ep 150

2.7K 331 28
                                    

Ep 150
චාරුලගෙ වෙසල් එක අපේ ගෙදර ගේට්ටුව ලගටා එද්දි ඉ ලෙක්ට්‍රික් ගේට් එක රිමෝට් එකෙන් අරුනත් මම ගේට් එක ලගට ගියේ කස්ටිය පිලිගන්න
මම යනවා දකිද්දි ලොකූ ගෙ ලොකු එකා ඇවිත් ඇගේ එල්ලුනා
අක්කගෙ ලොකු කොල්ලත් ඌව වඩන් යන්නලු
මම ලමයි බමයි උස්සගෙන ගිහින් චාරුලගෙ වාහනේ දොර ඇරියා

"සන්ජුල පුතා දැන් ඉදලා පුරුදුවෙනවා නේ බබාල බලාගන්න ..ඒක හොදයි"
අන්කල් කාරයා වෙනද වගේ බුකවගෙන ඉන්නෙ නැතුව හොදට හිනා වෙලා කතා කරා
චාරුගෙ මල්ලි නනගී අම්මා එක්ක වචන දෙක තුනක් කතා කරලා චාරුව තනිකරල අල්ල ගත්තා
"ආඅ...මේ සතියට ලමයි ගොඩක් හදලා නේ"
"මගේ විතරක් නෙමෙයි තමුසෙගෙත්....
පුතා මේ අන්කල්ගෙ අතට යන්න""
මම බලෙන්ම අක්කගෙ ලොකු කොල්ලා චාරුගෙ ඇගේ ගැහුවා
"" බලනව ලමයි හැදිල්ල ලේසී නෑ තමුසෙ කියුවට...මගේ කොදු කැඩුනා මේ දවස් ටිකට""

"බය වෙන්න එපා මම ඉන්නවනෙ ...මම ඔක්කොම බලා ගන්නම්"
"බලාගනී බම්බුව...ලමයි ගද බෝම්බවගේ ජරාකරගත්තම
මම බබාව හුරතල් ලරන්නම් කවන්නම් එයා එක්ක සෙල්ලම් කරන්නම් හැබැයි බබා ජරා උනාම හෝදන්න ඕනෙ ඔයා හරිනේ""
"යෙස් ...ඉට් ඉස් ඩීල්
ඕක කොහෙ හරි ලියලා තියාගන්නව
තමුසෙ දාව්සෙ වැඩි හරියක් බබා බලාගන්නව
මම බබාව ජරා උනාම හෝදානව"
පොඩි එකා චාරුගෙ පපුව දිගේ උඩට නගින්න යද්දි යන්තන් ඌව අල්ලලා කිහිල්ලෙ ගහගන්න ගමන් චාරු කියුවා

පටන් හත්ත ගමන් ම කට්ටිය මාතෘකාවට එන්නෙ නැතුව අරව මේවා කියව කියව හිටියා
අපේ අක්කත් එන්ගලන්තෙ ඉන්න නිසා චාරුගෙ නන්නගී මල්ලී එක්ක බ්‍රික්සිට් (බ්‍රිතාන්‍ය යුරෝපියන් යුනියන් එකෙන් ඉවත් වීම) නිසා එන්ගලන්තෙට යුරෝපෙන් එන නර්ස්ලයි ඇටෙන්ඩන්ට්ලයි අඩුවීම නිසා ඉස්පිරිතාල මුහුනදෙන ප්‍රශන ගැන ශාස්ත්‍රීය සාකච්චාවක් පටන් ගත්තා
මම දන්න විදියට අපේ අක්කා මෝඩයා රටට් හෙනගහලා ගියත් මුකුත් හොයන්නෙ නැතුව එයාගෙ වැඩයි ගෙදර වැඩයි විතරක් කරන් ඉන්න ගෑනියෙක්
මම් කියුවනෙ චාරුගෙ නන්ගී මල්ලී අති පන්ඩිතයි කියලා ඒක නිසා අපේ අක්කටත් ඕනි වෙන්න ඇති අපේ පැත්තෙත් යමක් කමක් දන්න අය ඉන්න බව පෙන්වන්න ...නැත්තන් කවදාවත් එයා ඔය වගේ පම්පෝරි කතා කියවන්නෙ නෑ...ගෙදරදිනම් ඉස්පිරිතාල කතා කියන්නෙම නෑ..එයා කියවන්නෙ එක්කො කෑමක් අදින හැටි නැත්තන් ඇදුමක් මහන හැටි ...එහෙමත් නැත්තන් ලමයින්ගෙ දග වැඩ නිසා එයා කොයිතරම් විදවනවද කියලා මහා අදෝනාවක්
ආධී මද්දුයි දෙන්න මහ ලොකුවට උද්‍යන විද්‍යව ඉහලින් දන්න දෙන්නෙක් වගේ රගපාන්න ගිහින් හොදට ඇනගත්තා
මොකද චාරුගෙ තාත්තා හොදට හෝටිකල්චර් පොත් කියවල තමයි මල් වගාව පටන් ගෙන තියෙන්නෙ ඒක නිසා එයාට ඒක ගැන ලොකු දැනුමක් තිබුනා
අපේ මද්දුයි ආධී දන්න මල්ම්වගාවක් උද්‍යන අලන්කරනයක් නෑ...බොරුවට මේ සතියෙන් දෙකෙන් ගෙදර මිදුල පෙරලන්න හැදුවට ඒ විශය ගැන මෙලෝකයක් දන්නෙ නෑ
උන් දෙන්නා චාරුගෙ අප්පච්චි අහන ප්‍රශන වලින් කොරවෙලා කැත සීතල හූනො දෙන්නෙක් වගේ ඔලුව වන වන හිටියා

තිත්ත පැණිWhere stories live. Discover now