ep 107

2.1K 325 38
                                    

Ep 107
"එක්කෝ මේක ආන්ස්වර් කරනවා...නැත්තන් ඕෆ් කරනවා ...පොලොවෙ ගහන්න ඉස්සෙල්ලා....මල වදයක් නේ "
ඩයිනගෙ කෑගැහිල්ලට මම උඩ ගිහින් බිම වැටුනා
චාරුයි මායි ඊයෙ රෑ ඇදපු ඇදුම් පිටින් තාම තුරුල් වෙලා නිදි
චාරුවා මගේ බඩ උඩ තිබුන උගේ කුනු කෙල තට්ටුව ශේප් එකේ ගලවපු කමීසෙන් පිහිදන ගමන් කබ කඩ කඩ ඩයිනාගෙ ඇද දිහා බැලුවා
ඩයිනා අපිට පස්ස හරවගෙන නිදි
ඌ නින්දෙන් කෑගහලා ආයෙ නිදි
බට්ටන්ම් නැගිටල ෆෝන් එක ඔබ ඔබ ඇදට වෙලා හිටියා
"මෝනින්ග් තවුසෙලා දෙන්නටම..ස්වැග් උබේ පෝන් තඩිය පැයගානක් හූ කියලා මැරිලා ගියාද කොහෙද
අපි ආවෙ එලිවෙන්න කිට්ටුව උබේ පෝන් සහ්දෙට ඩයිනා ඇහැ ඇරිලා ඒකයි කෑ ගැහුවෙ"
මම් ඇදෙන් නැගිටලා නිදි ගැට කඩ කඩ ලොකු ඈනුමක් ඇරලා ෆෝන් එක තියෙන තැන හෙවුවා
චාරුවා ආයෙ රෙද්ද පොරවන් අනෙක් පැත්ත හැරිලා නිදියන්න
ලෑස්තිය මම පෝන් එක අරන් ගිහින් චරුගෙ ඇගට හේත්තු වෙන විදියට කකුල් දෙක බිමට දාලා පිට හේත්තු කරගත්තා
චාරු මාව ගස්සලා අයින් කරා
""සැවැග් විතරක් නෙමෙයි...මෙතන බට්ටත් ඉන්නවා ඕයි ඈත් වෙලා ඉන්නවා"
චාරු පොරවගත්ත රෙද්ද අස්සෙන් රහසෙන් කියුවා
"මොකද උබලා රහස් කියන්නෙ ....මට ඇහුනා...මම් තොපේ ලබ්බවල් හොයන එකක් නෑ ...අනෙක ඊයෙ රෑ අපි දැක්කා දකින්න ඕනෙ ඒවා ඔකොම"
"ආඅ...ආඅ...මොනාද උබ දැක්කෙ....නිකන් පද හදන්න එපා යකෝ"
මම වලියට සෙට් වෙන්න වගේ කතා කරා

උබලගෙ ලවූ ගැන අපිට නොතේරෙන්න අපි ඉගන ගන්නෙ අද ගොලු බිහිරි පාසලේ නෙමෙයි..හරිය...අනෙක උබ හිතනව වගේ මම ඕවා එක එකා එක්ක කියව කියව යන්නෙ නෑ
උබේයි ඩයිනගෙයි සීන් කෝන් මම ඉස්සර ඉෆ්හන් දන්නවා...එක රූම් එකේනෙ අපිත් ඉන්නෙ...ඒ උනාට ඒවා ගැන අඩුම ගානෙ උබලාගෙන් වත් ඇහුවෙත් නෑ විහිලු කරලවත් නෑ...පද හද හද යන්න මම චීත්තෙකුත් නෙමෙයි ""
බට්ටට මල පැනලා බැනගෙන යද්දි ඩයිනා උගේ කොට්ටෙ අරන් බට්ටගෙ මූනට ගැහුවා
"ලබ්බ ඉස්සෙල්ලා ෆෝන් එකක් නින්ද කැඩුවා...දැන් මුන් මෙතන ඇරගන්න හදනවා...එකියට ගිහින් මරාගනිල්ලා" ඩයිනා අපි දෙන්නට කෑගැහුවා
චාරුවා මේ වගේ වෙලාවට කරන්නෙ ප්‍රශ්නෙ මට බලාගන්න දීලා කොහේ හරි ගුලකට රින්ගලා හැන්ගිලා ඉන්න එක
දැනුත් බෙඩ් ශීට් එකෙන් ඔලුව වහන් එයා කරේ ඒකමයි
මම බට්ටව ශේප් කරගන්න උගේ ඇදගාවට ගියා
"බට්ට මල පැන්නද බන්...උබ දන්නවනෙ අපි දෙන්නට උන ප්‍රශ්නෙ...ඒකෙන් අපි හොදටම විදෙවුවා ...ඒක නිසා අපි දැන් හැමෝටම බයයි...ඊයෙ අපිට ටිකක් ප්‍රවේසම් වෙන්න බැරි උනා..."
"ඒක හරි...ඒ ගැන හිතන්න එපා කොල්ලො...උබ මට පද හදනව කියපු නිස මල පැන්නෙ...මම ඕවා කටවත් කියන්නෙ නෑ....උබ අද විතරක් නෙමෙයි ඩයිනා එක්ක ඉද්දිත් පරිස්සමක් නෑඋබලගෙ සීන් කෝන් මමයි තිත්ට්ගයයි ඕනෙ තර්ම් දැකලා තියෙනවා...ඒත් අපි දෙන්නවත් ඒවා ගැන කතා කරලා නෑ...උබලට කිසිම වෙනස් කමක් කරලත් නෑ...මට මුකදි නිකන් ඒක අමුතුයි වගේ හිතුන...මොකද මට කවදාවත් කොල්ලෙක් ගැන එහෙම හිතිලා නෑ...කෙල්ලෙක් හැර කොල්ලෙක් බදාගෙන ඉන්නව කියන එක මට නම් හිතන්නවත් බෑ...ඒත් පස්සෙ මට හිතුනා උබලා ඒකට කැමති නිසනෙ එහෙම ඉන්නෙ...මම අකැමතී කියලා උබලත් අකැමැති වෙන්න ඕනෙ නෑනෙ
ඒකෙත් හැටි බලපන්
කෙල්ලන්ට කෙමති කෙල්ලෙක් දාගන්න පෙරුම් පුරාගෙන ඉන්න අපි දිහා එකෙක් බලන්නෙ නෑ
කෙල්ලන්ට ආස නැති උබට ඩයිනට කෙල්ලො වහ වැටිලා.....එක ඉගියට ඔක්කොම දාලා එන්නත් ලෑස්තී
අපේ කෙල්ලො මාත් එක්ක කියලා තියෙනවනෙ
යාපනේ කෙල්ලොත් අපි එක්ක කතාකරත් අහන්නෙ උබ චාරු ඩයිනා ගැන...
ඒකත් කරුමෙ තමයි"

තිත්ත පැණිWhere stories live. Discover now