ep 36

2.7K 433 19
                                    

Ep 36
"කොහෙද හලෝ ඉන්නෙ ෆෝන් එකත් සයිලන්ස් කරන්....ඔයා එක්කනම් මට එපා වෙකා තියෙන්නෙ යන එන තැනක් කියන්නෙත් නෑ කරන මගුලක් කියන්නෙත් නෑ...බ්ල්බ්ල්බ්ල්බ්ක්බ්ක්බ්ලා"
සයිලන්ස් දාපු ෆෝන් එක ඔන්කරා විතරයි නානාගෙ කඩේ කොත්තු දානවා වගේ එක දිගටම ක්‍රිශ් බැනගෙන බැනගෙන යනවා
"හරි හරි ඔය ලවුස්පීකරේ වහගන්නවා...අපි ලෙක්චර් හෝල් එකට එනගමන්...කොහෙවත් මගුලක ගෙයෙ එකක් නෑ ඕයි...ඩිපාට්මට් එකට ආවෙ කලුගලා හම්බෙන්න..."
"ආආ දැන් ඔය ලෙචර් හෝල් යන්නෙ එතැන කුබුරු ගාන්නද?"
"" ඇයි මොකද්ද උනේ""
"මුකුත් උනේ නෑ ..අද ලෙක්චර් එක හවසට ශිෆ්ට් කර්ලා ...උදේ ෆ්‍රී...අපි හැදුවෙ ප්‍රැක්ටිස් කරන්න...ලෙක්චර්හෝල් සෙවන් අපි රිසවුඩ් කරා...ඩයිනා ගිහින් කතාකරල...දැන් ගල් තාප්පෙ ඉදන් එතැනට යන ගමන් එනවා එතැනට" ක්‍රිශ් ෆෝන් එක කට් කරා
චාරු ක්‍රිශ් ගෙ සද්දෙට බයේද මන්දා මෙච්චර වෙලා අල්ලගෙන හිටපු මගේ අත අතාඇරියා
"ඇයි අතහැරියෙ...යන්කෝ අල්ලගෙනම ලෙක්චර් හෝල් එක ලගටම"
"එපා ඒක හරි නෑනෙ"
"දැන් එහෙනම් මේ දුරම අපි අත් අලාගෙනනෙ එකට ආවෙ
"" අල්ලන්න ඕනෙ තැනදි අල්ලගන්න ඕනි...අත හරින්න ඕන තැනදි අතහරින්න ඕනෙ..අල්ලන් ඉන්න බැරි වෙලාවෙදිත් අමාරුවෙන් අල්ලගෙන හිටියම කරදර වැඩී..ඒක නිසා අතහරින එකත් පුරුදුවෙන එක හොදයි.
"හොදයි...හොදයි...ඔය වැදි බන නැත්තන්....අන්න අරුන් "ප්‍රැක්ක්ටිස් වලට එල් 07 යනවා අපිත් යන් ""
"දැන්...නටන්න ඕනෙද?"
"ඇයි බයද...බය වෙන්න එපා අපි හොදට පුරුදු උනානෙ"
"ම්ම්ම්ම්ම්" චාරුක මූමූ ගෑවා විතරයි
"බය වෙන්න එපා ...මම ඉන්නවනේ....බඩ ගිනිද....උදේට කෑවෙ නෑනෙ"
"කන්න ඕනෙ නෑ අපි යන් ක්‍රිශ් බනී" චාරු කැන්ටිම පහුකරන් ලෙක්ච්හෝල් යන්නන්හදයි
"ඇයි උබ ක්‍රිශ් බනිවට ඔය තරම් බයද" මම එයාගෙ අතින් ඇදලා නවත්වන්න හැදුවා
"මට බැන්නට කමක් නෑ...උබට බැන්නම දුක හිතෙනවා....මම නිසා උබගෙ ජීවිතේට නරකක් වෙනවට මම කැමති නෑ" එයා අත ගහලා දාලා යන්න හදනවා
"මගේ ජීවිතේ...මොකද මමත් නොදන්න මගේ ජීවිතේ....මගේ හැමදේම් උබනේ....උබෙන් තොර වෙන ජීවිතයක් මට නෑ" මම චාරුගේ අත කිහිල්ලෙ ගහන් කර්න්ටිමට ඇදගෙන ගියා
"ඕයි නැට්ටුක් කාරයෝ ...නටන්න යන්නෙ ඇද්ද" බැලියැයි...බූන්ජී ..වයිමයි සෙට් එක අබ ගහටට බන්කුවෙ හාල් වෙනවා
"යනෝ බන්...මේ කාලා දුවන්න හදන්නෙ" මම අපේ සෙට් එකට කියුවා
