ep 63

1.9K 365 53
                                    

Ep 63
"පුතාලා දෙන්නම යන් ..අපි එක්ක ඩිනර් එක ගන්න...මේ ලග මගේ අයියගෙ ගෙදර අපි එහේ යන ගමන්""
සුලාගෙ තාත්තා මටයි චාරුටයි රෑ කෑම කට ආරාධනා කරා
"අනේ අන්කල් මම නම් දාගත්ත වැඩක් තියෙනවා....මට එන්න වෙන්නෙ නෑ" මම ටක් ගාලා කියුවා...මට ඕනෙ නෑ තවදුරටත් මෙතන ටැක් ගැහෙන්න
"අයියෝ...සැවැග් යමුකෝ....අද මොනාද අනේ ඔයතරම් තියෙන වැඩ...දැන් ප්‍රැක්ටිකල් එක ඉවර වෙන්න ලගයි...මම ගිහින් ක්‍රිශ්වත් එක්ක එන්නම් අපි හතර දෙනාම යමුකෝ"
සුලක්කනා මට පෙරැත්ත කරනවා
"නෑ...මේ සුලා...මම ඩයිනට පොරොන්දු උනා පෝස්ටර් වගයක් අදින්න යන්න දැන් බෑ කියන්න බැහැ ඒකයි"
"අයියෝ අබලන්නකො ඔයත් දාගන්න වැඩ...ඔයා එන්නෙ නැත්තන් ක්‍රිශ් එන එකකුත් නෑ"
"මම එයාව එක්කගෙන එන්නම් මෙතැනට එයා යාවි"
"නැ නෑ අනේ ක්‍රිශ් එන්නෙ නෑ ඔයා නැතුව....ආආ...ඔය කියන කිටම එන්නෙ ...මම ක්‍රිශ්ට මැසේජ් කරා මෙතනට එන්න කියලා"
ක්‍රිශ් හෙමින් හෙමින් පොත් මිටිය තුරුලුකරන් පාරදිගේ යද්දි
සුලක්කනා පෙර ගමන් ගිහින් ක්‍රිශ්ව පිලිඅරන් අපි ලගට එක්කගෙන ආවා
මම යන්නෙ නෑ කියුව ක්‍රිශ් යන්න බෑ කියුවා
චාරුට මුකුත්ම කියාගන්න බැරි උනා එයා ලත් තැනම ලොප් වෙලා ගල් ගැහිලා ඔහේ බලන් හිටියා
සුලා එයාව රෑකඩයක් වගේ වාහනේට පටවගත්තා
හැමෝම අපිට යනවා කියලා වාහනේ නැගිලා ඉගිල්ලුනා
මමයි ක්‍රිශ් කෑමයි එතැන තනි උනා
"මේ කෑම ගොඩක් තියෙනවා...ඔයා කාලා හොස්ටල් එකටත් අරන් යන්න" මම ක්‍රිශ්ට කියුවා
"ඇයි ඔයතරම් හදිස්සියක් අපි දෙන්නා හෙමින් කාලා...රැවෙනකන් ඇවිදලා යමු " ක්‍රිශ් එයාගෙ පොත් මිටිය මගේ උකුල උඩින් තියන ගමන් කියුවා
"මේ අද ප්‍රැක්ටිකල් එක කොහොමද?...ඒ ප්‍රැක්ටිකල් එක ලේසි උනාට කයිනටික් එනර්ජි ගනන් කරන ගානනම් හරි අමාරුයි නේද?"" සුලක්කනා කේක් කන ගමන් මාව කතාවට අල්ලගන්න හදනවා
ඒත් මම හියියෙ කතාකරන්න පුලුවන් මානසික තත්වයක නෙමෙයි
"මට ඉන්න බෑ මගේ ඔලුව කකියනවා...මම බෝඩිමට යන්න ඕනෙ" මම තරහෙන් ක්‍රිශ්ට කියුවා
"ඇයි අනේ මාර වැඩක් නේ...ඔයාට මාත් එක්ක ඉද්දි ඔලුව කකියනවා බඩ කකියනවා...නිදිමතයි...රටේ තිහෙන ඔක්කොම වසන්ගත හැදෙනවා අනික් උන් එක්ක ඉන්න කොට ඉහෙන් බහින ලෙඩක් නෑනෙ " ක්‍රිශ් තරහෙබ් කකා හිටිය කේක් එක මේස උඩින් තිබ්බා
"එහෙම එකක් නෑ...මට අමාරුයි එච්චරයි" මම නුරුස්සනා හඩකින් කියලා යන්න නැගිට්ටා
"ඔහොම ඉන්නවා ස්වැග්....මට ඔයා එක්ක කතාකරන්න ඕනි...අපිට හැමදාම මේක කරන්න බෑනෙ...බදින්නත් කලින් මෙහෙමනම් බැදලා අපි එකට ඉන්නෙ කොහොමද?...කෙලින් කියන්න ඔයාට මාව එපා නම්...මාව වදයක් නම්...නුරුසනා කමෙන් එකට ඉන්න බෑනෙ"
"ඇත්ත්ටම ක්‍රිශ් මට තමුසෙ මල ඇනයක්...මේ සම්බන්දෙ පටන්ගත්තෙත් තමුසෙගෙ උවමනාවට...මේක ඇදගෙන යන්නෙත් තමුසෙගෙ උවමනාවට...මට මේක දැන් ඇතිවෙලා"
මම සමර් හට් එකේ කනුවට අතින් ගහන ගමන් කියුවා
ක්‍රිශ්ගෙ මූන බැලුවෙ අනෙති උනාට මට තේරෙනවා එයාගෙ කේන්තියයි දුකයි ඔක්කොම කැටිවෙලා රතු දම් පාට උන එයාහෙ සුදු මූන
"ඒකියන්නෙ ඔයාට මාව එපා....අපි අපේ සම්බන්දෙ නවත්වනවා කියන එකනේ"
එයා වෙවුලන කටහඩකින් ඇහුනා

තිත්ත පැණිWhere stories live. Discover now