තිත්ත පැණි එපිසොඩ් 03

4.8K 695 49
                                    

Ep 03
අක්ක බබාගෙන් කන පිරෙන්න කම්මුල් පාරක් ලැබුනා
පුපුරුගහන කම්මුලත් එක්ක ෆුල් ෆේස් හෙල්මට් එක දාගත්ත මම බයික්කෙ එක තැන රේස් කරලා අක්කාගෙ ඇගට වෙට්ටුවකුත් දාගෙන එන්න ආවා
ඒ විදියට ඒ හුටපටෙත් ඉවර උනා...ඇගේ තියෙන අමාරුව පිට උනාට හිතේ තියෙන නුරුස්ස්න කම නැති උනේ නෑ
චාරුකයා ලග හිටිය්ටියනම් ඌට හොම්බට අනිනවා...දවසම මූසල කරා
පාරාදීසෙන් (කැම්පස් එක ලගතිබුන වයින් ස්ටෝස් එක පැරඩයිස්...අපේ උන් කියන්නෙ පාරාදීසය කියලයි)  විස්කි කාලක් අරන් බෝඩිමට ගිහින් අමුවෙන්ම ගහලා නිදාගත්තා

පහුවෙනිදා උදේ ප්‍රැක්ටිකල් එකක් ...ඒක ලොකු අමාරු එකක් නෙමෙයි...පොඩි ටයිට්ට්‍රේශන් (අනුමාපන) වගයක් තිබුනෙ වෝටර් කොලිටි චෙක් කරන්න
වෙනදනම් අපි ඩිමෝ අයියට කෙදිරිගාලා කොහොම හරි මමයි චානුකයයි එකම ගෲප් එකට යනවා
චානුකට කෙමෙස්ට්‍රි පැක්ට්‍රිකල් ගැන හොද හුරුවක් තිබුන
උන්ගෙ තාත්ත්තා ඒලෙවල් කෙමෙස්ට්‍රි සර් කෙනෙක් නි සා ගෙදරත් පොඩි ලැබ් එකක් තියෙනවලු..ක්ලාස් කරන ලමයින්ට උගන්වන්න
ඒනිසා මූ පොඩි කාලෙ සෙල්ලමට කරලා තියෙන්නෙත් ප්‍රැක්ටිකල් කරන එක
මිනිහට අනුමාපනයක් දුන්න්ම ලැබෙන රසායන ද්‍රව්‍ය අනුව සමතුලිත ලක්ශ ම්‍යනවගේ පරිමාවකදි වෙනව්ද කියලා පොඩි ඉගියක් හිතේ තියෙනවා
ඒ නිසා මිනිහා දඩ බඩ ගාලා ප්‍රැක්ටිකල් එක ඉවර කරනවා
මටයි ඌටයි දෙන්නටම ලැබ් ශීට් පුරවලා ලැබ් එකේදිම එසයිමන්ට් දෙකත් සබ්මිට් කරනවා

මම යද්දි චාරු සුලක්කනා එක්ක එක ටීම් එකක් වෙලා
ප්‍රැක්ටිකල් එකට ඕනෙ ද්‍රව්‍ය හොයනවා
මේ වෙලාවට් ලැබ් එක කඩි ගුලක් වගේ කට්ටිය එහෙට දුවනවා මෙහෙට දුවනවා
මවුල ගනන් මනින බැලැන්ස තියෙන්නෙ ටිකයි ඒව ලග පෝලිමේ ඉන්න ඕනෙ කිරාගන්න
රාක්ක වල එක එක වීදුරු බෝතල් ඩප්පි වල දාලා කෙමිකල් වර්ග ගොඩක් තියෙනවා ඒවයෙ ලේබල් බලලා තෝරගන්න් ඕනෙ..මෙශරින් සිලින්ඩර් වලින් මැන මැන සාන්ද්‍රනය හදාගන්න ඕනි වැඩ ගොඩයි
ඔක්කොම එක එකා සෙට් උනාම මට් අහු උනේ ලෙන්චිනා...
ලෙන්චිනා කියන්නෙ බැච් එකේ ඉන්න මොන්ගල්ම කෙල්ලෙක්
අත උස්ස්ලා කැමපස් ආවද කියලා හිතෙනවා මෙලෝ මීටරයක් නෑ

තිත්ත පැණිWhere stories live. Discover now