ep 89

2K 335 26
                                    

Ep 89
මෙට්‍රො සිටි ප්‍රයිවට් හොස්පිටල්  එකේ දහනවවෙනි තට්ටුවෙ රූම් 197
හෝටල් කාමරයක් වගේ සැප පහසු කාමරේ
මම ඇහැ ඇරෙද්දි ඩොනල්ඩ් ට්‍රම්ප් හිලරිව පරද්දන්න රුසියන් පුටින්ගෙන් සහය ගත්තා කන්ස්පිරසි තියරි එක බොරුවක් නම් නෙමෙයි සත්තම සත්තයි කියලා
ලන්කාවෙ නිවේදිකාවකටත් වඩා පහත් විදියට දිවුර දිවුර හිටියෙ සීඑන් එන් එකේ ක්‍රිස්ටිනා අමන්පූර්
උදේම මේ මෙලෝ රහක් නැති දේශපාලන වැඩ සටහනක් දාගෙන මගේ ඇද ලග ශර්ට් එකත් නැතුව හිටියෙ ඩයිනා
"ඕයි නැගිට්ටද...ගොඩක් වෙලා නිදාගත්ත නිසා හිතුවෙ මැරිලා කියලා"
නෙදකින් අමාරුවෙන් ඇස් අරින කලන්තවෙලා හිටපු ලෙඩෙක් පිලිගන්න කෙනෙක් කියන කතාවක්ද මූ ඉස් ඉස්සෙලා කියුවෙ
"මැරුනෙ නෑ...මැරුනනම් හොදයි වගේ"
"තමුසෙ වැඩිය කතා කරන්න එපා ඩොකා නම් කියුවෙ ...අද දවසමත් විවේක ගන්නවනම් හොදයි කියලා
ඒත් මගේ දැනුමෙ හැයියටනම් තමුසෙ වගේ තඩියෙක්ට මැරෙන්න තරම් දෙයක් වෙලා තිබුනෙ නෑ""
"මැරෙන්න තරම් ලෙඩක් නැත්තයි ඇයි මට මගේ අතයි කකුලයි හොලවගන්න බැරි"
"තැලිච්ච කකුලකුයි කැඩිච්ච අතකුයි කියන්නෙ මහ දෙයක් නෙමෙයි නේ ෆුට් බෝල් ගහන කොල්ලෙක්ට...මම දන්නවා උබ පිබුරාවගේ හත් කඩලට කැපුවත් ආයෙ කෑලි ටික හාවෙනවා...ඒකයි මම බය නැතුව හිටියෙ"
"මට බඩගිනී"
"උබට සුප් එකක් ඇර වෙන දෙයක් දෙන්න එපා කියුවා...සුප් එක අතට දෙන්නම් තනි අතින් බොන්න පුලුවන්නෙ
එක අතයි කැඩිලා තියෙන්නෙ
දෙවියො දෙකක් දීලා තියෙන්නෙ එකක් කැඩුනොත් අනෙක් එක ප්‍රයෝජනේට ගන්නනෙ "

"මොකෝ තරහෙන් වගේ කතා කරන්නෙ ...ඔහොම නෝක්කඩුවෙන් කතාකරන්නෙ නෑනෙ වෙනදා"
"මම තරගෙන් කතාකරේ උබට පෙරේදා රෑ...දැන් තරහක් නෑඉදා සුප් එක බීපන් ...හොස්පිටල් එකෙන් ලැබුන ශෝටීසුයි පලතුරුයි නම් මම කෑවා ...උබට ඝන ආහාරා එකපාරට දෙන්න එපා කියුවා ..නැගිටලා පැය 6ක් යනකන්....හවසට හොද කෑම එකක් ලැබුනොත් දෙන්න එක්ක බෙදන් කමු"
"මෙක මම කොහොමද තනි අතින් බොන්නෙ පොවපන් "
"නෑ උබට මාව හිරිකිතයි...අප්පිරියයිනෙ ...මගේ අත ගෑවුන සුප් එකත් උබට එපා වෙයි ...ඒකයි පොවන්න බෑ කියුවෙ"
"මම උබට කියුවද උබ අප්පිරියයි කියලා"
"" උබට ඊයෙ රෑ ඉදලා උන තිබුනා...උන විකාරෙන් උබේ හිතේ තිබුන දේවල් කියවෙන්න ඇති...කොහොම උනත් උබට මම ගැන මාර හිරිකිතක් නේ තියෙන්නෙ...ඒක නිසා පුතෝ මම උබව ආශ්‍රය කරන්නෙ අතේ දුරෙන්...උබ හොස්ටල් එකෙන් ගියෙත් මම උබව අතගායි කියලා අප්පිරිය හිතිලනේ ...ජොහොමත් අප්‍රසන්න මිනිස්සු එක්ක ඉන්න බල කරන්න හොද නෑ...මම මේ වෙලාවෙත් උබේ ලග හොටියෙ...කවුරුත් මට ගෙන්න ගන්න බැරි උනා තාම උබේ ලගින් තියන්න...කවුරු හරි ආපු ගමන් මම යනවා
අනෙක...උබ ආට් හොස්ටල් ගානෙ රින්ගන්න ඕනෙ නෑ...මම හොස්ටල් ගිය ගමන් යට තියෙන තනි කාමරයක් සුද්ද කරලා දෙන්නම් හොස්ටල් එකේ...උබේ පාඩුවෙ උබට ඕනෙ විදියට ඉන්න පුලුවන් ""
"මොනාද ඕයි මේකියන්නෙ...විකාර කියලා මගෙ බඩ ගින්නත් නැතු උනා..ඉදා මේ සුප් එක උබම බීපන් නැත්තන් ...විසි කරලා දාපන් "
"ඒක උබට ගෙනාවෙ...බීපන්...දවසක් විතර උබ මුකුත් කාල නෑනෙ..මාත් එක්ක තියෙන තරහට කෑම වලින් පලිගන්න එපා"
"මට බොන්න බෑ...ඕනෙනම් උබ පොවපන්...නැතතන් එපා"
"" වරෙන් එහෙනම්...කෝ කට ඇරපන්...ඇද උඩ වැටෙයි...මේ සර්වියට් එක දාගනින්""

තිත්ත පැණිWhere stories live. Discover now