ep 116

2K 328 24
                                    

Ep 116
ඒක එකපාර උනා කියන්න බෑ හෙමින් හෙමින් උනත් අන්තිමේදි
ඒක සිද්ද උන බව අපි දෙන්නම දැනගෙන ඉන්නව
සමහර සම්බන්දතා එක දවසින් එක හේතුවක් නිසා කැඩිලා යනව
ඒත් අපේ සම්බන්දෙ එහෙම දාව්ස්සින් කැඩිලා ගියේ නෑ
එයාගෙ හිත රිදවන වැඩ මගේ අතින් කීපයක්ම උනා
මගේ හිත රිදෙන වැඩ එක දිගට එයාගෙන් සිද්ද උනා
අපි දෙන්න එකකට එකක් වෙනස් පාරවල් දෙකක් තෝරගෙන තිබුනා
එයා පරියේශන වලට කැපවීම වැඩි කරද්දි
මම ෆුට් බෝලෙට් පෙම්බැන්දා
කැම්පස් එකේ තිබුන පරිසරයත් අපි දෙන්නගෙ වෙන්වීමට මූලික හේතුවක් උනා
අපේ බැච් එක ලොකූ දිග වල් ගයක් තිබුන දිග වරල් දාපු උස අහසෙ පාවුන සරුන්ගලයක් වගේ නම්
ඒකෙ වරල් වල්ගෙ එකපාරට කපල දාලා මැද්දෙ තියෙන කිරිබත් කෑල්ල විතරක් තනියෙම පාලුවට ඉතුරු කරා වගේ
හතරවෙනි අවුරුද පටන් ගත්තෙම්
මට ඒකෙන් කැම්පසෙකත් එපාම වෙලා ගියා
හාරසීයක් හිටපු බැච් එකෙන් තුන්සීයක්ම අයින් වෙලා ගියා
අයින් උනා නෙමෙයි අයින් වෙන්න සිද්ද උනා
අපේ ස්පෙශල් කරන්න ගන්නෙ සීයකටත් අඩු ප්‍රමානයක්
ස්පෙශල් කියන්නෙ විශේශවේදී උපාධිය අවුරුදු 4ක් කරන්න ඕනෙ
සාමාන්‍ය උපාධිය අවුරුදු තුනයි
මුල් අවුරුදු දෙකේ ලකුනු අඩු අයට සාමාන්‍ය උපාධිය අරන් අයින් වෙන්න වෙනවා
ඒත් ලකුනු අඩු අයම් කියන්නත් බෑ
සමහර ලකුනු වැඩිම අයත් ස්පෙශල් තෝරගන්නෙ නෑ එක එක හේතු නිසා
සමහරුන්ට ආර්තික් ප්‍රශන් වැඩී සමහරුන්ට බදින්න හදිස්සී
ඒවගේ අය ඉක්මනින් අයින් වෙලා රස්සාවක් හොයාගන්න බලන්නෙ
ඉතුරු උන අයටත් එකට ඉන්න නෑ ඉස්සර වගේ
පස් හය දෙනාගෙ කුඩා කන්ඩායම් හදලා එක එක විශය ගැන ගැබුරෙන් ඉගන ගන්න වෙන වෙනම දාන්නෙ
ඒ විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් තනියෙම කරන් ඒවා තියෙන්නෙ
ඩිමෝලා එක්ක කතා කරලා තමන්ට පහසු විදියට සති අන්තෙ හරි රෑට හරි උනත් ප්‍රැක්ටිකල් දාගන්න පුලුවන්
මේ නිසා අපි එකට ඉන්න ටික දෙනාවත් එකට මුන ගැහෙන්නෙ නැති කරලා තිබුනෙ
දුකයි කැම්පස් එකේ තනියෙම එහේ මෙහේ යන්න
වෙනද මීමැසි පොදිය වගේ කෙල්ලො කොල්ලො පුරවගෙන අපිට අයිති බූදලයක් වගේ උදපු කර්න්පස් එකේම අපි ආගන්තුකයො වෙලා
අලුතෙන් ආපු බැච් වල නන්ගිලා මල්ලිලා අපේ තැන අරගෙන නටලා විහිලුකරලා ඉන්නව දැක්කම කොහෙට හරි වෙලා අඩන්න හිතෙන තර්මට දුකයි
ඒක නිසාම මම කැම්පස් එකෙන් පිට ටවුන් එකට කිට්ටු තැනකින් බෝඩිමක් ගත්තා ක්ලබ් එකේ ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ් එකට කිට්ටුවෙන්
