ep 18

3.7K 538 42
                                    

Ep18

සල්ලිත් යහමින් කැටේට වැටුනා
සමහරවුට බිල්ලි ගොඩක් ෆෝමල් විදියට සර්‍රට කතිල ටෙක්නික් දාලා කතා කරද්දි මිනිස්සු හිතනව ඇති ජෙප්පියෙක් ඇවිත් ඒ පක්ක්ශෙට සල්ලි එකතු කරනවා කියලා
ඒත් අගේ ටිකක් බොලද ඒත් ජෙනුයින් වගේ පේන මගේ කතාව විශ්වාස කරන්න පුලුවන් කියලා හිතෙන්න ඇති

"දන්නවද මම උබට මේ තරම් ආස හැම දේම ඉක්මනට අල්ලගෙන උබේම විදියට ඒක හොදට කරනවා..පීනන එකත් එහෙමයි කතාකරනැකත් එහෙමයි..ප්‍රසන්ටේශන් හදන එකතෙහෙමයි" චාරු බස් එකෙන් බැහැල මගේ පිටට කිස් එකක් දීලා කියුවා
එයා ඒවගේ ලයින් දෙද්දි..මට අහසෙ කොනටම යනකන් ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියලා හිතට ලොකු ගැම්මක් එනවා

මීඩියා , මාර්කටින් ප්‍රොමෝශන් කරන උන් කියන්නෙ හොද සන්නිවේදනයක් කියන්නෙ ඒක මොනතරම් හොද භාශාවකින් ප්‍රකාශ කරනවද කියන එක මත නෙමෙයි, අහන් ඉන්න එකා මොනතරම් දුරට ඒක අවබෝද කර්ගෙන...පනිවිඩය දුන්නු කෙනාට අවශ්‍ය ප්‍රතිචාරය දක්වනවා කියන එක මත.
එහෙම බලද්දි මගේ දෙකයි පනෙහෙ කතා රටාව...බිල්ලිගෙ ලස්සන කතා ශෛලියට වඩා මිනිස්සුන්ගෙ ඔලුවට යන්න ඇති. ඒනිසා දෙන්නෙ නෑ කියලා හිටපු උනුත් ..පර්ස් එක අවුස්ස්ලා සල්ලි කැටේට දාන්න ඇති.
කොක්කෙන් උනත් කෙක්කෙන් උනත් කමක් නෑ අපිට යහමින් කැටේ පිරෙනවන්ම්.

හවස් වරුවෙදි එක එක ජාතියෙ අය මුන ගැහුනා
සමහරුන්ගෙ කැම්පස් ලමයි ගැන පුදුම පැහැදීමක් තිබුනා
තව සමහරු...රජයෙ සල්ලි කකා පාර ගානේ උද්ගෝශනය කරන රස්තියාදු කාරයෝ කියලා බැන්නා
ඇත්තටම මගේ පැත්තෙන්ම් මේක මාර වටින එක්ස්පීරියන්ස් එකක්
හැම ලමයෙක්ටම දෙන්න වටිනවා
එක එක අදහස් දරන අදුන්නන්නෙ නැති මිනිසු ගොඩක් එක්ක කොහොමද ඩීල් කරන්නෙ කියන එක මම මේකෙන් ඉගන ගත්තා
ඇත්තටම කියුවොත් සෙනග ඉස්සරහා බය නැතුව කතා කර්ණ්නෙ කොහොමද කියන එක හුරු උනේ මේකෙන්

චාරුක උනත් ආත්මගරුතෙවෙ ඔලුව උඩ තියාගෙන මහන්තත්ව කමට ඉන්නෙ නැතුව මිනිහෙක් බනිද්දි කර බාගෙන අහගෙන ඉන්න...විරුද්ද අදහස් දරන අය එක්ක කතාකරලා ඒඅය ශේප් කරගෙන තමන්ගෙ වැඩේ කරගන්න...මිනිහෙට තේරෙන්න දෙයක් කියන්න මේකෙන් පුරුදු උනා
චාරුකයා වැඩි පුරම බස් එකක්ට අත උස්සලා නගින්න...සෙනග හොඩේ ඉස්සරහට ඇදිලා යන්න...යන බස් එකකින් පනින්න වගේ පොඩිම පොඩි දේවල් ඉගන ගත්තෙත් මේකෙන්...මොකද අපි 3ක දවස්ක් ඇතුල්ත මාර බස් ගොඩකට නැග්ගෙ
කිසිම බෝරින් ගතියක් නෑ
හැම බස් එකක්ම අලුත් චැලේන්ජ් එකක්
ඩ්‍රයිවර් මොනව හරි කියයිද කොන්දා බනීද මිනිස්සු සල්ලි දෙයිද මේ ඔක්කොම ගැන හිතන්න  ඕනෙ නේ
බස් එකට නගිද්දි එන බය හිතෙන් යනවා කැටේ තිබුනට වඩා බර වෙලා බස් එකෙන් බහිද්දි

තිත්ත පැණිWhere stories live. Discover now