද ප්ලෑන් එකක් ප්‍රසන්ට් කරනවා
ඒක විදියට වැඩ කරන්න ඕනෙ
කවුරු හරි ප්ලෑන් එකෙන් පිට යනවනම්,..දෙසැරයක් හිතන්නෙ නෑ
ඌ මගේ හොදම යාලුවා උනත් මේ මිශන් එකෙන් පිටනම් වැඩ කරන්නෙ මම ඌව කපලා දානවා
එහෙම කියලා ඩයිනා මම දිහා ඔරවලා බැලුවා
යකූ මම නීති කඩන්නම උපන් එකෙක් වගේ නේ මූ හිතන්නෙ
ඕපාර ගලක් කපන්න දුන්නම කකුල් දෙක ලෙලි යන්නම කපන්න ඕනෙ මුගේ ලොකු කම් බහින්න"අපේ කොල්ලො එකසිය පනහකට කිට්ටු ගානක් පොඩි කාමරේක ශර්ට් නැතුව ශෝටවල් සරොන් කොට ඇදගෙන
මේසවල් යට උඩ ..වාඩිවෙලා දිගාවෙලා නිදාගෙන
එක එකාගෙ උකුලවල් වලත් වඩි වෙලා උරහිස් වලට ඔලුව තියන් පොදි ගැහිලා ඩයිනාගෙ බන අහන් ඉන්නවා
මොකද ලබන සතියෙ අලුත් නැව එනවා
ඒ එන පොඩි උන් සෙට් එක රැග් කරන්න ඕනෙ අපි නේ
අනික් කැමපස් වල වෙන දේවල් නම් මම දන්නෙ නෑ
අපේ ෆැකල්ටියෙ නම් රැග් එක මාර සැලසුම් සහගතයි
නීති ගොඩයි...බැලුවහම රැග් කන උන් නෙමෙයි
රැග් දෙන අපී අන්තිමේ කට්ට කන්නෙ
උබලා ගොඩක් කැම්ප් කතා කියවලා ඇති රැග් වෙන එකාගෙ කෝනෙන් බලලා
ඒත් ඒ රැග් උන එකාම ඊලග අවුරුද්දෙ රැග් දෙන කෙනාවෙනවා
එතකොට කෝනෙ ඈන්ග්ල් වෙනස් වෙනවා
මට ඕනෙ උනේ රැග් දෙන කෝනෙන් කතාව කියන්න
ඒකයි අපේ රැග් සීසන් එක ගැන වැඩි විස්තර නොකර
අපි රැග් කරපු කාලෙ ගැන කියන්න හිතුවෙ
"මුලින් මම කොල්ලො පස් දෙනෙක් පත් කරනවා රැග් ඉන්ස්පෙක්ටර්ලා විදියට...උන් රැග් එක වෙන හැටි හොදට නිරීක්ශනය කරලා මට රිපෝට් කරයි...කෙල්ලොත් පස් දෙනෙක් ඉන්නවා...
කවුරු හරි පමන ඉක්මවලා යන්න අලිගිත්තේරු වැඩ කරොත්...සිරාවටම ඌට අපි කමිටියෙන් තීරනය කරලා...රැග් එක බෑන් කරනවා
රැග් එක බෑන් කරපු එක්කෙට කොමන් රූම් එකට එන්න තහනම් රැග් යන වෙලාවෙදි...ඒවගේම සෝශල් එක දෙනකන් ...ජුන්නො එක්ක කතාකරන්නත් තහනම් උන්ව රැග් කරන්නත් තහනම්
රැග් බෑන් කරපු එකෙක් ..අපේ අනුදැනුමක් නැතිව රැග් කරලා අහු උනොත් ඌව අලයෙක් කරලා බැච් එකෙන් පන්නලා දානවා
ඌට බැච් මීටින් එන්න බෑ...කුප්පි ගැලුම් කිසි දෙයක්
ඇබෙන්නෙ නෑ...බැච් එකේ උන්ගෙන් නෝට් එකක් ලැබෙන්නෙවත් නෑ..කිසිම පොදු වැඩකට ගන්නෙ නෑ...ලෙක්චර්ස්ලා බැච් රෙප්ට කිය්නව වැඩ ...ප්‍රැක්ටිකල් පොත් එකතු කරන්න් එන්න, ප්‍රැක්ටිකල් එනකොට ගේන්න ඕනෙ ඒවා...වගේ පනිවිඩ කිසි දෙයක් ලැබෙන්නෙත් නෑ...රැග් එකෙන් බැන් වෙන්න කැමති උන් ඉන්නවනම්....නාහෙට අහන්නෙ නැති විදියට රැග් කරපල්ලා..හැබැයි උබලා පැන්නුවට පස්සෙනම් අනේ හුනේ ගාගෙන අඩාගෙන එන්න එපා"
ඒකත් බර කරල ඩයිනා මගේ දිහා බලලා කිය්ණ්නෙ මේ එකසිය පනහෙන්ම ඌට ශුවර් නැත්තෙ මම විතරයි වගේනේ

තිත්ත පැණිWhere stories live. Discover now