ep 48

2.5K 376 24
                                    

Ep 48
රෑකෑම සාමකාමී විදියට ගෙවීගෙන යද්දි මේසෙ උඩ අවසන් නින්දේ නිදියාන රෝස්ට් කරපු කුකුලගෙ මස් කැල්ලෙන් කෑල්ල අපේ ආමාශෙ ඌ වෙනුවෙන් හැදුන සොහොනෙ වැල්ලෙමින් තීබුනා
සාම කාමී භෝජන සන්ග්‍රහය උඩ්ට පත මිසයිලයක් ඇද බන්න අගේ කුරිරු හිත බල කරනවා
"අම්මෙ....මට මේ සති සති තුනට පියර්ස් එක ඕනෙ" මම කුකුලගෙ පපුව හරියෙන් ජූස් බේරෙන මස් කෑල්ලක් කපාගන්න ගමන් කියුවා
"ආඅ...ඔයා ඒක තියා ගත්තම මම් හොස්පිටල් එකට යන්නෙ කොහොමද?"
"මෝටර් බයික්කෙ තියෙනවා,..ඕනෙනම් ෆුට් බයිසිකලේ තියෙනවා...පාරෙ වීල් යනවා....මම හිතන්නෙ හොස්පිටල් වලාට ඩොකාලට එන්න ස්පෙශල් වාහන ජාතියක් නියම කරලා නෑ"
"පිස්සුද අයිසෙ දොස්තර මහත්තයෙක් බයිසිකලේක ඉස්පිරිතාලෙ යන්න...තමුසෙ බයිසිකලේ යනවා"
"ඇයි බයිසිකලේක තියාගන්න බැරි තරම් දොස්තරකගෙ පුපස්##" ලොකුද?...මට කාර් එක ඕනෙ එචංහරයි""
මම ගෑරිප්පුවෙන් පිගානට හයියෙන් පාරක් ගැහුවා
"ඇයි මොකද සහ්ඩ්දෙ...මෙතන තමුසෙගෙ දෙවල් නෑ...ඕනෙ වෙලාවට කඩන්නයි...පොලොවෙ ගහන්නයි..."
මහ්ඩ්දුවාගේ කටේ සැරට චාරු ගැස්සිලා ගිහින් අතේ තිබුන හැන්දත් බිමට වැටුනා
"කෑම මේසෙ රන්ඩු වෙන්න එපා කියනවනේ හැමදාම...මුන්දෙන්න එකට හිටියොත් බෙලි කරකවා ගන්නව හැමදාම ..අපිට නිදහසේ කන්නත් නෑ...බලනව අර පොඩි එකත් බය උනා"
"ඔයා බය වෙන්න එපා මල්ලි මෙයාලට පිස්සු..." අක්කා චරුගෙ හැන්ද අහුලලා හොදට හෝදලා ආයෙ චාරුගෙ අතට දුනන
එයා ගෙ මූන රතුවෙලා බයටයි ලැජ්ජාවටයි

"ඇයි තමුසෙගෙ දේවල් තියෙනවද...මේවා අම්මයි ලොකුයි ගෙනාපුව...තමුසෙ කුනු ලෝභකමට හම්බෙන ගානක් කියන්නෙත් නෑ...ගෙදරට සොච්ච්මක් දීලා ටොන් ගානක ලොකු කම කියවනවා""
"" අම්මෙ බලන්නකො මුගෙ කට...මූ සතපහක් ගෙදරට දීලද...පහුගිය මාස් තුනට මම ගෙදරට ලක්ශ 2කට වැඩිය දීලා ඇති ...මේ මූසලටත් තිස්දාහක් දුන්නා...කිසිදෙයක් දන්නෙනෑ වගේ කියන්නෙ...දඩාවතේ යාන් බල්ල වගේ ඇවිද ඇවිද හිටියා විබාගෙ කරගත්තෙ නෑ හරියට...ගෙදර අනෙක් උන් ඔක්කොම කරන්න පුලුවන් උපරිමේ කරා...මූ විතරක් අපේ මූනෙ දැලිගෑවා...මූත් මුගේ තාත්ත වගේමයි අපිව කන්න ආපු එකෙක් "
"ඇයි තමුසෙ වෙන තාත්ත කෙනෙක්ගෙද?..."
"කරුනාකරල කටවහ ගනිල්ල මම දෙන්නගෙම කට පොඩි කරන්න කලින්" ලොකූ නැගිටලා මද්දුට කනේ පාරක් ගැහුවා
"උබට කියලා තියෙනවා අම්මා ඉස්සරහා තත්තට අපහාසකරන්න එපා කියලා...බලපන් අම්ම අඩනවා...තොපි දෙන්න ඕනෙනම් මරාගනිල්ල...අම්මව ඇඩෙවුවොත් මම තොපි දෙන්නම මේ ගෙදරින් එලවනවා""
අමම අඩන්න ගත්ත නිසා ලොකූත් අක්කත් ගිහින් එයාව සනසනවා....
චාරුටනම් මේ වගේ පවුල් වලියක් දරාගන්න බෑ.
කිසිම උඩක් පලලක් නොදැන් ඌත් ඔලුව බිමට හරවගෙන් ඇඩෙන්න ඔන්න මෙන්න.
මමයි මද්දුයි විතරක් මූනට මූන බලාගෙන ඔරවගෙන හිටියා.
"කාර් එකනේ ඕනෙ ඉදා ගනින්...ඕක මම හොදට පරිස්සන් කරලා පැද්දා මූ එක දවසක් අරන් ගියොත් ඕකෙ කෑලිත් නෑ...මුගේ කෑලිත් නෑ..එදාටත් තමුසෙලා ඔක්කොටම ඔහොම අඩන්න වෙයි"
"ආඅ...මට කාර් පදින්න කියලා දෙන්න එපා...තමුසෙ බයිසිකලේ පදින්න ඉගන් ගත්තෙත් ගිය අවුරුද්දෙ...පාරෙ යන්න බෑ ගෑනි වගේ වෙවුලනවා...කාර් එකෙන් ගියත් පිටිපස්සෙ වාහනයක් හෝන් කරපු ගමන් නවත්වනවා"

තිත්ත පැණිWhere stories live. Discover now