ep 124

2.3K 323 36
                                    

Ep 124
හොදම යාලුවෙක් ඉන්න එකේ හොදම දේ තමයි
ආදරේ කරන කෙනාට කියන්න බැරි ගොඩක් දේවල් හොදම යාලුව එක්ක කතා කරලා විසදගන්න පුලුවන්
ආදරේ කරන කෙනා ප්‍රශ්න දිහා බලන්නෙ සන්වේදී විදියට
සන්වේදී වැඩිකමට කලබල වෙනවා අඩනවා රන්ඩු වෙනවා ඒකෙන් ප්‍රශ්නෙ තව වැඩිවෙනවා
ඒත් හොද යාලුවෙක් ඉන්නවනම් ප්‍රශ්නෙ දිහා සාදාරනව බලලා ඒක විසදගන්න උදවු කරනවා
සමහර වෙලාවට අපිට ආදරේලරන කෙනා එක්ක අපේ හැගීම් විවෘතව කතාකරන්න බෑ...එයාලා ඒවා වැරදි විදියට තෙරුම් අරන් නැති ප්‍රශ්න ඇතිකරනව
ඒවගේ වෙලාවට අපේ ඇත්ත හැගීම් කතකරන්න
නිදසසේ කියවලා හිත නිදහස් කරගන්න
විනෝදවෙන්න හොද යාලුවෙක් ඉන්න එක වැදගත්
ඒත් වැඩේ තියෙන්නෙ හොද යාලුවෙක් හොයාගන්න එක ලේසි නෑනෙ
ගොඩක් උන් ඉන්නෙ අපි කියන දේ බොරු උනන්දුවකින් අහගෙන ඉදලා
අපි ගියාට පසේ ඒක තව කෙනෙක්ට කියලා අපිට හිනාවෙන්න නේ
එහෙම නැත්තන් ප්‍රශ්නෙ තව ටිකක් වැඩිවෙන්න දිය යටින් ගිනිගෙඩියක් දෙන්වා
වාසි බලා ගෙන ලන් වෙලා වාසි නැතිද්දි ඈත් වෙනව
උන්ට හරියද්දි අපි අමතක වෙනවා
ඒ අතින් මට ඩයිනව මීට් උනේ මගේ පෙර වාසනාවකට
ඌ මොන ප්‍රශ්නෙ මොනතත්වෙ යටතේ ආවත් කොන්දේසි විරහිතව මම වෙනුවෙන් පෙනී ඉන්නව
ඒක මගෙ හිතට ලොකු හයියක්
ඒකයි මම ඌට මගේලග තියෙන ඕනෙ දෙයක් දෙන්නෙ
හැබැයි ඉතින් චාරුකව හැර. එයාවනම් ඉතින් කාටවත් දෙන්න බෑනෙ

ඩයිනා එක්ක කතා කරලා හිත සැහැලු උන නිසා නිදාගත්තා
ඒෆ්හ් කොහෙද නැති හුජ්ජබරක් ඇවිත් පහට විතර ඇහැ ඇරුනා
මම ඉස්ස්‍ර ඉදලම ගෙදර ඉද්දි චූ කරන්නෙ මිදුලට ගිහින්
පම්ප් එක දාලා එනකොට දැක්කා අපේඅම්මගෙ රූම් එකේ ලයිට් එක දාලා
ඇතුලෙ තුන් හතර දෙනෙක් කොදුරන හඩින් කතා කරනවා
මට ඒක අහගෙන ඉන්න හිතුනෙ නෑ
කකුලෙ ඇතිල්ලෙන ඩොබියව උස්සගෙන කාමරෙ දොර කොඩට ගිහින් මට යන්න අවසරයක් නැති පවුලේ මීටිම දිහා ඈත ඉදලා බලන් හිටියා දුකෙන්
අපේ ගෙදර අය ප්‍රශ්නයක් ආවම ඒක විසදන්නෙ අම්මගෙ ඇද උඩ ඉදගෙන කොයිතරම් ලොකු උනත් ඒක එහෙමම තමයි
දැන් අයියලා අක්කලා ඔක්කොම අම්මගෙ ඇදේ එයාගෙ ඇගේ එල්ලිලා කතා කර කර ඇති මගේ ප්‍රශ්නෙ ගැන
තමන් ගොඩක් ආදරේ කරන මොනිස්සුන්ගෙ කොන් උනාම දැනෙන දුක මොනට්නරම්ද කියලා උබලට තේරෙනවද මන්දා
මම දැනට මට ඉතුරු උන ඩොබියා විතරක් බදාගෙන උගේ බෙල්ල අස්සෙ ඔලුව ගහන් ඇඩුවා
ඩොබියත් ඔක්කොම දන්නව වගේ කූන් කූන් ගගා මගේ කන ලෙවකනව අඩන්න එපා කියලා
ඩොබී ලගදි මැරෙයි එයා වයසයි...එදාට අපේ ගෙදර ඔක්කොටම දුක හිතෙයි පවුලෙ කෙනෙක් නැති උනාවගේ...ඒතරම්ම ඩොබී ආදරනීයයි

තිත්ත පැණිDonde viven las historias. Descúbrelo ahora