ep 123

2.4K 313 31
                                    

Ep 123
පුරුදු තැනක් උනත් කාලයක් නොගිහින් හිටියම ආගන්තුක තැනක් වෙනවා
දන්න අදුනන මිනිස්සු උනත් කාලයක් ඈත් වෙලා හිටියම අමුතොවගේ නොදන්න පිරිසක් වෙනවා
අපි ඈත් වෙලා ඉන්න දවස් වල පරන නෑයන් මිත්‍රයන්ගෙ සිතුම් පැතුම් ආශාවන් ඔක්කොම වෙනස් වෙලා
සමහර විට අපිට එයාලව ගැලපෙන්නෙ නෑ එයාලා අපිට ගැලපෙන්නෙත් නෑ වගේ දැනෙනවා
නොදන්න අය ඉපදිලා , පොඩියට හිටි අය ලොකු වෙලා ලොකුවටහිටි අය වයසට ගිහින් වයසට ගිය අය මෑරිලා ගිහින් ඔක්කොම උඩුයටිකුරු වෙලා
දන්න අය බැදලා රස්සාවල් හොයන් ඇතට ගිහින්
අලුත් අය ඒ අය වෙනුවට එකතුවෙලා
ලොකුම අවුල එයාලගෙ අලුත් ජීවිතවල කලින් අපිට තිබුන තැන නැතිවෙලා අලුත් අය එක්ක එයාලා ඉස්සරහට යනව කියලා දැනෙනවා

අවුරුදු තුනකින් විතර ගෙදර ගියේ ඇති මටත් ගෙදර ගැන දැනුනේ ඒ විදියට
ලොකු අයියා වැඩි සද්ද බද්ද නැතුව බැන්දෙ චාරු නැතුව මම පිස්සු වැටිලා හිටපු දවස් වල
තාත්ත නැති මට තාත්තා කෙනෙක් උන මනුස්සයගෙ මගුල් ගෙදර මම හියේ ආගන්තුකයෙක් වගේ ඒ දවස් වල වෙඩිනට කලින් දවසෙ රෑ වෙලා ගිහින් වෙඩින් එක දවසෙම රෑ ආවා
ගෙදර අයගෙ හොද කමට මට ලොකුවට බැන්නෙ නෑ ඒකට
එයාල හිතුවෙ එක්සෑම් කටේ නිසා මම පාඩම්කරනව කියලයි
මොනව නැතත රිසාල් නෝටිස් බෝඩ් එකේ දාපු ගමන් ෆොටෝ ගහලා ගෙදර ඔක්කොටම වට්ස් ඇප් කරන පුරුද්දක් මට තිබුන
මොකද ඒ මිනිස්සු මම වෙනුවෙන් කරන වියදම් වලට කෙලෙහි ගුන සලකන්න පුලුවන් උන එකක විදිය මගේ රිසාල්ට් හොදයි කියලා පෙන්වන එක විතරයි
ඒකෙන් එයාල ඔක්කොම මට ගෙදර වැඩ වලට කිසිම සහයෝගයක් නොදීමේ අමනාපය නැතිකරගත්තා
ලොකූ වෙඩින් එක දවසෙ පිටත් වෙද්දි මම වැන්දම මාව බදන් ඇඩුවා
මටත් ඇඩුනාඒත් මම එදා ඇඩුවෙ ලොකූ බැන්ද නිසා නෙමෙයි
චාරු නැතුව මම තනි උනා කියලා හිතුන නිසා
මම අඩනවා දැක්කම අපේ මද්දුවයි අක්කයි ඒක වරදවා වටහගත්තා
මම අහිමි පිය සෙනෙහසට අඩනව කියලා
ඒපාර මනමාලි පැත්තක ඉද්දි අපේ පවුලෙ අයගෙ සාමූහික වැලපීමක් උනා
මොනව උනත් අපේ ගෙදර උන් නම් මාර හොදයි ඒ අතින්
පාඩම් වැඩ තියේනම් ඉක්මනට කැම්පස් යන්න කියලා මාව උනන්දු කරෙත් එයාලමයි
මල්ලිලා දෙන්න එකතුවෙලා අදින්න ඕනෙ අයියගෙ වෙඩින බර මද්දුව තනියෙම කරගහලා අදිද්දි මම් ලග නැති චාරුවෙක් ගැන හිත හිත අඩාවැටුනා කැම්පස් එකේ ඉදන්

තිත්ත පැණිWhere stories live. Discover now