"ස්වැග්...අපේ ක්‍රිශ් නන්ගියා...අදින ඇදුම් වලට අපේ බොකුපාත්වෙනවා බන්...අපිටත් පොඩ්ඩක් ඉඩක් නැද්ද නැටුමේ"
"වරෙන් වරෙන්....උබට සෙට් කරලා දෙන්නම්....මමත් මේ ඒකි දීලා කැඩිච්ච බඩු කඩේකින් බේසමක් වගේ ගන්න ඉන්නේ" මම ජෝක් එකට ජෝක් එකෙන්ම උත්තරයක් දීගෙන කැන්ටිමේ පෝලිමට ගියා
"මොකෝ බන් අද පෝලිම"
"හදියෙ නන්දෙ අයියගෙ කොත්තු කඩේට අපේ උන් ගල් ගහලා වීදිරු කුඩුයි බන් ඌ පොලීසි ගිහින්...ඌට සපෝට් එකට එලියෙ කඩ ඔක්කොම වහලා"
"ඇපෝයි...ඕකගෙ වහතු කොත්තුවට ගල්ම කෙලපු එකයි හොද
ගහපු එකාට ගල්
පුදන්න ඕනෙ මල්" ම්ම රැප් කරලා කියුවෙ හිවලා කියපු දේට පිලිතුරු විදියට්
"අනේ චාරු මම ඔයාව හොයාගන්නමයි හිටියේ....එදා කරපු පොලිමරේස් චේන් රියැක්ශන් ගනන් වල බීටා අවකලනය කරන්නෙ මොකද...කිසිම පොතක නෑනෙ ඒකට උත්තරේ"
කෑම කාලා යන ගමන් කිකිලී පොත් මිටියයි කුඩෙයි තුරුලුකරන් අපි ලගට ඇවිත් චාරුගෙන් ඇහුවා
ශර්ට් සාක්කුවෙ ගහගෙන තුබුන පෑන් විල්ල ගලවලා කටේ එක පැත්තක විකගෙන කොලේක රියැක්ශන් චේන් එක අදින ගමන් චාරු විස්තර කරනව කටේ එක පැත්තකින් විතරක් කතා කර කර
"ඕයි ඕයි ඉස්සරහට පලයල්ලා මෙතන ලජාගහන්නෙ නැතුව...මේ ස්ටඩි රූම් නෙමෙයි..." චාරුවා කිකිලිගෙ පොත බලන් හිටපු ටිකට පෝලිම ඉසාරහට ගිහින් එතන හිඩසක් සැඩ්ගුන නිසා පිටිපස්සෙ හිටපු සින්නො තල්ලුවක් දුන්නා
වේගෙන් තල්ලුවෙලා ගිය මම චාරුගෙ ඇගට වැදිල වැටෙන්න ගියත් පොඩි ෆුට් බෝල් කරනමක් ගහලා චාරුවත් බේරගෙන නොවැටි බේරුනා
"මොන පයන්නද යකෝ තල්ලු දාන්නෙ" මම පස්සට හැරිලා සද්දයක් දැම්මා
මෙලෝ රහක් නැති ඇල්වතුර හොදි එක්ක මැටිපාන් ගිල ගිල හිටපු කැන්ටිමේ කන උන් බෙල්ල උසලා පෝලිම දිහා බැලුවා
"කැන්ටිමේ අන්කලයා කිරි හොද්දට උම්බලකඩ දාන්නෙ බිලී කොක්කෙ එල්ලා ...හොද්ද පැහීගෙන එද්දි ..උම්බල කෑල ගොඩට අරන් හෝදලා අරන් තියනවා හෙටත් හොද්ද්ට දාන්න....ඕකගෙ හත් මුතුන්පරම්පරාවම බොම්බෙලි කරවල වෙන්න ඕනෙ මේ ආත්මෙ උම්බල කඩවලට ජරන නිග්‍රහයට" පිටිපස්සෙ ඉන්න බෙල්ලා...ග්‍රැමීටයි ජෙනීටයි කියුවා කෙල්ලො කිචි බිචි ගාලා හිනා උනා
"අඩෝ තෝ හෙන සල්ලි කාරය වෙලා නේ ..පෙප්සි කෙලින්නෙ අපිටත් දියන්...ආ ඉදා උගුරක් ගහපිය...සැවැග් උබයි චාරුයිත් ගහලා පස්ස්ට එවපන්"කවුදෝ එකෙක් ගත්ට්ග බීම බෝතලයක් උදුරලා රන් ශොට් එක ගානෙ ගහ ගහ පස්ස්ට යනවා පෝලිමේ...කැම්පස් සිරිත කෑම පෝලිමේ මොකක ආවත් නෑ බෑ නොකිය කටක් කාලා උගුරක් බීලා පෝලිමේ පිටිපස්ස්ට යවන්න ඕනි

තිත්ත පැණිWhere stories live. Discover now