ep 98

2.1K 334 12
                                    

Ep 98
එක්දාස් පන්සිය දෙකයි
එක්දාස් පන්සිය තිනයි
එක්දාස් පන්සිය හතරයි
එක්දාස් ප්න්සිය පහයි
ම්ම්ම්,,.....මේසෙ උඩ තිබුන ලීෆ් ලට්ස් ගොඩේ 1505ක් ඉතිරිවෙලා තිබුනා
මම හාරසිය ගානක් බෙදුවා
එදා චාරුගෙ ප්‍රසන්ගෙ නිසා තුන්දාහක් විතර උනු කැවුම් වගේ බෙදිලා තිබුනා
ඩයිනනම් කියුවෙ ඒ හොදටම ඇති කියලයි
ඒත් ඉතින් හිතක් හිතුනොත් කරලා ඉවර වෙනකන් මගේ පුපේ අමරුව හොද වෙන්නෙ නැති ගායක් තියෙනවනෙ මට
ඩයිනා ෆැකල්ටි වෙල්ෆෙයා මීටින් එකක ස්ටුඩන්ට් පාටිසිපන්ට් විදියට මීටිමට ගියා
ඒ මීටිමට ඉතින් යන්නම ඕනෙ කොන්ද පන තියෙන දෙකට නැමෙන්නෙ නැති කොල්ලෙක්
ඩීන්ට උනත් මූනටම බනින්න ගට තියෙන්න ඕනෙ
හොස්ටල් වල පහසුඅකම් ..ලැබ් වල ලෙක්චර් හෝල් වලට වෙන්කරපු මුදල් කපපාදු කරලා වෙන වෙන ඒවට යොදවන සැලැස්මවල් එනකොට හොද ස්ටුඩන්ට් පාටිසිපන්ට් කෙනෙක් හිටියොත් එතැනදිම කට ගහලා යෝජනාව පරද්දන්න පුලුවන්
තුන හතර වසරෙ අයියලට වඩා හොදට ඩයිනා ඒක දන්න නිසා කවුන්සිලෙන් මිනිහව දාලා තිබුනා
රෙදි හෝදලා මාව නලවලා ඉවර උන ගමන් එයා ඒ මීටිමට ගියා
මට පට්ට කම්මැලි කමක් දැනුනා
ඒක නිසා ලීෆ්ලට් බෙදන්න කොමස් එක පැත්තෙ යන්න සුදානම
තව පොඩි වෙලාවකින් උන්ගෙ ලෙක්චර්ස් ඉවරයි
ලීෆ්ලට් පන්සීයක් වත් බෙදාගත්තොත් ගොඩ

ඇට්ටේරිඅයා සේපාලිකා ඇහැල මල් ගස් එකපෙලට වවපු නිසා මල්වට්ටියක ඉන්න මී මැසෙක් වගේ දැනෙන මල් පාර දිගේ මම හොස්ටල් එකේ ඉදල කොමස් ෆැකල්ටියට ගියා
සම සමාජ වාදියොයි ප්‍රජාතන්තරවාදියොයි ජ්න්මාතර වයිරක්කාරයො වගේ දෙපැත්තට බෙදිලා මරාගන්නවා
කොමස් එකේ බලය තිබුනෙ ප්‍රජාතන්ත්‍රවාදීන් ලග
ඒත් දෙයියලා කියුවෙ මේ පක්ශෙ හරියට වෙසගනක් වගේ කියලයි
ශ්‍රීලන්කා දිනද්දි ඒ පැත්ත්ට හේත්තු වෙනව යූ ඇන් පි දිනද්දි ඒ පැත්තට හේත්තු වෙනවා
තනියෙන මාව්ට වැඩා වගේ කොමස් එක ඇතුලෙදි කවුරු හරි තනියට හිටියනම් හොදයි කියලා හිතුනා
අනෙක පලවෙනිය බෙදිල්ල පටන් ගැනිල්ලත් ගේමක් තමයි
හොද වෙලාවට අපේ වයසෙම සෙට් එකකගෙ ලෙචර්ස් ඉවර වෙලා
කොල්ලො කෙල්ලො කුට්ටි විදිය එලියට ගලනවා
මම කැප් එකත් හරියට හදන්...හිතට පුරුශ ශක්තියයි අතට ලීෆ් ලට්ස් ටිකයි මිරිකන් ඉසසරහින්ම එන කෙල්ලො රෑන මැද්දට ගියා
"හලෝ කොහොමද?...ලීෆ්ලට් එකක් තියෙනවා දෙන්නද" මම පොඩ්ඩක් වික්ශිප්ත හඩකින් කියුවා
"නිකන් දුන්න පලියට දෙමලපත්තෙරෙත් ගන්න කෙල්ලො කියලා හිතුවද අපි
මොනා ගැනද ලීෆ් ලට් එක"" කෙල්ලො රෑනට නායකත් දීපු කලු කට හැකරා ඇල්ෆා මේල් නොක්කඩුවට කතාකරා
"ඒයි අනේ ...මෙයාව අදුන ගන්න බැරිද...මේ අර ෆුට් බෝල් ගහන කෙනා...කලා උලෙල නැටුවෙ" ලස්ස්න කෙට්ටු කෙල්ලෙක් මාව අදුන ගත්තා...හිතට පොඩි හයියක් ආවා කස්ටිය මාව අදුනනවා වගේ
"ඕඕඔ...ඔයා හරි වෙනස්නෙ මේ ඇදුමට....ඔයාට එන්න තිබුනෙ ෆුට් බෝල් ඇදුමෙන් හරි..ඩාන්සෙක කරපු ඇදුමෙන් හරි" ඇල්ෆා මේල් ම්ට පොසිටිවු ප්‍රතිචාරයක් දුන්නා

තිත්ත පැණිWhere stories live. Discover now