ep 102

2.4K 312 33
                                    

Ep 102
චාරු දැන් නාඩා ඉදපන් ...අකැමැති නැත්තන් ස්වැග් ගේ හිතේ තියෙන සැකේ නැතිවෙන්න කියපන් මොකද්ද ...සුලක්කනා ඔය තරම් හදිස්සියෙ ඇවිත් උබෙන් ඉල්ලපු උදවුව...මම ඉන්න තැන ඒක කියන්න බැරි නම් මම යන්නම්...ඒත් උබලා දෙන්න අතරෙ රහස් තියෙන එක නම් හොද නැ...පුලුවන්නම් ඒක ස්වැග්ට කියපන්"
ඩයිනා නැගිටලා යන්න හැදුවා
"එපා ඩයිනා යන්න එපා...මට උබ හොදටම විශ්වාසයි...ඒත් මේක රහසක් විදියට තියාගන්න..ඒක සුලක්කනාගෙ ඉ ල්ලීමක්
මම ස්වැග්ට කියලා තියෙනවා...සුලක්කනා කාලෙක ඉදන් මට පිස්සුවෙන් වගේ ආදරේ කරන්නෙ අනේ
එයාට මාව එපා වෙලා ගියා
ඒකට හේතුව එයා මොනතරම් ආදරේ කරත් මට එයාගැන කිසිම ආදරයක් හිතෙන්නෙ නෑ කියන එක එයාට තේරිලා තිබුනෙ
බොරුවට ඒකට තවත් මහන්සි වෙලා වැඩක් නෑ කියන එකත් එයා දන්නවා
අපිට මේ විදියට මෙලෝ රහක් නැතුව එකට ජීවත් වෙන්න බෑ කියලා එයා මට කියුවා
මම ස්වැග්ට ආදරේ කරනව කියන එක එයාට කෙලින්ම කියුවා
මේ ඌරු තඩියා මට හිරි හැර කරාට මම සුලාට කියුවා ස්වැග් හැර වෙන කිසිම කෙනෙක් එක්ක මම ජීවත් වෙන්නෙ නෑ කියලා
ඒකට ටික දවසක් එයා ගොඩක් අවුල් වෙලා ඉදලා හිටපු ගමන් එයා අයෙ හිනාවෙන්න ගත්තා
මාවත් වැඩිය ගනන් නොගෙන ඔහේ බලා ගත්තු අත බලන් හිනාවෙනව
පස්සෙ නිතරම ෆෝන් එකේ චැට් කරනවා
චැට් කරපු මැසේජ් බලලා හිනාවෙනව
ඔය කාලෙදි තමයි
අපේ බාප්පා දේශපාලනිකව නට්ටන් උන නිසා සුලක්කනාගෙ මාමා එයාගෙ දුව අපේ බාප්පගෙ පුතාට දෙන තීරනේ අයින්කරගත්තෙ
මට සුලාගෙ මාමා කියුව මම කැමතිනම් වෙන තැනක බෝඩ් වෙන්න
කැමතිනම් සුලක්කනා එක්ක දිගටම අන්කල්ගෙ ගෙදර ඉන්න
ඒත් මට එහේ ඉන්න එක මගේ නිදහසට බාදවක් නිසා මම අලුත් බෝඩිමට ආවා
ඊට පස්සෙ සුලා ගැන මම වැඩිය හොයලා බැලුවෙ නෑ
ඒයත් එයා ගැන හොයනවට කැමති උනෙත් නෑ
පහුගිය දවස් වල එයා ගෙදරින් කැම්පස් යනවා කියලා එනවා
ඒත් කැම්පස් ඇවිත් නෑ
මම ඇහුවම ඒක එයාගෙ වැඩක් නිසා ඒ ගැන හොයන්න එපා කියුව
ඒක එතැනින් ඉවර උනා
ඊයෙ රෑ වෙනකන් මම ආයෙ එයාට කතා කරලා තිබුනෙ නෑ
ඒත් එයා මගෙ බෝඩිම තියෙනතැන දන්නවා
මොකද මගේ බෝඩිමට බඩු ගේන දවසෙ එයා ආවා මට උදවු වෙන්න
ඊයෙ අපේ බෝඩිමේ කවුරුත් හිටියෙ නෑ වෙලාවට
එහෙම හිටියනම් ඒ ගෙදර මිනිස්සු කැමති වෙන එකක් නෑ මගේ රූම් එකට මහ රෑ ගෑනුමයෙක් තනියෙම ආව එකට

තිත්ත පැණිDonde viven las historias. Descúbrelo ahora