ep 30

3.2K 473 38
                                    

Epi 30
රැට කන වෙලාව හරි චාරුගෙ රිමන්ඩර් එක වැදුනා
මුන් ඉතින් සුද්දො වගේ 6.30 වෙනකොට රෑට කනවා
එතකොට නිදාගන්න කලින් ආහාර ජීරනය වෙලා ඇගේ ලිපිඩ තැම්පත්වෙන එක අඩු වෙනවලු
අනෙක කෑම ජීරනේ කරන්න ශක්තිය වැය වෙන්නෙ හෙමින් නිසා නිදිමත වෙන්නෙ නැතුව ගොඩක් රෑවෙනකන් නිදිමරන් ඉන්න පුලුවන්ලු
අපෝයි මල ජරාව...කන්න කියල කිසිම දෙයක් නෑ
ඔකෝම ලුනුයි ගම්මිරිසුයි නැතුව එකවාලු තම්බපුවා
බිතතර තම්බලා තිබුනා එකම විතරයි මට කන්න පුලුවන් එකකට තුබුනේ මම එකකටට බිත්තරේ ගිල්ලා...දවල්ටත් කාලා තිබුනෙ නෑනෙ
මම බිත්තර විතරක් කන බව දැනිලා චාරු එයාගෙ බිත්තරේ නොකා තියන් ඉදලා හැමෝම පිගන් දිහා බලන් ඉන්න වෙලාවක ටක් ගාලා උගේ බිත්තරේ මගේ පිගානට දැම්මා
අතුරු පනට තිබුනෙ අලි ගැට පේර කෑලි...ලුනු දලාත් නෑ සීනිත් නෑ කිරිපිටිත් නෑ...මොනද බන්...බම්බුව හත්ජරාව නිකම අලිගැට පේර...මම ඒ ජරාවනම් කෑවෙම නෑ
කෑමට වඩා අප්පිරියයි...චාරුගෙ තත්තගෙ කතාව අහන් ඉන්න එක

"ලන්කාවෙ අද්‍යපන ක්‍රමේ සම්පූර්න වැරදී...බලන්න..ඕලෙවෙල් වෙනකන් 70%ක්ම උගන්වන්නෙ කිසි වැඩකට නැති විශයන්නේ
බුද්ධාගම උගනවනා...පිටු 200ක් විතර පොතේ පිටු 20යි හරිම ආගමික දර්ශනේ තියෙන්නෙ..පටිච්ච සමුප්පාදෙ, චර්තුරාර්‍ය සත්‍ය...ඒවගේ ඒවා..අනික් ඒවා ඔක්කොම බුද්ධකාලීන ඕප දූප....මහමායා දේවියගෙ බඩේ දකුනු පැත්තෙන්ද වම් පැත්තෙන්ද අලි පැටියා ඇතුලට රින්ගුවෙ...විශාඛාවගෙ තාත්තට කොච්චර සල්ලි තිබුනද?,..සිද්ධාර්ත කුමාරය බැන්දෙ අවුරුදු කීයෙදිද....
කුමාරයට නම්තබන්න ආපු බමුනො 108 අන්තිමයගෙ සුලගිල්ලෙ නියපොතු හරියට කපලා තිබුනද නැද්ද කියලත් බහුවරන ප්‍රශන එනවනේ
මේවා දැනන් කාටද වැදගත්...මොකෝ නිර්වානෙ පේනවද ඕවා කට පාඩම් කරලා...
පුතා හිතන්න එපා මම ආගමක් නැති ...අනාගමිකයෙක් කියලා...මාත් බුද්ධාගමට කැමතී...විශේශයෙන් අභිධර්මයට...ඒක නම් මහ ගැබුරු විද්‍යවක්....කෝමත් ඇන්ටී මායි හිතන් ඉන්නෙ...මෙයාලගෙ වැඩ පිලිවලක් වෙලා බන්දලා දුන්නම ...ධර්මෙට නැබුරු වෙන්න....

(අන්කල් ඔහේ කියවගෙන යන වචන වලින් මගේ ඔලුවට කාන්දු උනේ එක වචනයයි....මෙයාලා බන්දල දුන්නම...ඇත්ත්ටම චාරුගෙ මගුල් ගෙදර දවසට ඉවසගෙන ඉන්නන පුලුවන් වෙයිද....එයා ව අනුන්ගෙ වෙන හැටි...දැනටත් එයා සුලාගෙ තමයි...එත් එත් දෙයියනේ බදිනව කියන්නෙ චාරුට මගේ තියෙන අයිතිය නීතියෙන්ම කොටුකරලා දාන එක නේ....මම හිතේ දුකට එක්ක තම්බපු ස්වීට් කෝන් කෑලකටයි හෙඩ් මශෲම් කෑලකටයි ගෑරිප්පුවෙන් ඇන්නා හයියෙන්...හෙඩ් මශෲම් කෑල්ල බට්ටෙක් වගේ ඉපිලිලා චාරුගෙ පිගාන ලග මේසෙට වැටුනා....මම ඩිම් වෙලා හිටියෙ...අන්කලයා මේක දැක්කද කියලා...ආභාදයක් නැ චාරු ඇර වෙන අය දැක්කෙ නෑ....ඔක්කොම අන්කල්ගෙ කතාවට සමවැදිලා...චාරු හීන් සැරේ කාටවත් නොපෙනෙන මශෲම් කෑල්ල කටේ දාලා හපන ගමන් මට එරෙවුවා ගොන් පාට දෙන්න එපා කියලා)

තිත්ත පැණිWhere stories live. Discover now