ep 71

1.9K 359 29
                                    

Ep 71
මගේ හිත චපල වෙලාද?
ඇත්තටම මම චාරුකට ආදරේ කරාද
මම දන්න විදියට හරියට ආදරේකරන උන් අවුරුදු ගානක් යනකන්....සමහරවිට මැර්‍රෙනකන්ම තමන්ගෙ නැති උන නියම ආදරේ ගැන හිත හිතම දුක් වෙනවා
ඒ මත්තෙම නැහෙනවා
ඇයි එහෙනම් මගේ හිතට එහෙම නොහිතෙන්නෙ
මම සත්‍ය ප්‍රේම භුන්ගරාජයෙක් නෙමෙයිද
මමයි චාරුකයි එකම බෝට්ටුවෙද
දිවට දිව තියන් පනට පන දෙන්න හිටියත්
ගෙදරින් එක පාරක් බැන්න ගමන් බයට ඌ මාව අත හැරියා
එයින් මාස තුනක් යන්න කලින් නන්නාදුනන කොල්ලෙක් දැකලා මගේ හිත ගැස්සෙනවා
ඇයි මගේ හිත සහස් ගෙ පැත්තට යන්නෙ
මම එයා තුලින් චාරුකව දකින නිසාද
මට ලන්වෙන්න බැරි ...මාව ලගට ගන්නෙ නැති චාරුගෙ සුවද පහස මම සහස් තුලින් හොයනවද
එතකොට මම ආදරේ කරේ චාරුකට නෙමෙයිද
එයාගෙ අහින්සක ලැජ්ජාශීලී හිනාවටයි දිලිසෙන ඇස්වලටයිද?
එයාගෙ ආත්මයට නෙමෙයිද. මම ආදරේ කරේ
උත්පලවන්නා තෙරනිය ....ආදරෙයි ආදරෙයි කිය කිය ආපු කුමාරයගෙ ඇහුවා ඇයි ආදරේ ඔයතරම් කියන එක
ඔය ලස්ස්න නෙලුම් මල් පාටට දිලිසෙන ඇස් වලටයි ආදරේ කුමාරයා කියුවා
ආආ...එහෙනම් ගෙදර ගිහින් බල බල ඉන්න...මට කරදර නොකර
තෙරනිය ඇගිලි දෙක ඇස් ඇතුලට දාලා අමු අමුවෙ ලේ පෙරෙන සුදුම සුදු ඇස් බෝල දෙක ගලවලා කුමාරයට දික්කරනවා

කුමාරයට ඒ පන ගැහෙන ලේ වැකුන ඇස් ගෙඩි දෙක දැකලා බය හිතෙනවා
උනු උනු ලේ විදින ඇස් වල දෙකක් එක්ක පුරුදු ශාන්ත ඉ රියවුවෙන්ම ඉන්න තෙරනිය දැකලත් බය හිතෙනවා
කුමාරය් ගේ අන්ද ආදරේ ...දුරුවෙලා මායාව අයින් වෙලා ඇත්ත දකින්න ගන්නවා
කුමාරයා උප්ප්ලවන්නගෙ ගලවපු ඇස් දෙකෙන් ආදරේ අනිත්‍යබාවය දැකලා
පන්චස් කන්දය දිරද්දි
ආදරෙත් දිරලා යන බව පසක් කරගන්නවා
ඒවගේ මම ආදරේ කරේ චාරුගේ ඇගේ කෑලකට විතරද
රීරි මාන්ශෙ කන්න උපන් ආදරයක් ද ඒක
මට කවදාවත් නොහිතුන අමුත්ම අන්තයක මගේ හිත හක්ක්ලන් කරනවා
ඒක මනුස්සයෙක් පරිනත වෙනකොට වෙන බහුබූත සිද්දියක්ද
මෙලෝ රහක් නැති විකාර හිතෙන එක
මට මේවා ගැන ඩයිනා එක්ක කතාකරන්න ඕනෙ උනා
ඒත් කොහෙද ඌව අල්ලන්නෙ
ඌ මේදව්ස් වල ජනාධිපති කෙනෙක් වගේ බිසී
කෝල් ගන්නවා විධාන දෙනවා
කොයිවෙලෙත් දහ පාලොස් දෙනෙක් ඌ වටේ....මාත් එක්ක හිනාවෙන්නවත් ඌට වෙලාවක් නෑ
ඩයිනා කියන්නෙ පෞද්ගලික වස්තුවක් නෙමෙයි....එක කොල්ලෙක් ගාව හුරතල් වෙවී දව්ස තිස්සෙම තියන් ඉන්න
ඒකා පොදු වස්තුවක් හැමෝගෙම යහපතට වැඩ කරන
ඒත් මට ඕනෙ උනේ පෞද්ගලිකව මගේ ලග තියාගන්න පුලුවන් ආදරයක්
ඒවගේ දෙයක්නම් ඩයිනගෙන් කිසිසේත්ම බලාපොරොත්තුවෙන්න බෑ
පාලුවට කාන්සියට බය මගේ හිත ඒ පාලුව නැතිකරගන්න ක්‍රම හොයද්දි
සහස් ව ඒකට අල්ලගන්න උත්සහ කරනවද මන්දා
පොඩි එකා ගැන අමුතු හැගීම් දැනෙනවා
කොමන් එකට ගිය වෙලේ ඉද්ලම වෙන කොහෙටවත් නොගිහින් ඌ ලගටම යන්න හිතෙනවා
මට ඌට සැර කරන්න හිතෙන්නෙ නෑ
ඌ ලැජ්ජාවෙන් හිනාවෙන නිසා...ඌට ලැජ්ජ හිතෙන තාලෙ ප්‍රශන උගෙන් අහ අහ ඉන්න ආසයි
වෙන එකෙක් ඌට සැර කරලා කොල්ලව අඩව්ද්දි මට හෙන දුකයි
පොඩි එකාට සහ්දෙ දාන අපේ බැච් එකේ එකාව මරන් කන්න හිතෙනවා මට

තිත්ත පැණිWhere stories live. Discover now