ep 75

2.2K 363 15
                                    

Ep75
උබට තියෙන නැට්ටෙ අමාරුව හොද වෙන්නෙ නෑ
බලපන් නැට්ටෙ ඉදන්ම ගොමනේ ...ගොන් මදයා
මම මටම බැන බැන පෑනෙන් ලීක් උන තීන්ත පිහිදිනවා
ඩෙස්ක් එකට පෑනෙන් ඇනලා ඒකෙ තින්ත හැම තැනම විසිවෙලා
ස්ටඩී රූම් එකේ මෙලෝ බල්ලෙක් නෑ
ඔක්කොම ගැලුමට ගිහින්
මම විතරයි මේ පාර ගැලුමෙ පිහිටක් නොගෙන තම්න්ගෙම හැකියාවෙන් විතරක් ගොඩ යන්න හිතන් ඉන්නේ

ස්ටඩී රූම් 3ක ඉස්සරහ බයික්කයක් නවත්තන සද්දයක් ඇහුනා
කවුරු හරි තව එකෙක් ස්ටඩි රූම් එන්න ඇති ගැලුම එපා වෙලා චාරුවා ..ගැලුඅමට හාලා ඒක චාටර් කරලා කට්ටියට එපාම කරලා ඇති
මම ඇගපුර් ඉහුන තින්ත බින්දු කටුකොලේකින් පිහින ගමන් දොර දිහා බැලුවා
දොර ඇරගෙ මතු උනේ ඩයිනා
"ආආ...ලොක්කා...මොකද ගැලුම වහ වෙලා ආවද."?"
"ගැලුම අවුලක් නැතුව යනවා...උබ නැති නිසා බලන්න ආවා මොනවා කරනවද කියන එක"
"ආඅ...මම මේ පෑනක් අල්ලගෙන උටනවා....පේන්නෙ නැද්ද...දැන් බඩු විද්දේ"
"ඕයී ඕයී...කට තමුසෙගෙ...මම විතරක් නෙමෙයි ආවෙ උබව බලන්න තව කෙනෙක් ආවා"
"උබ දැන් ...සත්තුවත්තෙ බාරකාරයා චිම්පන්සියව පෙන්න පෙන්න සල්ලි ගරනවා වගේ උබ මාවත් පෙන්වලා ගානක් කඩන්න ගත්තද?"
"විකාර නොකිය බලපන්කෝ මේ කවුද ඉන්නෙ"
ඩයිනගෙ පිටි පස්සෙන් මම ආසම නිල් පාට චෙක් ශර්ට් එක ඇදගෙන ආවෙ චාරු...ඒක මම එයාට ගෙනත් දුන්නෙ...මමත් ඒවගේම එකක් අහම්බෙන් දැකලා ගත්තු නිසා
මම් ඇතුලෙන් ගැස්සිලා වියාකූල වෙලා ගියත් මගේ මූනෙන් හිතේ තැතිගැන්ම නොපෙන්ව ඉන්න ලොකු උත්සහයක් දැරුවා
"ස්වැග්...ඇයි ගැලුමට ආවෙ නැත්තෙ"
"මට වහ ගැලුම් තව ඕනෙ නෑ...ජීවිතේම වහක් වෙලා ඉවරයි ඒකයි..."
"එහෙම කියන්න එපා" එයාගෙ කට හඩ වෙවුලනවා ඇස් වලින් කදුලු පෙරෙනවා..එයාට මාව බදාගන්න ඕනෙමයි...ඒක මට දැනෙනවා
අපි දෙන්නා ට ඒවගේ හැගීම් කතා නොකරට හිතුනත් ඇති අනෙකාට දැනෙනවා

