ep 53

2.4K 399 28
                                    

Ep 53
එකෙක් පිස්සුවෙන් හු කියනවා
තව තුන්දෙනෙක් අතක පතක ගොරක පතක කරනවා පොඩි උන් වගේ
සෙට් එක්ක චම් චම් ච්ම්..අහා ච්ම් චම් ච්ම් කිය කිය වැස්සෙ නටනවා
තවත් එකෙක් පිසිකල් කෙමෙස්ට්‍රි සර්ව මරන්න පුලුවන් විදි 52ක් ඇතුලත් චිත්‍ර කතා පොතක් ලියලා
එකෙක් සරම්ක් ඇදන් ඔලුවෙන් හිටගෙන බිත්තියට හේත්තුවෙලා ඉන්නව උගේ සරම බිමටම කඩා වැටිලා කෙහෙල් ගෙඩිය මලානිකව බිමට එල්ලලා වැටෙනවා
තව එකෙක් ගුලි 10ක් කාලා තොන්ඩා කියන නම තියෙන වයසක කුනු බල්ලව බදාගෙන හදට රොකට් එක්ක යවද්දි ඒකෙ එන්ජිම ඩිසයින්ග් කරන හැටි කියලා දෙනවා
ඇත්ත්ටම මම හිටියෙ පිස්සන් කොටුවක නෙමෙයි
මම මේ හොස්ටල් එකට ආවා විතරයි
මේක පිස්සන් කොටුවක් වෙලා..එකෙක් නෑ හොද සිහියෙන්
ටික්ක හරි සිහිය හොද උන් ලයිබ්‍රි එකට ගිහින්
ඕකයි තත්වෙ විභාග කාලෙට හොස්ටල් එකේ
අද ටියුටෝරියල් ක්ලාස් මටයි චාරුටයි තිබුනෙ වෙන වෙන ම
මගේ එක කලින් ඉවරයි
චාරුගෙ එක පැය කීපයක් ඇදෙනවා
එයා එනකන් මම වැස්සකුත් ආපු නිසා නිකමට හොස්ටල් ආවා
අපිට වාර අවසාන විභාගෙට පාඩම් කරන්න සති තුනක පාඩම් නිවාඩුවක් දුන්නා
ස්ටඩී ලීවු එකට ගොඩක් අය ගෙදර යන්නෙ නෑ කැම්පස් එකේම ඉදන් පාඩම් කරන්නෙ
අපායෙ ඉන්ටවල් ඉවරයි...මුලු මාස 5ක් පිස්සු කෙල කෙල හිටපුවගෙ ප්‍රතිපල එලිපිට විදවන්නෙ මේ කාලෙ තමයි
ගොඩක් උන්ට බාගෙටත් වත අරිකාලක් වැඩි පුර පිස්සු හැදිලා

උබලම හිතපල්ලා 2 ජීබී පෙන් ඩ්‍රයිවු එකකට ටෙරා බයිට් 3ක ඩේට දාන්න බෑනෙ
ඒකමයි අපිට වෙලා තියෙන්නෙ...අපේ මොලේ පොල් කටුවක් සයිස්..ඒත් ඒකට මුහුදක් තරම් විශාල දැනුම ගොඩක් එක පාර ඔබන්න වෙලා
ගොඩක් කල් යනකන් නෙමෙයි විභාගෙ ඉවර වෙනකන් වත් මහ දෞම ගොඩක් ම්ලේ අලව ගෙන යන්න එපැයි
මේ ගොඩක් පාඩම් කරන ඒවා අමාරුවෙන් ඔලු උඩ ට්ජියන් ගිහින් විභාගෙ ලියපු ගමන් බිම අතහැරලා එනවා
පොඩි කාලෙ වගෙ දිගුකල් ම්තකයෙ තියාගන්න බෑ මේ අප්ප්බ්‍රන්ශ
අනවශ්‍ය පීඩනයකින් දැනුම පුරවන්න ගිහින් අපේ බගෙට බාගයකට ස්ට්‍රෙස් ආතතිය ඩිප්‍රෙශන් විශාදිය හැමජාතියෙම මානසික ලෙඩ හැදිලා
සමහරු තනියෙම කියවනව
සමහරු තනියෙම හිනාවෙනවා
කොල්ලො සම්ප්‍රදායක් විදියට නෝට් ලියන්නෙ නෑ..චාරු වගේ එක්ස්ට්‍රීම් කේස් එකක් හැර
බොරුවට කොල මිටියක් තියන් බලි කූටු ගානවා තමයි පන්තියෙදි ලෙක්චරර්ව රවට්ටන්න ඒත් ඒව එදාම ඩස්පි එකට විසිකරනවා
විභාගෙ ලන් වෙද්දි මල් දලා හැඩ දාලා ඉ රිගහලා කොටු කරලා එල කිරි වගේ ලියාපු නෝට් තඩියක් ෆොටෝ කොපි ගහනවා කෙල්ලන්ගෙන් ඉ ල්ලගෙන...ඒදව්ස් වල හැම තැනම නෝට්ස් හිගන්නො වැහි වැහැලා
"ඕයි මුගෙ කිරි අප්පට බල්ලො නෙමෙයි ...වලස්සු පනින්න එපැයි මෙහ්චර ගොඩක් උගන්වලද...කවද්ද බන් මේ විකාර ඉගැන්නුවෙ....තර්මොලි නියමය කියන එකත් ඉගැන්නුවද ..ඒක කැවුම් හදන විදිය තියෙන රහස් රෙසපි එකක් ද"
කොල්ලො කෙල්ලන්ගෙ නෝට් බල බල විස්සෝප වෙනවා
අපි දන්න දේවල් නිය පොත්තට ගත්ත වැලි තරම් පොඩී
නොදන්න නොතේරෙන කොටස් මහ පොලොවෙ වැලි වගේ විශාලයි

තිත්ත පැණිWhere stories live. Discover now