ep 65

2K 377 43
                                    

Ep 65
"ඇයි උබ මගේ මූනවත් බලන්නෙ නැත්තෙ ඒක ඒතරම් අප්පිරිය උනාද මේ ටිකට"
"ස්වැග් ...මට යන්න දීපන් ...කෝ අත අතහැරපන් "
"හරි අත අරින්නම් මම අහන ප්‍රශන දෙක තුනට උත්තර දීපන්"
"මට දැන් මුකුත්ම කියන්න බෑ....අත ඇරපන් මාව"
"වෙන මුකුත් කියන්න එපා...එකම දේකට උත්තර දීපන් ...උබ මට ඇත්තටම ආදරේ කරාද?...තාමත් ආදරේ කරනවද?"
"ප්ලීස් මට වද දෙන්න එපා...මට උබ අහන එකට උත්තර දෙන්න බෑ...දෙයන්ගෙනාමෙන් අත ඇරපන් මම උබ එක්ක ඉන්නවා කවුරු හරි දැකලා ෆොටෝ ගැහුවොත් ...ඒවා අපේ තාත්තට යැවුවොත් මම ආයෙ ඉන්නෙ නෑ මේ කැම්පස් එකේ...මහරවිට මේ ලෝකෙන්ම උනත් යන්න යනවා...මට බෑ දිගටම ලැජාව විදගෙන ජීවත් වෙන්න""
"හරි එහෙනම්...මම හිතාගත්තා මට මගේ උත්තරේ ලැබුනා....මම එක්ක ඉන්න එක උබට ලැජ්ජාවක් නේ...එකනේ කෙලින් මූනවත් බලන්නෙ නැත්තෙ....උබට මේ පොඩි ලැජ්ජාවක් නිසා අපේ ආදරේ කුනු කූඩෙට දාන්න පුලුවන් එහෙනම්....අපි අතර කතා කරපු දේවල් අපේ හිත් දන්නවා.....ඒවා අමතක වෙන්න ඔයාවත් මමවත් මැරිලා ඉපදුනේ නෑනෙ...එක දවසෙන් දෙකෙන් ඒවා එහෙම වලලා දනන පුලුවන් එකෙක්ට...මැරිලා ඉපදිලා වගේ වෙනමම කෙනෙක් වගේ හැසිරෙන මිනිහෙක්ට කියන්න තියෙන එකම වචනෙ චපල මිනිහ්හෙක්
උබේ චපල කම උබම ඔප්පු කරා"
"ස්වැග් මට උබ එක්ක පිස්සු කතාකර කර ඉන්න බෑ...උබ ඕනෙම විදියකට මම ගැන හිතාගනින්....මට යන්න දීලා ...මෙතන ඉන්න ඉන්න අපිව වෙන කවුරු හරි දකින්න තියෙන ඉඩ කඩ වැඩී"
"හරි හරි පලයන් පලයන්....අද වෙනකන් උබ වෙනුවෙන් ඇඩුව තරමක් මමවත් දන්නෙ නෑ...ඒත් මම අද ඉදන් උබ වෙනුවෙන් අඩන්නෙ නෑ...හිතන්න එපා මම හැමදාම උබේ පස්සෙන් ඇවිත් චාටර් වෙන කොන්ද පනනැති එකෙක් කිය්ලා...ආයෙ මම උබට කරදරයක් වෙන්නෙ නෑ....ඒවගේම උබත් මම ගැන හොයන්න එපා "

"ස්වැග් පොඩ්ඩක් ඉන්න" මම පපුව පැලෙන තරම් දුකින් එයාට පිටුපාලා එද්දි එයා ආයෙ කතාකරා.
මට එකපාරට ශොක් උනා එයා ෆිල්ම් එකක වගේ මට යන්න දීලා ආන්තිම මොහොතෙ හැරිලා මාව බදාගනීද
මට ගෙන කවමදාටත් වඩා එයාගෙ හග් එකක් ඕනි වෙලා තිබුනේ
මම එයාව බදාගන්න වගේ ලගට යද්දි
එයා අත් දෙක දික්කරලා එපා එපා කියන්න වගේ පස්සෙට උනා
"සොර්‍රි ඔයාගෙ ගමන නවත්තවන්න උනාට...මගේ හිතේ තියෙන දේ මට ඔයාට ටෙක්ස්ට් කරලා වෙනන බයයි...කොහේ කොහොම ලීක් වෙයිද දන්නෙ නෑ...ඒත් මම මගේ හිතේ තියෙන දේ මේකෙ ලියුවා...ඔයා නිදහස් තැනකට ගිහින් මේක කියවලා විසිකරන්න...ප්ලීස් මේක ..ලග තියාගන්න එපා...කියෙවුවට පස්සෙ පුච්චලා දාන්න...කැල්ලක් වත් ඉතුරු නොවෙන්න...ඒවගේම ආයෙ මාත් එක්ක කතාකරන්න එපා..""
චාරු මගේ අතේ ගුලිකරපු ලියුමත් ආරන් මම ආයෙ එන්න හැරුනා
කලින් තිබුන දුක වැඩි උනා විතරයි...දෙවැනිපාරට ගිය එකෙන් ""

තිත්ත පැණිWhere stories live. Discover now