ep 72

2K 357 13
                                    

For 72
"බෑ ජේෂ්ඨ තුමා මම යනවා...මට දැන් ඇතිවෙලා"
"මේ ..මල්ලි අහපන්කෝ ...මෙතන කැම්පස් එක දාලා යන්න තරම් දෙයක් වෙලා නෑ ...පොඩි රැග් එකක් නේ"
"මට බෑ මෙහෙම ඌරෙක් වගේ ජීවත් වෙන්න...මම කුනුහරුප කියගෙන ජරාවට ඉදලා නෑ...මේවා මනුස්සයෙක්ට කියන්න පිලුවන් දේවල්ද?..."
මලක් වගේ හැදුවාම ඔහොම වෙනවා
මට චාරුවම මතක් වෙනවා
ඌ මගෙත් එක්ක මේ විදියටම අපි රැග් වෙන කාලෙ මෙහෙමම කියලා තියෙනවා
මේ වගේම දාලා යන්න හදද්දි මම වැදලා නවත්තගෙන තියෙනවා
උගෙන් සින්නො අහන කුනු ප්‍රශනවලට ඌ බිම බලාගෙන ඇට්ටර කමට ඉද්දි ඌ රැග් වෙයි කියන බයට මම පැනලා උත්තර දීලා පැන පැන දෙනවා කියලා ..සිනන්ගෙ වැඩිපුර රැග් වෙලා තියෙනවා
ඒවා ආයෙම සැරයක් මගේ ඉස්සරහා දිග ඇරෙනවා...
"කොල්ලා ....උබ වොශ් එකක් දාගනින්...කෑවෙ නෑනෙ මම බත් එකක් ගේන්නම්"
"එපා ජේශ්ඨ තුමා....මම යන්න ඕනෙ ගෙදරට කෝල් එකක් දීලා"
"" ඕයි මල්ලි...මම උබට මගේ මල්ලි කෙනෙක් වගේ කතරද්දි..උබ නුහුරට කතාකරන්න එපා...කැම්පස් එකේදි ජෙශ්ඨ් තුමා කතා කියපන්...මේක බෝඩිමනේ...මේකෙ ජේශ්ඨ් කතා එපා...පලවෙනි දව්සෙ වගේ බය නැතුව කතා කරපන් ""
"මට බයයි ජේශ්ඨ් තුමා...මේකත් රැග් එකේම කෑල්ලක්ද දන්නෙ නෑ...තව ටිකකින් අනෙක් ජේශ්ඨ් තුමාලා ඇවිත් මට හිරිහැර කරයි"
"පිස්සුද මල්ලි ..එහෙම වෙන්නෙ නෑ...උබ මෙතන බෝඩ් වෙලා ඉන්නෙ කියලා කවුරුත් දන්නෙ නෑ...අනෙක අපේ උන් ප්‍රයිවට් බෝඩින් වලට ඇවිත් රැග් කරන්නෙ නෑ....උබ ගෙදරට කතා කරන්න කලින් දෙසරයක් හිතපන්...මේ එක දවසක් විකාර වැඩ ටිකක් උනා කියලා...ඒ මිනිස්සුන්ට කෝල් කරලා බය කරන්න එපා

"මට වෙන යන්න තැනක් නෑ ජේශ්ඨ් තුමා....ගෙදර විතරයි යන්න තියෙන්නෙ....මට මෙහේ ඉන්න බෑ....මට මැරෙන්න තරම් බයයි"
"මේ...මේ මල්ලි ඔහොම බය වෙන්න එපා...කොල්ලො...ඉදපන් පිරිමියෙක් වගේ...හරි උබ කියපන්කෝ කවුරු හරි උබට අත තිබ්බද"
"ඒත් ජේශ්ඨ්තුමා මට කෑගහන විදියට බය හිතෙනවා"
"හරි හරි කෑ ගැහුවා කියලා උබේ ඇගේ වදිනවද?..මේක මතක තියාගන්න..කවුරු පොලු මුගුරු පිහි අරන් උබ ලගට ඇවිත් මහා හයියෙන් කෑගැහුවත්...කාටවත් බෑ උබගෙ ඇගට ඇගිල්ලක් වත් තියන්න..ඒකයි රැග් එකේ නීතිය...කවුරු හරි උබට එක අතක් වත් තිබ්නොත් ඌ රැග් එකෙන් එලියේ ...ඒ විතරක් නෙමෙයි...ඌව පොලීසියට උනත් අල්ලලා දෙන්න පුලුවන්....ඒක නිසා බය නැතුව හිටපන්...උබට කරන්න පුලුවන් ඒවා විතරක් කරලා බැරි ඒවා කියුවොත් බිම බලගෙන කන්දෙක ඕෆ් කරන් හිටපන්...රැග් කරන්න එන එකා උබට කෑගහලා කෑගහලා ඇතිවෙලා යයි"
මම් මේ කියපු ටික හොද පුරුද්දෙන් කියුවෙ
මොකද දැනට අවුරුද්දකට කලින් මම මේකම චාරුට කියුවා...
"මට හිතෙන්නෙ නෑ ජේශ්ඨ් තුමා"
"ඔය ආයෙ ජේශ්ඨ් තුමා කියනවා...අයියා කියපන් මල්ලි...උබ හරියට කෑවෙත් නෑනෙ...මම කාලත් නෑ...හිටපන් මම රයිස් එකක් ගේන්නම්...උබ වොශ් එකක් දාගනින්""
"එපා ජේශට්..ආඅ..මේ අයියෙ...මට බඩ ගිනිනෑ"
"උබට බඩගිනි නැති උනාට ....මට බඩගිනී....උබ බලන් ඉද්දි මට විතරක් කන්න බෑනෙ...අපි දෙන්නටම කෑම දෙකක් ගේන්නම්...පලයන්කො ..දාගනී වොශ් එකක්"
"ආආඅ...අයියෙ මගේ සබන් කෑල්ල මම විසි කරා අද උදේ"
"ඒ මොකද ඕයි"
"ඊයෙ මට බාත් රූම් එකේ තිබුලා අයින් කරන්න බැරි උනා ඒක කැරපොත්තො කාලා...මට උන් හිරිකිතයි"

තිත්ත පැණිWhere stories live. Discover now