ep 80

2.4K 364 17
                                    

Ep 80
පදින්න තියෙන වාහන ටයර් එක උඩ එක ගැට ගහලා
කෑගහන දගලන තරුනවයසෙ කොල්ලෙක් අම්මා තාත්තා ලමයා බේරගන්න දගලද්දි බලෙන් පැහැරගෙන ඇවිත්
රබර් ටයර් සෑයට තියලා ගැටගහලා
කාත් කවුරුත් නැති පාරක
බූමිතෙල් දාලා
ගිනිතියලා යන බයානක අතීතයකදි
කැම්පස් එනවා කියන්නෙ
රජයට විරුද්දව ක්තාකරන්න රජය විවේඡනය කරන්න
බය නැති පිටකොන්දක් හදාගන්නවා කියන්නෙ මාරම ගේමක් තමයි
නිදහස් අද්‍යපනය , මානව හිමිකම් රැකගන්න කෑගහන
කැපස් වල කොල්ලො කෙල්ලො කවුරුත් නොදන්න වද කදවුරුවල දාලා
ඇදුම් ඔක්කොම ගලවලා කටුකම්බිවලින් ගහ ගහ වද දීපු
ලේවලින් ලියවුන භයානක අතීතයක් තිබුන විශ්ව විද්‍යල පද්දතිය
ඒ වදහින්සාවලට ඔරොත්තු දෙන විදියට නවක පරම්පරාව හැඩගස්වගන්න
පද්දතිය ඇතුලෙන්ම බිහිකරපු
අපූරු සන්කල්පයක් නවක වදය
ඒකෙ තියෙන්නෙ ප්‍රධාන කරුනු හතරයි
1.මොන භාදකය ආවත් වටේ උන් මොනතරම් ලැජ්ජා පරිභවකරත් තමන්ගෙ අරමුණට තමන් යනවාමයි කියන අධිශ්ඨානය ඇති කිරීම
2. මොන තරම් වද දුන්නත් බලකරත් තර්ජනය කරත් තමන්ගෙ යාලුවව පාවලා දෙන්නෙ නෑ
3. බැච් ෆිට් එක...එහෙම නැත්තම් කන්ඩායමේ එකමුතු බව
4, තමන්ගෙ සත්‍ය අන්න්‍යතාව වහගෙන හැන්ගිලා ඉන්න එක(ඒකයි කැමපස් වල අදටත් නම වෙනුවට හුරතල් නමක්..එහෙම නැත්තන් කාc එකක් භාවිතාකරන්නෙ)
සුද්දා උඩ රට අල්ලගත්ත වෙලාවෙ උන්ට ලොකුම් ඇනයක් උනේ

සැරින් සැරේ බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව කැරලි ගැහුවෙ හෙල සටන් කලාව..අන්ගන්පොර ඉගනගන්න තරුනයො
ඒක නිසා සුද්දො අන්ගන් පොරට්ගහනම් කරා
ඒවෙලාවෙදි අන්ගන්පොර ගුරුවරු...උඩරට නැටුම් උගන්වපු ගුරුවරු එක්ක එකතුවෙලා සටන් කලාව නැටුම් අස්සෙ හැන්ගුවා
ලමයි යන්නෙ නැටුම් පුරුදුවෙන්න
ඒත් හොරාට පුරුදුවෙන්නෙ සටන් කලාව
ඒවගේ අසූගනන්වල විශ්වවිද්‍යල ඇතුලෙ ඉගනගන්නවට අමතරව
රටේ අත්තනෝමතික කුහක දේශපාලනේට විරුද්දව සටන් කරන්න අවිදිමත් හමුදාවක් පුරුදුකරා
ඒක පුරුදු කරේ නවක වදය කියන නම දාගෙ ඒ අස්සෙ හන්ගලා
ඇත්තටම වදයක් කියුවට ඒකෙන් උනේ අභියෝගවලට මූ අ දෙන්න පුලුවන් බය නැති තරුණයෙක් නිර්මානය කරන එක
ඒ මුල් නවක වදයේ ලක්ශන වර්තමානෙ නවක වදය ඇතුලෙ තාම තියෙනවා
වැලිදාලා දන ගාන එක දන හිසෙන් උඩ පනින එක...විදුලි පුටුවෙ ගහලා තියෙන එක වගේ දේවල් වලින් වේදනාව ඉවසන්න පුරුදුකරා
නිතර කුනුහරුප කියලා අපහාසකරන එකෙන් බය කර කර පොලු මුගුරු අතේ ඇතුව වටේ ඉදන් බලපෑම් කරන එකෙන්
මොන තර්ජනේ ආවත් තමන්ගෙ කන්ඩායමේ නායකයො පාවදෙන නොදෙන්න පුරුදු කරා
රජය දැනගෙන හිටියා තමන්ට විරුද්දව කැරලි ගහන ලමයි බිහිවෙන්නෙ නවක වදයෙන්
ඒක කැම්පස් වලින් අයින් කරන්න ඕනෙ
ඒකට තියෙන හොදම විදිය නවක වදය යකෙක් රාක්ශයෙක් බිල්ලෙක් කියන එක සමාජයට පෙන්වන්න
ඒකට ඔවුන් පාවිච්චි කරා ක්‍රම කීපයක්

තිත්ත පැණිWhere stories live. Discover now