ep 50

2.6K 468 26
                                    

Ep 50
එයා හරිද ?
මගේ සහනයට තිබුන සිගරට් එකත් මගෙන් ඈත් කරලා
දුක බෙදගන්න තිබුන බියර් එකත් මගෙන් දුරස් කරලා
හොදට නරකට දෙකටම හිටපු අතිජාත යාලුවොත් ඔක්කොම මගෙන් අයින් කරල
මම සම්පූර්නයෙන් තනි උනාම
හැම දේම එයාම විතරක් උන මගේ ලෝකෙන් එයා යන්නම යන එක
හරිදෙයක්ද?
කොයි විදියට හිතුවත් මට එයා ගැන අහිතක් ඇතිකරගන්න බැරි උනා
මම් මගේ ෆේස් බුක් එකේ ඕෆ් ලයින් දගෙන පරන ෆොටෝ බැලුවා
ෆෝන් එකේ කෝල් බ්ලොක් ඇප් එකක් ඔන් කරපු නිසා මට එන කෝල් මැසේජ් පෙන්වන්නෙ නෑ
කොල් කරන අයටත් ෆෝන් එක ඕෆ් කියලා මැසෙජ් යනවා
ඒ නිසා මට කවුද කතා කරේ කවුද කතා නොකරේ කියාන්නෙක ගැන අදහසක් තිබුනෙ නෑ

ඔන්ලි මී දාල ශෙයා කරපු මගෙයි චාරුගෙයි ෆොටෝ
කැටේට ගිහින් මාලිගාව කුරුනෑගල ඇතුගල ලගදි ගහපුවා
අපි දෙන්න නිල් සරොන්ග් ඇදන් ගාඩ්න් එකේ එකට ඉදන් ගහපුවා
නැටුමට යන්න රෙඩිවෙලා ගහපු ෆොටෝ
තව තව අතීත මතක ගොඩක් එකින් එක පෙල ගැහෙනවා ..මට ඒවා දකිද්දි ඔක්කොම අතීතෙට එකතු උන සුන්දර හීන විතරයි කියල දැනිලා නිකම්ම හීල්ලුනා
තව තවත් ඇතුලට යද්දි මම කැම්පස් එන්න කලින් අපි කලබ් එකේ එකට ඉද්දි ගහපු ෆොටෝ දකිද්දි මට අහිමි උන යාලුවො ගැනත් මතක් වෙලා දුක හිතුනා
උන් අපි කරපු වැරදිම එක දිගට කියුවට මාව චාටර් කරන්න අපි සම්පූර්නයෙන් නරක විදියටම හැසිරුනේ නෑ
බස් හෝල්ට් එකක දලා ගිය සීයා කේන්ක් වැඩි හිටි නිවාසෙකට ගෙනිහින් බාර දීලා ඒක සම්පූර්නයෙන් සුද්ද කර්ලා දීපු දවසේ ...ඒ සීයයි අපේ ෴එට් එකයි එකට ඉදලා ගත්ත ෆොටෝ එක මට හරියට පෙනුනෙ නැත්ට්ගෙ ඇස්වල කදුලු පිරිලා තිබුන නිසා
මම එක පෙලට ගෝල් 5ක් ගහපු දව්සේ අපේ උන් ඔක්කොම් මාව කරෞඩ තියන් පිට්ටනිය වටේ දිවුවා...ඒවෙලාවෙ ඩ්‍රෝන කැමරාවකින් ගහපු ෆොටෝ ටිකත් ඒවගේමයි

ටවුන් එකේ කුනු උන බල්ලො ඔකොම අල්ලා නාවලා බේත් විදලා බල්ලොන්හදාගන්න තැනකට ගිහින් දෙන තැනකට බාර දීපු දවසෙ මම හොදටම් හොරි හැදුන බල්ලෙක් වඩාගෙන හිටපු මගේ ෆොටෝ එක චාරුට යවන්න හිතුනා ...එයාට පෙන්වනන් මම එයා හිතන තරන් දරුනු කොල්ලෙක් නෙමෙයි කියාන එක ඔප්පු කරන්න
ඒත් මට හිතුනා ඒක බොලද වැඩක් ...එයා මට ආදරේනම් මේවා ෆේස් බුක් එකේ බලල මාව තේරුම් අරන් ඉන්න ඕනෙ ...මොකටද මම බලෙන් එයාට මම හොද මිනිහෙක් කියලා ඔප්පු කරන්නෙ
එයාට මේ දවස් ටිකට තෙරෙන්න ඕනෙ එයාව බලාගත්ත විදියෙන්...මම නාය ගිහිපු ගමේ පොඩි එකාව බලා ගත්ත විදියෙන් ...මම තනිකර යකෙක් නෙමෙයි කියලා...ඒවා මම එයාට පේන්න බොරුවට කරපුව නෙමෙයි....මට හිතිලා අවන්කවම කරපු දේවල්
බලෙන් ඉම්ප්‍රෙශන් හදන්න ඕනෙ නෑ
ඒ අතරෙ කවුද මන්දා ශෙයා කරලා තිබුනා
"බැදීමක් ඇති තැන රිදීමක් ඇතිනම්...
තනිකම හිතෙන් දරාගෙන....
දුකට උඩ දා පයි ගැසිය යුතුය"
"ඒත් මට පුලුවන්ද චාරුගෙ මතකය ගුලිකරල ඒකට පයින් ගහන්න "
මම නොදැනිම ගොඩක් දුර ඇවුත් අන්තිමේ නැවතුනේ අපේ ලේන් එක අවසන් වෙන තැන තිබුන පුරන් උන වගුරු බිමක හීනි අඩි පාර මැද තිබුන පාලු පැලේ
පැලේ ඉදන් බලද්දි කොල මුහුදක් වගේ කෙකටිය පාසි කන්කුන් වැවුන වගුර
කොරවක්කො දිය කාව...දිය කුකුල්ලු ඇරෙන්න වෙන කවුරුත් නෑ මේ මහ දවල් පේන මානයක
මම මගේ හිතේ තියෙන ඉහල පහල නලියන තරන්ගාකාර සිතුවිලිවලට නිදහසේ සැරි සරන්න ඉඩ දීලා පාලු පැලේ බිම වාඩිවෙලා අහස දිහා බලන් හිටියා.
මට වෙලාව ගැන අවබෝදායක් තිබුනේ නෑ...ගොඩක් හවස් වෙලා ගෙදර යන්න ආවේ චාරුට මොනව හරි ඕනෙනම් ඒවා හොයලා බලලා කරල ...ගෙදර අමමට එයාව බලාගන්න කියලා මම කොහේ හරි යනවා කියලා හිතගෙනයි.
පලවෙනි වතාවට මම සිගරට් බියර් නැතුව දුක දරාගන්න ඉගනගෙන....වෙනදා හිතට දුකක් ආවම සිගරට් විස්සක් තිහක් පිච්චිලා බියර් කෑන හතක් අටක් හිස් වෙනවා...ඒත් මම අද ඒකිසිම දෙයක් නැතුව මගේ පරන මතක හරහා හිත සනසගන්න පුරුදු උනා

තිත්ත පැණිNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