ep 108

2.2K 335 40
                                    

Ep 108
දුමින්දාගමනෙද බන් මහින්දාගමනෙද
ඉස්සරනම් ඔය දෙකම හොදට ගියා බන්
දැන්නම් මහින්දාගමෙනෙනුත් කෙලවෙනව දුමින්දාගම්නෙනුත් කෙලවෙනවා
විකාර කියන්න එපා...දුමින්දාගමනෙ කියන්නෙ එකක් මහින්දාගමනෙ කියන්නෙ එකක්
ම්ම්ම්ම්..මටත් ඔය වචන දෙක පැටලිලා කෙලුනා චිත්‍ර තරගෙකදි...දුමින්දාගමනෙ අදින්න තිබ්බා...මම අලී කලු ගලක් උඩ කහපාට සිවුරුයි සුදු උපාසකයෙකුයි ඇන්දා...වැඩක් නෑ...චිත්‍රෙට බින්දුවයි හම්බුනෙ

අපි මේ හිටියෙ දබකොල පටුනෙ ...ජම්බු කොලපට්ටනම් කියලත් කියනව
සගමිත් තෙරනි ශ්‍රීමහා බෝධියත් අරන් ලන්කාවට වැඩම කලේ මෙතනින්ලු
හමුදාව මෙතැන ලස්ස්නට හදලා...
තෙරනිය වැඩමකරපු නැව ලස්ස්නට හදලා තෙරනියගෙ පිලිමෙත් වතුර පොකුනෙම හදලා
එතැන මුහුදත් හරිම ලස්ස්නයි
චාරුනම් ගොඩක් සතුටෙන් හිටියෙ...එයා පල්වෙනි වතාවට මෙතැනට ඇවිත් තිබුනෙ
ස්මාරක කුලුනුවල ලියවිලා තිබුන විස්තර හැම එකක්ම එයා මට ඇහෙන්න කියෙවුවා
මට ලොකුවට බනින්නෙ ඔරවන්නෙ නැතුව එයාගෙ කරට අත දාගෙන් යන්නත් චාන්ස් එක දුන්නා
ඒත් අපිට පොඩි නිදහස අඩු ගතියක් දැනුනෙ..ජැෆ්නා වල කෙල්ලො කොයිවෙලෙත් අපි දිහා ඇහැ ගහගෙන හිටියේ
සමහරු කෙලින්ම් අපි දෙන්න එක්ක සෙල්ෆිගන්න ඇහුවා
සමහරු එහෙම කෙලින් අහන්න ලැජ්ජා නිසා අපි ලගට ඇවිත් අපිව බැක්ග්‍රවුන්ඩ් එකට හිටින්න සෙල්ෆි ගන්නවා
අපේ කට කැඩිච්ච කෙල්ලො කොල්ලො ඒකට අපිට නිතර විහිලු කරා

එතැනින් එද්දි කීරමලේ දෙවාලෙ ලග පොන්නාලෙ පොකුන බලන්න ගියා
හරිම ලස්ස්න ලොකූ පොකුනක්
සෙනගනම් හොදටම් පිරිලා නානවා
සුදු හුනු ගල්වලින් පඩි පෙලවගේ හදාපු පොකුන්ට වතුර එන්නෙ මුහුදෙන්
ටැමිල් අය මේ පොකුනට දිව්‍යමය බලයක් තියෙනව කියලා විශ්වාස කරපු නිසා මේකෙ නාන්න එනවා
අපි හැමෝම ස්විම්න් ට්‍රන්ක්ස් ශෝට් ගහගෙන එක පෙකට බස් එකෙන් පැනලා දිවුවෙ පොකුනට පැනලා නාන්න
ඒත් ලගටම ආවම චාරුට නාන්න බෑ කියුවා..ඒකෙ සෙනග වැඩිලු...හෙන අපිරිසිදු ඇති කියලා
ඒත් අපේ ගොඩක් කොල්ලො ඒවෙනකොටත් වතුරට පැනල දියබුන් ගහනවා
අපිටත් එන්න කියලා අත වනනවා
චාරු නැවෙ නැතොත් මටත් නාන්න වෙන්නෙ නෑනෙ...එයා එක්ක මාත් පඩිපෙලේ උස පඩියක වාඩිවෙලා හිටියා
ඩක්කුවලා ගජමෑන්ලා වතුරට පනින්න කම්මැලි කොල්ලන්ව අල්ලලා වතුරට විසිකරනවා
හොද වෙලාවට උන් ඇවිත් චාරුවා බෑ බෑ කියලා මරහඩ තලද්දි
කෙලවල්ලා වගේ උස්සගෙන ගිහින් වතුරට තල්ලුකරා
උන් මාව අල්ලගන්න එද්දි මම් බල්ටියක් ගහලා වතුරට පැන්නා
අවාසනාවට බල්ටිය පොඩ්ඩක් ඇරදිලා ලෑන්ඩ් කරන්න හිතපු තැනට නෙමෙයි ලෑන්ඩ් උනේ
තල්මහෙක් වගේ කලු දෙමල ආච්චියෙක් වතුර දෙපලු කරන් ගොඩ එද්දි
මම තලපතා පොලොවෙ ගැහුවා වගේ ආත්තගෙ ඔලුව උඩට පත් බෑවුනා
ආච්චි ආයෙමත් වතුර ඇතුලටම ගිල්වමින්
ගෑනි වතුර පෙවිලා මැරෙන්න යද්දි කැහැල වතුර එලියට නොදා හිතේ තිබුන තඩහට මගේ බෙල්ලෙන් අල්ලගෙන මට බැන්නා
දෙමලෙන් නිසා අවුලක් නෑ මට මෙලෝ හරුපයක් තේරුනේ නෑ
මම දෙසරයක් දගලලා ආච්චි ගෙන් බේරිලා පොකුනෙ අනික් පැත්ත්ට පීනුවා
චරු හිනා වෙවී මගේ පස්සෙන් පීනුවා
"මහ ලොකු වීරයා නාකි ආත්තලගෙන් ගුටි කනවා " එයා මගේ ඇග උඩට පීනලා වතුරෙ ගිල්වන ගමන් කියුවා

තිත්ත පැණිWhere stories live. Discover now