ep 54

2.1K 382 33
                                    

Ep 54
දැන් එයා මගේ නෙමෙයි
සුලක්කනාගෙත් නෙමෙයි
දැන් ඒකා පොදු වස්තුවක් වෙලා
නිදහසේ ඉන්න වෙලාවක් නෑ
දොස්තරගෙන් බේත් ගන්න ලෙඩ්ඩු ඇවිත් පෝලිමේ ඉන්නව වගේ
යන් යන තැන්වල දිග පෝලින් ගැහිලා කොල්ලො කෙල්ලො නෝට්ස් උස්සගෙන උගේ පස්සෙන් වැටුලා
මායි චරුයි ස්ටඩි රූම් එකට ආවා විතරයි වෑල්ඩින් එන්වා පොත උස්සන්
"චාරු මේක කිය්ලා දෙන්න පින් සිද්දවෙයි"
ඌ යන්න නෑ බිස්කි එන්වා පොතත් අරන් දෙකට නැමිලා වදින්නෙ නැති ටික විතරයි
"මේ ගාන හදන හැටි කියලා දුන්නොත් උබට පින්සිද්දවෙනවා"
ටීනා බොතල් අඩි කන්නාඩි දෙක දෙකත් දාගෙන පොත් මිටියක් උස්ස්ගෙන එනව
"" මම ඔයාගෙන් ගොඩාක් කරදර කරන්නෙ නෑ අනේ...මේ පිටු 321 කියලා දෙන්නකෝ""
"යකූ පිටු තුන්සිය ගානක් කියල දෙන්න වෙලා යන්නෙ නැද්ද බොල...මූට ඒ තරම් වෙලා නෑ...පලයන් වෙනකාගෙන් හරි අහගනින් ....මූ විත්‍රක් නෙමෛනෙ ඕක දන්න උන් ඉන්නෙ මේකෙ "
පිටේ යන්න දුන්නම මුන් ගෝනි නැතුවම යන්න එනවා....මම ඒකිට බැනලා එලෙවුවෙ...චාරුවා මුකුත් නොකියන නිසා
"ආආ...මොලේ තියෙන උන්ලග වැටිලා තියෙන මැටි කලවල ගෑස් නෙ දැන් වැඩි....උබත් කිනිතුල්ල වගේ චරුගෙ සාරෙ උරාබීලාම තමයි නෙ ගොඩ යන්නෙ....උබ ඌට නිදහසේ ඉන්න දෙනවනම්...ඌට වෙලා තියෙනවා මේ බැච් එකටම තනි තනියෙම කියලා දෙන්න...අපිට ඔහොම සද්දෙ දාන්න මූ උබෙ පෞද්ගලික බූදලයක් ද...මූ බැච් එකටම අයිති පොදු වස්තුවක් ""
බිස්කි මට බැන බැන ගියා
"" ආ දැක්කනේ බිස්කි කියපු එක දැන් උබ පොදු වස්තුවක්ලු ...මාව ඕනෙ නෑ ගිහින් උන් ඔක්කොටම දීපන් "චාරු ලගින් මම ඒත් වෙන්න යද්දි ඌ මාව බලෙන් පුටුවට තියලා අල්ලගත්තා
මෙන්න එතකොටම බටනා එන්වා
"" උබනම් දෙයියෙක් බන් උබ නැත්තන් අපි ඔක්කොම වලේ තමයි...මේන්න මෙතන තියෙන මේ චූටි සමීකරනෙන් මොකද්ද කරන්නෙ...කියලා දීපන් බන් පින්සිද්දවෙයි බන්"

ඒ සමීකරනෙන් කරන්නෙ උබලගෙ ආච්චිට ඇමිනෙන එක භල්ලො...බොරු කියාගෙන එන්වා තුන්වෙනි පාරටත් ...මූට දැන් පින් වැඩි වෙලා පිම්පියෙක් වෙනවා
"මචන් මූ මේකම කියලා දුන්න දැන් විසි දෙනෙක්ට විතර මූත් පාඩම් කරන්න ඕනෙනෙ...ගිහින් වෙන කාගෙන් හරි අහගනින්කො"
මම මටන්ගෙ පොත මේසෙ උඩින් අතට අරන් ඌටම ආයෙ දෙන ගමන් කියුවා
"එහෙනම් උබ කියලා දීපන්කො...උබ මූ ලග හිටියනම් විසිපාරක් විත්‍ර උබත් මේක අහගන්න ඇතිනේ"
චාරුවා මට ඔලොක්කුවට හිනා උනා...මම දත් කූරු කාගෙන බටනට ඒ සමීකරනෙ වෙන්නෙ මොකහ්ද්ද කියන එක පැහැදිලි කරා
"මිනිස්සු උබව යූස් කරනවා මෝඩයො...ඒක තේරෙන්නෙ නැද්ද...උන් හොදට පාඩම් කරලා පොඩි දෙයක් අහගන්න උනලගට දුවනවා...උබ දව්සෙම උන්ට කියල දීල පාඩම් කරන් වෙලාව නාස්තිකරගන්නවා"
මම චාරුටබැන වැදුනා
හොද වෙලාවට අපේ ගෑනු දෙන්නම තනියෙන් පාඩම් කරන්න පුරුදු උන් අය නිසා ඒ දෙන්නම් අපේ ඇගේ එල්ලිලා වද දෙන්න ආවෙ නෑ
අනෙක් උන්ගෙන් එන කරදර එන්න එන්නම වැඩි උන නිසා අපි තීරනේ කරා බෝඩිමටම වෙලා පාඩම් කරන්න
මගේ බෝඩිමේ දෙන්නම
මම හිතුවෙ ඒක හරිම මොහිරි අත් දැකීමක් වෙයි කියලයි
ඒත් මම වැරදී
එයාට බෝඩිමේ ඉදන් පාඩම් කරද්දි
විභාග ස්ට්‍රෙස් කියන බයානක් පිස්සු බලු රෝගය හැදුනා
ඒකෙන් මටයි හොදටම විදවන්න උනේ

තිත්ත පැණිTahanan ng mga kuwento. Tumuklas ngayon