ep 78

2.2K 352 11
                                    

Ep 78
තනි පොල් කිච්චා දකින එක හරිම අසුභලු
ඒත් පොල්කිච්චො දෙන්නෙක් දකින එක වාසනාවන්තලු
දෙන්නා එක්ක ඉද්දි වාසනාවන්ත සතා...තනි උනාම අවාසනාවන්ත වෙන්නෙ ඇයි කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ
තනි පොල්කිච්චා වගේ කාල කන්නි ජීවිතයක් ගෙවන මට
අපි දෙන්නා එකට හිටපු වාසනාවන්ත කාලෙ මතක් වෙලා ගොඩක් දුක හිතුනා
මම් හිටියේ මගේ ඇදට වෙලා...හොස්ටල් එකේ..ජනේලෙ අස්සෙන් පේන නිල් අහස දෙකට බෙදිලා තිබුනෙ දිග කරන්ට් කම්බියක් නිසා
ඒ කම්බියක තනිපොල්කිච්චෙක්ට ඉදගෙන,..උදේම නාපු උගේ තටු පිහිදනවා
චාරුව මීට් වෙලා දව්ස් දහයක් ගියත් මට තාම මගේ හිත හදාගන්න බැරි උනා
එයා මට ඔෆීශියලිම මගෙන් ඈත් උනා කියන එක එයාගෙම කටින් කියුවා
මේ කාලකන්නියට වැඩිය හොද කෙනෙක් ඔයාගෙ ජීවිතේට ලැබෙයි...සතුටෙන් ඉන්න හොදේ
ලබ්බ තමයි
සුවහසක් කෙල්ලො කොල්ලො කාලාන්තරයක් තිස්සේ ආදරේ කරපු එකාට තඩි දාර බූට් එකක් දීලා යන දාට
සෝබනේට කියන තුට්ටුදෙකේ වචන
චාරු මටත් බැස්සුවෙ ඒ බෝලෙමයි
බීප් බීප්...ෆෝන් එකට මැසේජ් ආව මැසේජ් එක නිසා මගෙ හිත හිතා හිටපු අදහස් වලට බාල උනා
"අයියා...මයා අදට මාත් එක්ක කතා නොකර දව්ස් දහයයි...
අපේ රැග් එක ඉවර වෙන්න තව දව්ස් දෙකයිලු
මට මේ රැග් එක ...දැන් රැග් එකක් නෙමෙයි
ඔයා නොදැක ඉන්න එකයි ලොකුම රැග් එක"

මම ඩයිනට කියුවා....මේ දව්ස් වල මම රැග් කරන මානසික තත්වෙක නෙමෙයි ඉන්නෙ
ඒක නිසා මට සිකුරිටි ජොබ් ම දෙන්න කියලා
එතකොට මට ගහක් උඩට වෙලා හරි තාප්පයක් උඩට වෙලා හරි ඔහේ කල්පනාකර කර ඉන්න පුලුවන් නිසා
සහස් මල්ලිව මුන ගැහෙන්නත් ඒ තරම් හිතට උනන්දුවක් තිබුනෙ නෑ...මොකද මම එයා එක්ක ඉන්න එක ගැන චාරු වැරදියට හිතුවා
ඒක මගේ හිතට ලොකු කනගාටුවක්
මම සහස් මල්ලිට කෝල් කරලා දවස් දහයකට කලින් කියුවා
මම එයාව මුන ගැහෙන්න එන්නෙ නෑ ටික කාලෙකට...
මට පොඩි ප්‍රශනයක් නිසා ඒක විසදගන්න ඕනි
ඒ කාලෙ ඇතුලත එයාට හරියටම සමරිසි කොල්ලෙක් වෙන්න ඕනිද නැද්ද කියන එක ගැන තීරනයක් ගන්න කියුවා
පොඩි එකා ගොඩස් දවසක් නිහඩව ඉදලා අද මැසේජ් එකක් දාලා
"මල්ලි ඔයා මම කියපු දේගැන හිතලා බැලුවද?"
"අම්මෝ ඇති යන්තන් ඔයාගෙන මැසේජ් එකක් මට මේ බෝඩිම දෙවනත්වෙන්න කෑගහලා නටන්න හිතුනා....සුදු අයියා ...කියලා සේවු කරපු නම්බරෙන් කෝල් එකක් මැසේජ් එකක් නැතුව මම හිටියෙ පිස්සුවෙන්
ෆෝන් එකේ ස්ටාට් බටන් එකත් ගෙවිලා ඒක ඔබලම
සැරින් සැරේට බලනවා ඔයාගෙන් මැසේජ් එකක් හරි තියෙනවද කියන එක
ඔවූ අයියෙ මම හිතුවා...බෙල්ල කැඩෙනකන් හිතුවා
වීකෙන්ඩ් එකේ ටවුන් එකේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිහින් ගේ ලයිෆ් එක ගැන තිබුන එක එක විස්තර බැලුවා
ගේ කියලා තිබුන ෆේක් එකවුන්ට් වලට ගිහිල්ලත් බැලුවා
බැරිම තැන මම කවදාවත් නොකරපු දේකුත් කරා...ඉනටනෙට් කැෆේ එකෙන්...කොල්ලො කෙල්ලො කරන ඒවයි කොල්ලො දෙන්නෙක් කරන ඒවයි කෙල්ලො දෙන්නෙක් කරන ඒවයි...කොල්ලො කෙල්ලො ඔක්කොම එකති වෙලා කරන ඒවයි තියෙන නරක වීඩියෝ ඩවුන්ලෝඩ් කරන් ඇවිල්ලත් බැලුව

තිත්ත පැණිWhere stories live. Discover now