ep 149

2.4K 317 31
                                    

Ep 149

ශිට් කරපු ඔක්කොම වතුරෙ ගියා
ප්‍රශ්නෙ කැරකිලා  තිබුන තැනටම් ආවා
චාරු පට්ට අසරන වෙලා මම දිහා බැලුවා
බිම බලන් ඉන්නව ඇරෙන්න මට කරන්න දෙයක් නෑ ඉතින්
"රූපා අර අපි බලපු ලමයගෙ ෆොටෝ එකක් හම්බුනා නේද
පුතාට පෙන්වන්නකො ඒක
හොදට පෙනුම තියෙන වැදගත් පවුලක ලමයෙක්
අපේ පවුලටම කැපෙනවා
පුතාට අකමැති වෙන්න දෙයක් නෑ
මේ කටයුත්තට"
චාරු අහක බලාගෙන අසරන වෙලා ඉද්දි අන්කල් ඇන්ටිගෙන් ෆොටෝඑක අරන් චාරුට දුන්න්නා

චාරු ෆොටෝ එක නොදැක්ක වගේ අහක බලාගෙන කතා කරා
"අප්ප්ච්චි ඇයි මට තවත් මගුල් හොයන්නෙ මම බැදපු මිනිහෙක් බොරුනම් මම මගේ මැරේජ් සර්ටිෆිකේට් එක පෙන්වන්නම්
වෙඩින් එකේ ෆොටෝස් තියෙනව"
"ඒක ඔය ලමයි සෙල්ලමට කරපු දෙයක්නේ
පිරිමි පිරිමි කසාද කොහෙද හරියන්නෙ
කොලුවයසට විකර වැඩ කරනවනේ
අනික ඔයා ලන්කාවෙ මිනිහෙක් ඔයාට බලපන්නෙ මෙහෙ චාරිත්‍ර
අපේ රටේ ඔහ්‍යම පිරිමි කසාද විකාරයක් නෑනෙ
ඒක නිසා ඔයා මෙහෙදි ආයෙ බදින්න"
මගේ ඇගේ මාලු නටනවා
ලග තියෙන මොන මොනව හරි කුඩු කරලා අන්කලයව එලියට විසි කරන්න හිතුනත්
අමාරුවෙන් කාගෙන ඉවසගෙන හිටියා
"අප්පච්චි මම ඇමරිකන් පුර වැසියෙක් දැන්
මට බෑ එහේ නීතියට විරුද්ධව වැඩ කරන්න
එක කසාදයක් තියෙද්දි තව එකක් කරගන්න බෑනෙ කොහෙත්ම"
"එහෙම බෑරි මොකද ...
ඔයා ආයෙ ඇමරිකාවෙ යන්න එපා
මෙහේ කැම්පස් එකක ලෙක්චර් පෝස්ට් එකක් අරන් ඉන්න
පස්සෙ ඕනෙනම් දික්කසාදයක් ඉ ල්ලනත් පුලුවන්
පුතා ඉ ල්ලුවොත් සන්ජුල පුතා දික්කසාදෙට අස්සන් කරන්නෙ නැතුවනිනෙ නෑනෙ"
දැන්නම් ඉතින් හොදටම වැඩී මේ විකාරෙ අන්කලයා නටන
කොයිතරම් අමාරුවෙන්ද බැදගත්තෙ දැන් ඒක දික්කසාද කරන්නලු
පිස්සුවක් මේක
"සොරි අන්කල් මම මගේ කසාදෙ කටුගාන්නෙ නෑ...මේක මගේ ජීවිතේ
චාරු කැමතිනම් ඕනෙ කෙනෙක් බැදගෙන එකට ඉන්න
මම ඒවට මුකුත් කියන්නෙ නෑ
මේ ඔයාලගෙ පුතා
ඒත් මම මගේ කසාදෙනම් අයින් කරගන්නෙ නෑ
මෙයා නැති උනොත් මම බැදපු මිනිහෙක් විදියට තනිකඩව ඉන්නව
කොහොමත් මම මෙයාව හිතෙන් බැදගෙන ඉවරයි කාටවත් බලෙන් දික්කසාද කරන්න බැරි වෙන්න "

තිත්ත පැණිWhere stories live. Discover now