ep 47

2.5K 405 12
                                    

Ep 47
"තමුසෙ නිකන් පානිය දැම්මට හෙන පෝසත් නේ"
"" මොකද එක පාරට එහෙම කියන්න හිතුනෙ""
"" පෝසත් නැත්තන් ගෙදරක කාර් තුනක් තියෙන්න බෑනෙ""
"කාර් වලින් පුලුවන්ද පෝසත් කම මනින්න"
"නෑ....ලන්කාවෙ සමාජෙ කාර් එකක් කියන්නෙ පෝසත් කම පෙන්නවීමේ සන්කේතයක් නේ"
"එහෙමනම් ඒක හරි ඇති...ඒත් මට නම් දැන්නෙ අපි පහල මද්‍යම පන්තියෙ ඉදලා දැන් අවුරුදු දෙක තුනක් ඇතුලත ඉහල මධ්‍යම පන්තියට රින්ගගෙන තියෙනවා....උබට මේ පේනවට වඩා අපේ ලතාව ගොඩක් වෙනස්"
"ඔවූ මට උබ කියලා තියෙනවනේ එහෙන් මෙහෙන් ටික ටික"
"ම්ම්ම්...අපේ තාත්තා දක්ශ ලෝයර් කෙනෙක් ...අම්මා නර්ස්....තාත්තට ගොඩක් වත්කම් තිබුනා ...ඒදවස් වලනම් ගොඩක්ම පෝසත්ලු....ඒත් එයා හරියට බොනවා...ඒවිතරක් නෙමෙයි ගෑනු හුට පටත්...තත්තා මැරෙහ්ද්දි මට අවුරුදු 5 ක් වගේ....ඒක නිසා ඒතරම් එයා ගැන මතකයක් නෑ...එකම මතකෙ ...මම දග කරාම එයා බීලා ඇවිත් වේවැල් කැඩිලා මගේ කකුල් ඉදිමෙනකන් ගහනවා...ගෙදර කවුරු හරි මාව බේරගන්න ආවොත් එයලටත් ගහනවා...මම නිසා අක්කලා අයියලා අම්මලා ගොඩක් ඇඩුවලු...ඒත් මම ඌයි කිය්ලවත් කියන්නෙ නැතුව ඔරවන් ඉන්නවලු කොයිතරම් ගැහුවත්....මම හිතන්නෙ ම්ම මේ තරම් දරදඩු උනේ පොඩි කාලෙ ලැබුන නරක සැලකිලි නිසා කියලයි....තාත්තා මැරුනෙ නැත්තන් අපිට මේතරම් සැහැලුවෙන් ජීවත් වෙන්න වෙන්නෙ නෑ....ඒක අපේ මද්දුත් නිතරම කියනවා...අනෙක එයා මගේ පෙනුමමයිලු...උබට මම ගෙදර ඇල්බන් එකයි අම්මගෙයි තාත්තගෙයි ෆ්‍රේම් කරපු වෙඩින් ෆොටෝ එකයි පෙන්වන්නම්.....එයාට ගොඩක් හොර කනෙක්ශන් තිබුනා....එක එක නෑයො ඇවිත් කියනවා තාත්තා ගෑනියෙක් දාගෙන කාර් එකේ ගියා....හෝටලේකට ගියා...පාටියක ව*$ල් ගෑනු එක්ක නැටුවා
අම්මා ඔය ඔක්කොම අහලා ඔලුව නවන් ඉන්නව...අක්කනම් කියන්නෙ අපි නිද්8වෙලාවට එයා හොරෙන් අඩනවලු එහුවම අඩන්නෙ ඇයි කියල කියන්නෙ නැතිලු
අපේ අම්මා ගොඩක් අහින්සකයි....ඒනිසම බය ගුලුයි උබලගෙ අම්ම වගේමයි...තාත්තගෙ වැරදි හදන්න බයයි..සද්ද නැතුව හැමදේම විදගෙන ප්වුල රැකගන්නෙ දරුවන්ගෙ අනාගතේ අදුරුවෙන නිසා දික්කසාද උනොත්...අපේ අයිය්ල දෙන්නටයි අක්කටයි අම්මා විදපු දුක ගැන හොදටම තේරෙනවා...එකයි එයාලා අම්මව සතුටුකරන්න පුලුවන් හැම දේම කරන්නෙ...අපේ ලොකූට දැන් තිහකට කිට්ටුයි...බදින්න අක්කෙක් ඉන්නවා ...එයා ටීචර් කෙනෙක්...ඒත් ලොකූ කසාදෙ කල් දනවා එයාට ටික දවසක් හරි ගෙදරට උදවු කරන්න ඕනෙ කියලා....
අපේ තාත්තා මැරෙද්දි එයාගෙ වත් කමෙන් වැඩි හරියක් කාබාශිනියා කරලයි වලට ගියේ
ගෙදර තිබුනා කාර් එක තිබුනා...පොල්වත්ත තිබුනා එච්චරයි
ඒත් ලමයි 4ක් හදන්න ...අපේ ඕනැ එපාකම් වලට වියදම් කරන්න ඒ ආදායම මදි
ඒනිසා එයාට ගොඩක් ඕවර් ටයිම් කරන්න උනා
ගමේ දුප්පත් පවුලක හිටපු ගෙය අම්මට අපේ අම්ම ගොඩක් උදවු කරපු නිසා අපිව බලාගන්න ..තාත්තගෙ මරෙනෙන් පස්සෙ ගෙය් අම්මා අපේ ගෙදරට සෙට් උනා ...එයා තමයි පොඩි කාලෙ අපිව වැඩි හරිගක් බලාගත්තෙ....අම්මා එක දිගට වැඩ කරා
ඔය පරන නිසාන් පෙට්‍රල් එක තාත්තා අම්මට අරන්දීපු කාර් එක
ගොඩක් රෑවෙබකන් ඕවර් ටයිම් කරලා ගෙදර එන්න බැරි නිසා අම්මා කාර් එකෙන් තමයි වැඩට යන්නෙ
අපේ අම්මාට කොයිතරම් හොද වාහනයක් දුන්නත් එයා ඩ්‍රයිව් කරන්නෙ නෑ ඔය කාර් එකම හැර
දැන් ඕක හොදටම අබලන් වෙලා...ලොකූ සල්ලි දීලා ඔක්කොම කෑලු අලුතෙ දම්මලා ඕවර්‍රෝල් රෙපෙයාර් එකක් කරලා තියෙන්නෙ

තිත්ත පැණිWhere stories live. Discover now