තිත්ත පැණි එපිසොඩ් 05

4.5K 667 64
                                    

Ep 05

මගේ අත පිච්චුන සිහ්ද්දියෙන් පස්සෙ ඉදලා චාරුක ගෙය් මගෙයි යාලුකම දලු කොල මල් දාලා ආයෙමත් පීදිලා ආවා.
මට ඉස්සරට වඩා චාරුක ගැන වෙනස් හැගීම් දැනෙන්න ගත්තත් මම ඒ කිසිම දෙයක් ඌට එලිපිට පේන්න දුන්නෙ නෑ.
චාරුකයා යාලුවෙක් විදියට මාව ආශ්‍රය කරාට එතැනින් එහාට මම ගැන හැගීමක් ඌට තිබුනෙ නෑ.
ඒ වගේම චාරුක තේරුම් ගත්තා මට සමලින්ගික ආශාවන්ගෙන් හිතන තරම් ඉක්මනට අයින් වෙන්න බෑ කියන එක.
ඒ නිසා වෙන්න ඇති ඌ මට තවත් ගේ සම්න්දකම් ගැන බැන්නෙ නෑ.
ඒක මට ලොකු අස්වැසිල්ලක් උනා.
මට මගේ ගේ සම්බන්දතා ගැන උනත් ඌ එක්ක ඕපන් කතාකරන්න පුලුවන් උනා.
සමහර වෙලාවට සමරිසි කොල්ලෙක්ට ඕනෙ ආදරේ කරන්න පුලුවන් කෙනෙක්ට වඩා හොද යාලුවෙක්
හිතේ තියෙන ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන් කෙනෙක්
චාරුක නිතරම වගේ මගේ ෆූට් බෝල් මැච් බලන්න එනවා
එයා ඇවිත් බලන් ඉන්නවා කියලා දැනෙනකොට මගේ ඇගට අමුතු ජවයක් එනවා
ඌට පේන්න කිසිම මිස්ටේක් එකක් කරන්නෙ නෑ කියලා හිතාගෙන ප්ලේ කරනකොට ලේසියෙන් ගෝල් එකක් ගන්න පුලුවන්
අපේ ෆ්‍රෙශස් මීට්ස් වල ෆූට් බෝල් ටීම් එකේ කැප්ටන් උනේ මම
මේක කැම්පස් එකේම අලුතෙන් ආපු බැච් විතරක් සම්බන්ද වෙන තරගයක්.
ගොඩක් වෙලාවට යුනිවසිටි ටීම් වලට අලුත් මූනු එකතු වෙන්නෙ මේ තරගෙන් පස්සෙ
මෙඩිකල් ෆැකල්ටි එක ඇරුනාම හිටපු චාටර්ම ක්‍රීඩකයො හිටියෙ අපේ ෆැකල්ටියෙ.

මෙඩ්ඩ්ඩො (මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා) නම් කොහොමත් ආත්මාර්තකාමී හැත්ත...කැම්පස් එකේ කිසිම පොදු වැඩකට එන්නෙ නෑ. ආවත් නෑවිත් බැරිකමට පෙනිලා යන්න එකෙක් දෙන්නෙක් එවනවා බොරුවට.
ඒත් අනික් ෆැකල්ටි ඔක්කොම ලොකුවට ඔලුවට අරගෙන ප්‍රැක්ටිස් කරනවා.
ෆුඩ් බෝල් ටීම් එකක් හදන්න මම මූලිකත්වෙ ගත්තතෙ
බැච් එකේ 400ක් ඉන්නවා ඒ කෙන් කොල්ලො ඉන්නෙ එකසිය හැටක්
කියන්න ලැජයි මේ එකසිය හැටෙන් ෆූට් බෝල් සෙල්ලම් කරපු උන් එකොලහක් හොයාගන්න නෑ.
ග්‍රවුන්ඩ් එකට එකොලහක් ඕනෙ උනාට තව 6ක් 7ක් වත් ඉන්න ඕනෙ සබ්ස්ටිටුටර්ස්ලා විදියට.
කොහොමත් ෆැකල්ටි මීට කප් එක උස්සන්නෙ කොමස් හරි ඇග්ග්‍රි එකේ උන් හරි තමයි
අනාදිමත් කාලෙක ඉදලා පරාද වෙලා පුරුදු නිසාම සයන්ස් එකේ උන් දිනන්න ට්‍රයි කරන්නෙම් නෑ.

තිත්ත පැණිWhere stories live. Discover now