ep 121

2.8K 333 123
                                    

Ep 121
මොනතරම් ලොකු දුකක් ආවත් එකම හීනයක් වෙනුවෙන් පේවෙලා බලන් ඉදපු මට
කදුලු පිහිදාල හිනාවෙන්න ලස්ස්න කාලයක් උදාවෙලා තිබුනා
ඒ ජීවිතේ හැම තප්පරේකටම මම ආදරේ කරා
ඒක කවදාවත් ඇහැ ඇරෙන්නෙ නැති හීනයක් වගේ
අපි අපේ පරන බෝඩීමට මූවූ උනා
ඇන්ටිත් ගොඩක් සතුටු උනා අපි දෙන්නා ආයෙ බෝඩිමට ආව එකට
ඒත් එයා බෝඩිමට ආවෙ නෑ...ප්‍රෙශර් වැඩි වෙලා හිටියෙ පුතාගෙ ගෙදර අපිට් කිචන් එකත් පාව්චිකරන්න කියුවා
අපි මාසෙ අන්තිමට ඇන්ටිගෙ පොතට සල්ලි ටික යැවුවා ඇ ටි ආවෙ නෑ බෝඩිම බලන්නවත්
ඒක නිසා ඒක බෝඩිමක් නෙමෙයි අපේ ගෙදරම උනා
ඩයිනයි සහස් මම හිටිය කාලෙ වගේ නෙමෙයි බෝඩිම නියම පිලිවලට තියාගෙන හිටපු නිසා ..චාරු කියුවෙ අපේ වගකීම ඒක ඒ විඩ්දියටම තියාගන්න
ඒ නිසා අපි වත්ත පිටියත් පිරිසිදුව තියාගෙන ගෙදරත් අතු පතු ගාලා හොදට තියාගන්න මහන්සි උනා
ඩයිනයි සහසුයි අපිට ලොකු උදවුවක් කරා
උන්ගෙ තුනපහ දාන භාජන පිගන් කෝප්ප ඔක්කොම තියලා ගියා ඒ නිසා අපිට ඒවනම් අලුතෙන් ගන්න ඕනෙ උනේම නෑ
මොනතරම් බලාපොරොත්තු තියාගෙන ආසාවෙන් පවුල් වෙන්න හිටියට
එක පවුලක් උනාම තියෙන වැඩ රාජකාරිනම් ගොඩක් වැඩී
අපි දෙන්නා මුකුත් නොදන්න තොත්ත බබ්බු කියලා හිතුනෙ උයන්න ගියාමයි කඩේ බඩු ගන්න ගියාමයි
දෙන්නෙක්ට කන්න හාල් කොච්චර ලිපේ තියන්න ඕනෙද කියන එක ගැන මමවත් චාරුවත් දන්නෙ නෑ
"ඔයයි මමයි වේල් දෙකක් කන්න ඕනෙනේ...හාල් කිලෝ දෙකක් උයමු...ඒත් මේ කිලෝ දහයෙ බෑග් එකෙන් පහක් වෙන්කරගන්නෙ කොහොමද" මම කිලෝ දහයෙ සම්බ හාල් මිටිය තියගෙන කල්පනා කරා
"අපි ඕකෙ උස මැනලා ඒ උස පහෙන් බෙදන විදියට මාක් කරලා ඒකෙ පලවෙනි මාක් එක ඉවර වෙනකන් හාල් ටික රයිස් කුකර් එකට දාමු...හැබයි අපිට උපකල්ප්නය කරන්න වෙනවා සම්පූර්න හාල් ගෝනියම එකම විශ්කම්බයක් තියෙනව හාල් වල ගනත්වය එකමයි කියලා....සමහරවිට ආන්තික දෝශයක් 5% ක තියෙයි...සෘණ ආන්තික දෝශයක් තිබුනොත් බත් පොඩ්ඩක් ම්දිවෙයි...ඒකට අපි බනිස් ගෙඩියක් කමු...දන ආන්තික දෝශයක්නම් බත් වැඩිවෙයි...ඒක බලන්ට දාමු"
හාල් කිලෝ දෙකක් මනින්න චාරු ලොකූ විද්‍යත්මක ක්‍රම ඒදයක් ඉදිරුපත්කරලා හාල් ගෝනියෙ උස මැනලා පහට බෙදලා
හරියටම ඇස් මට්ටමෙන් බල බල ඒකෙන් පහෙන් එකක් එලියට ගත්තා
ටෙස්ට් ටියුබ් එකකට රසායනික ද්‍රව්‍ය දානව වගේ සීරුවට
"සුද්දා දැන් හාල් හෝදන්න ඕනෙ ...මම දැකලා තියෙනවා අපේ අම්මා ලොකු වලදක් අරන් වටේ කර කව කව වගේ හෝදනවා එහෙම කරන්න වලන් අපි ලග නෑනෙ"
"ඉන්න මම පොඩි හැන්දක් අරන් හෝදපු හාල් ටික ටික එලියට ගන්නම් එතකොට වී හරි ගල් හරි තිබුනොත් පේනවනේ"

තිත්ත පැණිWhere stories live. Discover now