ඒකට චාරු කැමැත්තක් වත් අකැමැත්තක් වත් පෙන්නුවෙ නෑ
එයා හිටියට කොහොමත් ලැබ් එකට රිනගගත්ම මට මීට් වෙන්නෙම නැති තරම්
එහෙම හම්බුනත් එයාලග දැන් කරන රිසර්ච් එකේ ප්‍රශන් ඇරුනම වෙන කතාකරන්න් දෙයක් තිබුනෙම නෑ
මට ඒවා අහන් ඉන්න ලොකු ආසාවක් තිබුනෙත් නෑ
මුලදි මුලදි දවසෙ මොනවද දෙන්න කරේ කියාන් එක ෆෝන් එකෙන් හරි පැයක් වත් කතා කරා
පස්සෙ පස්සෙ මම කරන දේවල් එයාට කිසි වැදෆත් කමක් නෑ
එයා කරන් දේවල් මට අදාල නෑ කියලා දැනෙනකොට කතාකරන් කාලෙ
පැය බාගෙට විනාඩි පහලවට අඩුවෙලා අන්තිමේ මිස්කෝල් එකක් විතරක් වෙලා ගියා
සෙස් කරන්න ඕනෙ නෑ
ආදරේ කෙයාරින් බලාගන්නව කියන හැගීම තිබුනනම් වෙනස් නොවී බලන් ඉන්න තිබුනා ඒකත් නැතිවෙලා ගියාම තවත් මග බලන් ඉන්නෙ ඇයි කියන එක මටත් ප්‍රශනයක් උනා
අපේ වෙන් වීමට තවත් පාර කැපුනෙ හතරවෙනි අවුරුද්දෙ දෙවැනි මාසෙ ඉදලා අපිට සෙල්ෆ් ස්ටඩීස් දාලා අපිව ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යවපු නිසා
ඩයිනා ප්‍රසිද පෝර ගෙන්වන කම්පැනියක නිට්ටබුවට එහා තියෙන පරියේශනාගාරයක මාස හතරෙ ට්‍රේනින් එකට ගියා
ඩයිනගෙ පිලිවලක් තියෙන්වා දැනට ඉන්න තැනට බැහැලා වැඩකරනවා
ඒක නිසාද මන්දා ඌ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක හෙනටම ඔලුවට අරන් ඒ ආයතනයට කැපවෙලාම වැඩ කරන්න ගත්තා
සහස් මල්ලි සති අන්තෙ ඌ ඉන්න තැනට යනවා
සතියෙ දවස් වලනම් ඌ කැම්පස් එකේ හිටියා
මිනිහගෙන් මට සැරින් සැරේ ආරාදනා ලැබුනා...සෙස් වලට
ඩයිනගෙනුත් ඒකට පොඩි පෙලබවීම්ක් තිබුනා
"ස්වැග් ඉඩ තියෙන වෙලාවට ගිහින් මල්ලිව බලලා වරෙන්කො එයා තනියෙන ඉන්නෙ පාලුවෙන් මම නැතුව
වෙන කෙනෙක් නෑනෙ මට කියන්න එයාව පොඩ්ඩක් බලාගන්න
එයාට පාඩම් ටිකක් කියල දීපන් රෑට එහේ නැවතිලා හරි"
ඒත් මට ඒකට හිත දුන්නෙ නෑ...මොකද පස්සෙ ඒව අනවශ්‍ය ප්‍රශන වෙයි කියලා බය හිතුනා
චාරුක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යන්න හිටියෙ මාත් එක්ක කොලබ පාමසූටිකල් කම්පැනියක ලැබ් එකේ (රසායනික බෙහෙත් ගෙන්වන බෙහෙත් හදන තැනක)
ඒත් ඒකට සතිකීපයක් තියෙද්දි මිනිහා ගහෙන් ගෙඩි එන්න වගේ අමුතු කතාවක් කියුවා
එයාල කරපු ප්‍රතිදේහ පිලිබද රිසර්ච් එක අයිති කැම්පස් එක කැමතී
චරුකව ඇමරිකාවට ගෙන්වගන්න මාස හතරකට
එයලගෙ රිපෝට් ෆයිනලයිස් කරන්න
ඒක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් විඩ්බියට කැම්පස් එක පිලිගන්නව කියලා

තිත්ත පැණිWhere stories live. Discover now