ep 73

2.1K 362 20
                                    

Rp 73
"ස්ස්ස්ස්....ස්ස්ස්ස්....නිදිද"
රෑ දෙගොඩහ යාමෙයක් වෙනකන් පාඩම් කර කර ඉදලා කට කපලා නිදියන්න හැදුවා විතරයි....මොන මල යකාද සූ සූ ගගා කන කකුලෙන් ඇද ඇද කොදුරන්නෙ
"ම්ම්ම්...ආආ....ඇයී...නිදී ඕයී"
""ස්ස්ස්ස්න් කෑගහන්න එපා බන් අනෙක් උන් ඇහැ ඇරෙයි"
ඩයිනගෙ කටහඩ කන ලගටම කරලා ඇහුන නිසා මම ගැස්සිලා ඇහැ ඇරුන
"සද්ද නැතුව වරෙන්....හෙමින් බැහැලා වරෙන් ඇද කිරි කිරි ගායි..අනෙක් උන් නැගිටී"
මම මල නිදි මත විකාරේ ඔලුව කහ කහ කබ කඩ කඩ ඩයිනා පස්සෙන් ආව් කලුවරේ ජර මරේ එහෙමෙහේ හැපි හැපි
"ඕයී ..දැන් නැගිටිනවා නින්දෙන් ටැන්කියට නැගලා උබ වැටිලා මැරුනොත්"
ඩයිනා පින්නට තෙමුන රනවරා අත්තක් කඩලා තෙත වතුර මගේ මූනෙ ඇතිල්ලුව
අපි දෙන්නා මහ කලුවරේ ගෝරිල්ලො දෙන්නෙක් වගේ බිල්ඩින් ගානක් උස වතුර ටැන්කිය උඩට නැග්ගා
"ඕඕ...ප්ප්ස්ස්...මේකෙ උඩ සීතල...හරියට ශර්ට් එකක් දාගෙනවත් ආවෙ නෑ"
"ඉදා මේක ඇද ගනින"
"" එපා උබ සීතලේ නෙ""
""මට හීතල් නෑ...උබට මදි ඇති මේක...නිකන් පොරව ගනින්"
"මොන ඉ ලවුවකටද ඕයි අපි මේක උඩට නැග්ගෙ"
"මොන එකකටවත් නෙමෙයි...මට උබ එක්ක කතා කරන්නවත් බැරි උන නිසා ...ආවෙ...සොරි කොල්ලො මමේ දව්ස් වල ඕනවට වැඩිය බිසී වෙලා...මට උබ ගැන බලන්න පොඩි වෙලාවක්වත් වෙන්කරගන්න් බැරිවුනා ...ඒකයි මේ ඉඩ ලැබුන මුල්ම වෙලාවෙ උබ එක්ක තනි වෙන්න හිතුවෙ "

"මචන් මම ගැන වදවෙන්න එපා..අයි ඇම් ඩුයින් වෙල් මචන්...උබ මට අමාරු කාලෙ මාව හොදට බලාගත්තා දැන්..මට තනියෙම වැඩ ටික කරගෙන යන්න පුලුවන්...උබේ බිසී ලයිෆ් එකකට ඇනයක් වෙන්නෙ නෑ මන්"
"මම කියුවනේ මීට කලිනුත් උබ ඇනයක් නෙමෙයි මට..අනික් හැම වෙලේම මම ඉන්නෙ ස්ට්‍රෙස් එකක ...මොනව හරි ප්‍රශනයක්...උඅබ එක්ක ඉන්න ටික වෙලව විතරයි සැහැල්ලුවෙන් ඉන්නෙ...මට මම වෙන්න පුලුවන් උබ එක්ක ඉන්න ටික වෙලාවට විතරයි...මගේ හැගීම්ම් ඕපන් කතාකරන්න පුලුවන් උබ එක්ක ඉද්දි
මට එපා වෙනවා බන් බොරුවට ස්ට්‍රේට් කොල්ලෙක් වගේ රගපාලා හැම වෙලේම
සමරිසි කොල්ලො ඒක වෙන්න ඇති රියල් එකවුන්ට් එකේ ඉදලා ඉදලා එපා උනාම ෆේක් එකවුන්ට් එකකට රින්ගලා එහා මෙහා ගිහින් බලන්නෙ
තමන්ගෙ හන්ගගෙන ඉන්න ටෲ අයිඩෙන්ටිටි එක (සත්‍ය අනන්‍යතාව) තියෙන්නෙ ෆේක් එක ඇතුලේ
අපි අපේ ඇත්තම හැගීම් ෆේක් එකේ හන්ගලා
රියල් එකවුන්ට් එකේ වෙනම රග පෑමක් කරනවා
මට ඒ රග පෑම හරි වෙහෙස කරයි බන්"
"වැඩිය හිතන්න එපා බන්...වරෙන් ...තුරුල්ලට මට හීතලයි"
මම ඩයිනව තුරුලු කරගන්න ගමන් කියුවා
"චාරුගෙන් මුකුත්ම ප්‍රෝග්‍රෙස් එකක් නැද්ද බන්"
"නෑ ඕයි මට ඌ එපා වෙන එක විතරයි වෙන්නෙ" මම අද ගහ ලග කූබි කද්දි උන සිද්දිය ඩයිනට කියුවා
"ඇයි බන් එයා කිසිම දෙයක් මතක නැති මිනිහෙක් වගේ රග පාන්නෙ ....

තිත්ත පැණිWhere stories live. Discover now