තිත්ත පැණි එපිසොඩ් 10

3.8K 561 54
                                    

Ep 10
ලැබ් එක ඉසරහට ආපු කලුපාට කගවේනා වගේ ජගුවාර් කාර් එක
මම නම් හිත හදා ගෙන ඉවරයි බැනුම් මෙට්‍රික් ටොන් දෙකයි සති තුනක සස්පෙන්ශන් එකයි (බෝඩිමට වෙලා ඒ සති තුනම වැල බාලන්න පුලුවන් මුලු දවසෙම...පවු මගේ අසරන ජුන්ඩා)
ලොකුම මානසික වදේ එක දිගටම මේ යස්සනිත් එක්ක ඉන්ග්‍රීසි කතාකරන්න වෙන එක
"ඕඅයිසී....කෝ මේ කුකුල්හොරු"
තෝ ක්වාටර් එක ඇදලා ස්කිනිය ගහලා කාර් එකෙන්මැඩම් බැස්සා
අවුරුදු 40 ගනන් වල අග බාගෙ මැඩම් ඉන්නෙ
කැම්පස් එකටනම් හැලෙන සාරි කොටයක් ගහගෙන..සන්ග්ලාස් දෙක ඔලුවෙ අලවගෙන හීල්ස්වලින් චටස් පටස් ගගා ඇවිදින්නෙ

ඒත් දැන්නම් මැඩම් චූටි කෑල්ලක් වගේ
බැදලා බබාලා නැති නිසා ඔක්සිටොසින් ප්‍රාලැක්ටින් හෝමෝනදෙකම ලොකුවටනැගේ වැඩ කරලා නෑ
ඒනිසාම සදාකාලික මෙනවිවරුන්ට හිමි ලස්සන ඇගේ හැඩයයි තරුන හමයි නිසා මැඩම් වයස විසිගනන් වල අග හරියෙ ඉන්න කෙල්ලෙක් වගේ
(අපේ අම්මලා ...එයාලගෙ ලස්ස්න කිරිවල කවලම් කරලා අපිට පොවපුනිසා...එයාලගෙ තරුනබව නැති උනා...අම්මට උදේහවසමල් තියලා වැන්දත් මදි)
ඔක්කොම කෙලවෙලා තියෙහ්ද්දි මම කොහෙවත් යන මැඩම්ගෙ කාය විච්ඡේදනය කරනවා
මගේ හිත එහෙමයි...කොයිවෙලෙත් තැනට නොගැලපෙන මලදානයක් හිතන්න කැමතී

කොහොම උනත් මැඩම් කතාව සින්හලෙන් පටන් ගත්ත එකනම් ලොකු ප්‍රගතිශීලී සන්වාදයක සුබ ආරම්බයක්
අසුම ගානෙ මගේ හිතේ තියෙන බොරු හිතේ තියෙන විදියට කියන්න පුලුවන්...
අම්මගෙ දිවෙන් බොරු කියන්න ලේසි පරසුද්දගෙ දිවට වඩා (මදර් ටන්ග් = සින්හල / සුද්දාස් ටන් = ඉන්ග්‍රීසි)
ඉන්ග්‍රීසියෙන් බොරු කියන්න අමාරුයි....බොරුවගෙන හිතන්නත් ඕනෙ ..ඉන්ග්‍රීසි ගැන හිතනත් ඕනෙ...දෙක පැටලිලා...බොරුව එලිවෙනවා
"මැඩම් මේ ලමයි දෙන්නා තමයි අහු උනේ..." ඕයිසී මැඩම්ව අපි ඉස්සරහට එක්කගෙන ආවා
"ම්ම්ම් කෝ බලමූ කවුද මේ....ඔය නිල් ඇදුම ඇදන් ඉන්න කෙනා ඔලුව උස්ස්න්න" ඕන පුකක් වෙන්න කියලා මමනම් පපුව ඉස්සරහට දාලා ඔලුව කෙලින් තියන් හිටියෙ ඉස්ස්කෝලෙ කැඩෙට් කොල්ලො ඉන්නවා වගේ....ඒත් චාරුකයා අඩලා බෙල්ල නාවාගෙ ලොන්ත පොලොස් වෙල හිටියෙ...මම් ඌට වැල මිටෙන් ගැහුවෙ ඔලුව උස්සන්න කියන්නයි

තිත්ත පැණිWhere stories live. Discover now