ep 104

2.3K 318 24
                                    

Ep 104
"මොකද දැන් ඔය ජනේලට ඔරවගෙන යන්නෙ ....අනුරාධපුරේ ඉදලා කිලිනොචියට එනකන් වචනයක් වත් කතාකරේ නෑනෙ
මාත් එක්කද ඔය තරහ වෙලා ඉන්නෙ ""
මම මුකුත් කතා නොකර හිතේ තරහ ගුලිකරන් හිටියා
"මැට්ටො දැන් අපි ඉන්නෙ පුනරීන් වල....පේනවනේ යාපනේ කලපුව ලස්ස්නට පේනවා...දන්නවද අර දිග ලී ඔරු වලට කියන්නෙ වල්ලම්
නිල්පාට වතුරෙ ඒවා දිගට පාවෙද්දි ඈතට පේන්නෙ මූදෙ පාවෙන තල් මස්සු වගේ නේ...
දන්නවද කවුද මේ ලැගූන් එක පුරා වැටවල් ගැහුවෙ කියලා
ඒවා ස්පයික් නෙට්ස්
ඉස්සො අල්ලනයි මෙහෙම වැටවල් ගහලා තියෙන්නෙ ධීවරයො
ඒ නෙට් වැටවල් වල පාට පාට කුරුල්ලො දිගට වාඩිවෙලා ඉන්නවා පේනවනේ
යාපනේ කලපුව වැඩිපුරම සන්චාරක පක්ශීන් පර් යඨනය වෙන කලපුවක් කියලා මම අහලා තියෙනවා...ඒත් අදයි දැක්කෙ මේ තරම් කුරුල්ලො ගොඩක් එක තැන
විල් කුකුලා, කරවැල් කොකා, හැදි අලුවා...මොකාද අර ලොකු රෝස පාට එකා ෆ්ලෙමින් ගෝ කෙනෙක් ද...ඒත් වෙන්න බෑ නේ...කලුපාට වටියක් තියෙනවා උන්ගෙ පිහාටු අග"
චාරුකයා මාව ශේප් කරගන්න එක එක ඒවා කියනවා
මම් මුරන්ඩු කමට එයා පෙන්වන කිසිම ලස්ස්න දෙයක් නොබ්ලා ඇස් පියන් හිටියා
"අපරාදෙ ඔයා ඇස් පියන් හිටියොත් ඔයාටමයි මිස් වෙන්නෙ ලස්ස්න දේවල්...මම වීඩියෝ පාරක් දැම්මා පස්සෙ බලන්නත් පුලුවන් ඔයාට ඒත් ...ලයිව් බලනව වගේ නම් ලස්ස්න නැතිවෙයි
සන්චාෆකයො ඩොලර් ලක්ශ ගනන් වියදම් කරන් එනවා මේ ලස්ස්න බලන්න කිලෝමීටර දාස් ගානක් දුර ඉදලා...ඒත් නොමිලෙම ඔයාගෙ ඇස් දෙක ලගටම ලස්ස්න ගෙනත් දුන්නම ඔයා ඇස් පියන් ඉන්නවා "

චාරු මම ලගින් නැගිටලා බස් එකේ සින්දු කිය කිය උඩ පැන පැන ඉන්න උන් අස්සෙන් ඉස්සරහට ගියා
මම ඇස් ඇරලා බැලුවෙ නෑ
මටනම් මුන්ගෙ සින්දු දැන් තිත්තයි....මතක සින්දු පටි ඉවර වෙලා එකම ආයෙ ආයෙ ගහනවා...සින්දු කියන කෙල්ලන්ගෙ උගුරත් දැන් මකකඩ කාලා සින්දුව්ළ මෙලෝ ලස්ස්නක් නෑ
මුන් භාරයක් වෙලා වගේ දකුනෙ ඉදන් උතුරට කට නවත්වන්නෙම නැතුව සින්දු කියන්න...
තරහ අරන් හිටියෙ නැත්තන් මමත් ඔය නැගිටලා නටන සෙට් එකේ මුල් තැන ඉන්නෙ...ඒත් දැන් මම ඉන්නෙ හොදටම තරහ වෙලා
ඩයිනා එක්කයි චාරු එක්කයි දෙන්නම එක්ක
චාරු නිසයි මගෙ හොර කම අහු උනේ
ඩයිනට තිබුනා හොදම යාලුවා නිසා පොඩි බුරුලක් දෙන්න අනෙක් අය ඉස්සරහ අපහාස නොකර මට පර්සනලි බනින්න
දෙන්නම මට ඇරියා....මම ලාෆින් ස්ටොක් එකක් උනා හැමෝටම
"ඒයී...මොකද මේ ...අපේ සුද්දා තාම තරහෙන්ද?"
චාරු ගිහින් තියෙන්නෙ ඩයිනා එක්කගෙන එන්න ඩයිනා මම ලගින් වාඩි උනා චාරුත් එතැනම නැගිටන් හිටියා
"කෝ කොල්ලා නිදිද බොලේ...මෙච්චර ලස්ස්න විවු එකක් මැද"
මම තදට නිදි වගේ හිටියා
ඩයිනා මගේ ඔලුව බලෙන් ඇදලා උගේ පපුවට තද කරගත්තා
මම ඌව ගසලා දාලා ශීට් එකේ ඔලුව ගහ ගත්තා
"වැරද්දක් කරා...ඒක දැකලා මට තරහ ගියා..ඒක ට කෑගැහුවා දැන් ඒක ඉවරයි....යාපනේට ගිය ගමන් මම උබට කැවුම් ගොඩක් කවනවා බඩ පැලෙන්න...ඇත්තමයි"
ඩයිනා මගෙ කනට කරලා තොල් කනේ ඇතිල්ලෙන විදියට රහසින් කියුවා
"පලයල්ල දෙන්නම....මට වද දෙන්න එපා...යනවලා...කොහොමත් මම ජැෆ්නා ටවුමෙන් බැහැලා අයෙ අපේ කැම්පස් එකට යනවා"

තිත්ත පැණිWo Geschichten leben. Entdecke jetzt