ep 138

2.3K 322 22
                                    

Ep 138
මන් එනතුරු ඉදි කඩ ලග ඉන්නවාද අම්මේ
ඒ සින්දුව ඇහෙද්දි මට හැමදාම මතක් උනේ අම්මා නෙමෙයි අපේ ගෙයි අම්මා
මොකද අපේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම බර කරට අරන් මැශින් එකක් වැඩ වගේ වැඩ කරපු අපේ අම්මට ඉදිකඩ ලගට වෙලා
නාස්ති කරන්න වෙලාවක් තිබුනෙ නෑ
අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකන් හරි
කොහේ හරි මහා අවලමක ගිහින් මහ රෑ වෙලා ගෙදර එද්දි හරි
ගේට්ටුව අරින්න මග බලන් හිටියෙ ගෙයි අම්මා
අපේ අම්මා ඉන්නවට වඩානම් ගෙයි අම්මා ඉන්න එක හොදයි බැනුමක් අහන්නෙ අනෙතුව ගෙට රින්ග ගන්න පුලුවන්

මායි චාරුයි ගෙදර යද්දි අපේ ගෙදර කාර් පෝලිමක් නවත්තලා තිබුනා
මම් එන පනිවිඩේට ගෙයි අම්මා ගේට්ටුව ඇරන් මග බලන් හිටියා
ඒත් ඒ වෙනද වගේ තනියෙම නෙමෙයි
ලොක්කයියගෙ පුතත් වඩාගෙන
පොඩි එකා කාර් එකෙන් බැහැලා එන කවදාවත් නොදැකපු ගෝතකරුම දෙක දැකලා බෑගිරිගහල අඩන්න ගත්තා
මේ තිබට්ටගෙ තාත්තා මද්දුද මන්දා
ඒ කොල්ලට තියෙන්නෙ අපේ ලොක්කගෙ කට නෙමෙයි
මද්දුගෙ කට
අපේ ලොක්කයියා කවදාවත් හයියෙන් කෑගහන කෙනෙක් නෙමෙයි
මද්දුව තමයි ගන්ටාර පිට ගන්ටාර පූජාකරල තිහෙන්නෙ
මම් නිකමට පොඩි එකාට අත දික්කරා
මගෙ ගොරෝසු අත් වලට බයේ ද මන්දා
ඌ අපස් මාරෙ හැදිලා වගේ උස්ම නාල්ල කෑ ගැහුවා
මම නොදැනිම අඩි කීපයක් එහාට විසි උනා

චාරුව බක බක ගාලා හිනාවෙලා
උස්ස්ගෙන හිටපු ගිටාර් කට්ටයි අලි බෑග් දෙකයි මගේ ඇගේ ගහලා ඌ අත් දෙක දික්කරා
ලොක්කගෙ පුතා හෙන ඇට්ටරයෙක්
මට චෑස් ගාලා චාරුට චූස් ගෑවා
මෙන්න බොලේ මූ ඇඩිලි නවත්තලා චාරුගෙ අතට පැන්නා
චාරුවත් ලොකුවට අත් දික්කරාට මොකද පොඩි එකෙක් වඩාගෙනම නෑ
ඌ කොහොල්ල්ල බබෙක් අල්ලනව වගේ පොඩි එකාඅල්ලගෙන හිටියෙ
මම් හිතුවෙම ගොබිලා බාබාව බිම පතබාවයි කියලයි
එහා ටීම් එකේ එකාගෙන් බෝලෙයන්තන් හරි ගිලිහෙනකන් බලන් ඉන්නව වගේ
මම සූදානම් ශරීරෙන් හිටියා චාරුවාපොඩි එකාවබිම හැලුවොත් අල්ලගන්න
මේ ඇටුකිච්ච පොලොවෙ ගැහුවොත් සමු ගැනීමේ සාදෙ පටන් ගන්නත් කලින් ගෙදර අයගෙන් බැනුම් අහලා සමු අරන් යන්න වෙන්නෙ
"චාරු පුතාට පොඩි ලමයි වඩන් හුරුනෑ මයෙ හිතේ...මේම අල්ලන්න මේන්න මෙතැනින් අත තියලා මේ අත පිටට තියාගන්න"
ගෙයි අම්මා චාරු එක්ක යාලුයි කලින් ආපු පාර මිනිහා හොදට ලකුනු දාගත්තනෙ ගෙදර හැමෝගෙන්ම
චාරුවා මී කතිරට නැට්ට අහු උන මීයා වගේ අපහසුවෙන් පොඩි එකා වඩන් හිටියා
ඒත් පොඩි එකා වඩාගෙන ඉන්නෙ අමාරුවෙන් නෙමෙයි කියලා පෙන්වන්න මූනෙ බොරු හිනවක් ඇදගෙන හිටියා
පලයිට් බොරු හිනාවක් ..සෝබන බොරුවක්

තිත්ත පැණිNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