ep 85

2.6K 342 13
                                    

Ep 85
"නියමයි ස්වැග් ....ඔයා නියමෙට වැඩේ දුන්නා....කන්ග්‍රැටුලේශන් "
චාරු හිටියා මල වගේ හිනාවෙලා ...කාලෙකින් මම දකින්න පෙරුම් පුරපු ඒ ලස්ස්න හිනාව මම ලගම පිපිලා
මේ කොටස හීනයක් උනානම් පැනපු ගමන් මම ඒක නෙලාගෙන ඉබිනවා
ඒත් හැබෑලෝකෙදි අපි ගොඩක් දුරස් වෙලානෙ
හිත යට තිබුන සැබෑ ආශාව හන්ගගෙන මම එයාට එරෙවුවා
"මල් වඩම් අවශ්‍ය කාලෙක සුභ පැතුම් වලින් වැඩක් නෑ...
මිස්ටර් චාරුක ඔයාගෙ සුබ අසුබ පැතුම් ඔක්කොම ගිහින් වෙන කාට හරි දෙන්න මට ඒවයෙන් දැන් ඇති වැඩක් නෑ"
චාරුගෙ හිනා මූන වේලිලා දුක මතුවෙන්න ගියේ පොඩිම පොඩි වෙලාවයි
"නෑ ඔයාගෙ ප්‍රතිපල දැකලා මට සතුටු හිතුනා...ඔයා දක්ශයි...මම නැතත් ඔයා හොදට වැඩ ටික කරගෙන තියෙනවා"
"ඔවූ ඔවූ මම තමුසෙ නැතුව හරි හොදට කරගන්නවා...ඒක ගැනනම් කතාකරලා වැඩක් නෑ....තමුසෙ මට කරලා ගිය හරියම ඇති...මට වෙන කරගන්න දෙයක් තිබුනෙ නෑ ...මැරෙනව ඇරෙන්න...ඒත් වෙලාවට ඩයිනා ඉදපු නිසා හිතෙන් මැරිලා ගතින් නොමැරි ඉන්නවා"
"එහෙම කතා කරන්න එපා ඔයා යන පාර හරි" චාරු අඩන්න ඕන්න මෙන්න
"මම ජොන පාරෙ ගියත් තොගෙ ඔග නරි මූන මට පෙන්වන්න එන්න 3පා ආයෙනත්...නොදකින්...හිතේ තිබුන සතුටත් කෑවා ගල් මූසලයා"
අනෙක් හැමෝම ඇස් උඩ දාගෙන බලාගෙන ඉද්දි සෙනග මැද්දෙම චාරුව අඩවලා මම ගසා බසා දාලා ආවා
මගේ පස්සෙන් ඩයිනා දුවලා ආවා
"ඇයි ඕයි ඔහොම තරහ ගන්නෙ ...ඒ මනිස්සයා උබට වැරදි දෙයක් කියුවෙ නෑනෙ""
"අනේ මේ ඩයිනා උබ ඌව සුද්ද කරන්න ඇවිත් මගෙන් හොදට අහගන්න හදන්නෙ ....තුවාලෙ වේදනාව දන්නෙ ඒක තියෙන එකා මිසක් වටේ ඉෆ්හන් මැස්සො එල්වන උන් නෙමෙයි"

"හරි කොල්ලො...දැන් උබ තරහ අඩු කරගනින්කො...මේ වගේ හොද ප්‍රතිපල ආපු දවසක තරහෙන් පුපුරන්න එපා....මොකද කියන්නෙ ...කොහේ හරි යන්...මොනව හරි කමු...නැත්තන් බොමු ඕනෙ දෙයක්"
"මුකුත් එපා...මට ඊයෙ රෑ වෙරි නිසා හරියට නින්ද ගියේ නෑ...මම හොස්ටල් ගිහින් නිදාගන්නවා"
"උබට පුතෝ හොස්ටල් ගොයොත් නිදාගන්න ලැබෙන්නෙ නෑ
විබාග ප්‍රතිපල ආව එකටයි
සෝශල් රැග් බර වැඩ ඉවර උන එකටයි
ඔක්කොම අල්ලලා කට්ටිය හෙන පාටියක් හොස්ටල් එකේ
දැනටම බෝතල් ගෙන්න කෑම උයන්න කලෙක්ශන් දාන්න පටන්ගෙන
දන්නවනේ අදවගේ දවසක රෑම් එක වහගෙන ඇතුලට වෙලා නිදාගත්තොත් වහලට නැගලා උලු අයින් කරලා හරි කට්ටිය ඇතුකට වතුර ගහනවා""
"මේ හොස්ටල් මගුල එපා වෙනවා යකෝ ඇග අමාරු දවසකවත් හිතේ හැටියට නිදාගන්න නෑනෙ ..රෙද්ද"
"ඉතින් උබ පලයන් සහස් ගෙ බෝඩිමට...ඒක සහස්ගෙ වෙන්න කලින් නෙ උබේ උනේ...ඇදන් දෙක යා කරලා තියෙන එකේ...උබට එහෙම අවුල්නම් ඇදන් දෙක වෙන් කරලා නිදාගනින්...ඌත් ටවුන් යන්න ඕනෙ කතාවක් කියුවා
මල්ලිව මම ටවුන් එක්ක යන්නම් උබ බෝඩිමේ නිදියපන්"
"ඕයි උබ කොල්ලගෙ රූම් එක පැයට පන්සීයට හයර් කරන්නත් ගත්තද බොලේ "
"නෑ නෑ ඌරො...උබට අමාරුයි කියුව නිසා නිදාගන්න කියන්න හැදුවෙ"
"උබ මගේ පිට දාලා කොල්ලව ටවුන් උස්සන් යන්න හදන්නෙ නේ"
"එහෙම දෙකයි පනහෙ අයිඩියාස් නෑ....උබට එපානම් හොස්ටල් එකේ නිදියපන්...මම රූම් එක ගාඩ් කරන්නම් අනෙක් උන්ට වතුර ගහන්න නොදී"
"නෑ...සහස් ගෙ බෝඩිමට යමන්...ඌට මොනවද මට කියන්න තියෙනවා කියුවනේ "

තිත්ත පැණිWhere stories live. Discover now