"ස්වැග් හෙටත් ගැලුම දානවා...හෙට එනවද?" චාරුටමට ලන්වෙන්න ඕනෙ ඒත් මම ඔරවගෙන ඉන්න විදියට එයාට මට ලන්වෙන්න බයයි
ඇත්ත්ටම මම හිටියෙ ගොඩක් තරහෙන්
මට ස්ටඩී රූම් එකේ තියෙන ඔක්කොම ඩෙස් පුටු පොලවෙ ගහන්න ඕනෙ උනා
"නෝ තෑන්ක්ස්...මේපාර මම ලියන්නෙ මගේම පිහිටෙන් විතරයි..මට කාගෙවත් උදවු ඕනෙ නෑ
උබ හිතන් ඉන්න ඇති මම උබට ආදරේ කරේ ...උබවෙනුවෙන් නැහුනේ උබෙන්..ලැබෙන සපෝට් එකට එක්සෑම් ගොඩ දාගන්න කියලා...ඒකනේ උබ මාව දාලා ගියේ..
මහත්තයො මට උබෙන් තවත් පාඩම් එපා
මේ කියලා දුන්න පාඩම ආත්ම හතකටවත් අමතක වෙන්නෙ නෑ
ඉගනගත්ත නියමෙට මිනිස්සු ගැන උබෙන්
වෙන මොන පාඩ්මද මට
මෙන්න වැන්දා පලයන් යන්න ආපු අතක් බලාගෙන"
චාරුටමම කියපුව බොක්කටම වැදෙන ඇති ඒකයි ඌ නලල බිත්තියට තියලා තදකරගත්තෙ
"ස්වැග් මට ඔහොම කතා කරන්න එපා ...සුලක්කනාටත් බොරු කියලා ..හැමෝටම හොරෙ...මම ආවෙ ලොකු අවදානමක් අරන් උබව බලන්න ...එකම එක පාරක් මම දිහාබලලා හොදට කතාකරපන්...ඉස්සර වගේ"
"ඉස්සර වගේ කතා කරන්න බෑ...ඉස්සර ඉදපු මෝඩ සවැග් ...උබේ පසෙන්ම වැද වැද ගිහින්ම මැරිලා ...දැන් ඉන්නෙ වෙනමම මිනිහෙක්...උබ දැන් මගෙන් පරන මිනිහා හොයන්න එපා
අනිත් එක හොදට මතක තියාගනින්...උබ උබේ ගෑනිට බොරු කිය කිය මාව බලන්න එන්න ඕනෙ නෑ...
මම කාගෙවත් හොර ගෑනියෙක් වෙන්න ඕනෙ නෑ
කොන්ද පන තියේනම් ඔක්කොම අත හැරලා ඇවිත් හැමෝම ඉස්ස්‍රාහ මට ආදරේ කිය්පන්...
නැත්තන් සූකිරි බෝලයක් වගේ දෙපැත්ත්ටම නැතුව වැනි වැනි ඉන්නෙ නැතුව....උබේ ගෑනි එක්ක උබේ ගමන පලයන්
මම මගේ පාර කපාගන්නම්...එක්කො සොහොනට නැත්තන්...නැත්තන්...උඅන ඕනෙ මගුලකට...
තෝ මට යන එන මන් නැති කරලා ඉවරයි
මාව මල යකා නොකර මගේ ඇස් දෙකට නොපෙනි පලයන්"
මම ලග තිබුන ඩෙස්ක් එකට පයින් ගැහුවෙ මගේ උපරිම හයිය දාලා
මේසෙ රවුමට කැරකි කැරකි ගිහින් ...ජරාස් ගාලා බිත්තියෙ වැදිලා කඩාවැටුනා
ඒ මහා සද්දෙට ඩයිනා දුවලා ආවෙ හොදටම බය වෙලා
"ඒයි ඒයි ...මොකද වෙන්නෙ...ස්වැග්"
"ඩයිනා ...හොදින් කියන්නෙ ...මූව ගිහින් දාපන් ආව ගුබ්බෑයමකට...ආයෙ මූව එක්කගෙන ආවොත් ...තොගෙයි මගෙයි හොද හිතත් ඉවරයි..මූ උගේ කො,ලා බලන්න නෙමෙයි ඇවිත් තියෙනෙ
හොරන් ..ඇවිලා හොර ගෑනි මලන්න
මම පාරෙ යන වයිශියෙක් නෙමෙයිනේ...බැදුපු ගෑනි නැති තැන මූට රෙහ්ද්ද උස්සන්නයි...ගෑනි ඉන්න තැන අදුන්නෙ නැතුව් වගේ රගපාන්නයි
ඒවට හරියන සූකිරිබෝලයක් හොයලා දීපන් මූට දැන්..අරගෙන පලයන්..මූව"
මේ වෙනකොට චාරුවා බිම වාඩිවෙලා අඩනවා...අත් දෙකෙන් මූන වහගෙන
මම ඩයිනගේ ඇගේ හැපීගෙන ඌවත් පෙරලන් ස්ටඩි රූම් එකෙන් ආවෙ
එතැන හිටියනම් මම මොනවා කියයිද කියලා මමවත් දන්නෙ නැති නිසා
මම යන තැනක් හිතාගන්න බැරුව කලුවරේම හොස්ටල් එක ලගින් යන ලදු කෑලෑවෙ ඇවිද්දා
එදා මමයි චරුයි කෙල්ලන්ගෙ හොස්ටල් එකට යන්න ගිහින් ...ග්‍රීස් යක්කු කියලා කෙල්ලො බය උන වෙලාවෙ මම චාරු උස්සගෙන දිවුවෙ මේ කැලෑවෙ
ඒවගේම අපි ඩාන්ස් පුරුදු වෙද්දි මම චාරුට තොල දදා ඉද්දි ඩයිනට මාට්ටු උනෙත් මේ කැලෑවෙදි
මම අතට අහු උන පොල්ලකින් ලදු කැලෑවෙ තිබුන පොඩි පොඩි ගස් වලට තඩි බෑවෙ හිතේ තියෙන තරහ පිට කරන්නමොනවා හරි කඩන්න බිදින්න ඕනෙ වෙන නරක පුරුද්දක් මට තිබුන නිසා

තිත්ත පැණිWhere stories live. Discover now