තිත්ත පැණි එපිසොඩ් 08

4.4K 584 109
                                    

Ep 08
අධි සාන්ද්‍ර ඇල් කොහොල් මගේ මුලු ඇගම අඩපන කරලා
අමාරුවෙන් ඇස් ඇරලා සිවිලිම දිහා විනාඩි පහලොවක් විතර බලන් ඉද්දි
ඉන්නෙ කොහෙද උනේ මොකද කියන එක යාන්තමට ඔලුවට ආවා
දැන් වෙන්න ඕන ඔක්කොම වෙලා ජෝඩුව ගිහිල්ලා ඇති
අමාරුවෙන් නැගිටලා...ගෙස්ට් හවුස් එකේ බිලත් ගෙවාගෙන මම බෝඩිමට ආවා
ඇදේ බෙඩ් ශීට් තුවා හෝදලා වැලේ වනලා තිබුනා
"චාරුකයා හැමිනෙන එක කරත් හරි පිලිවලට කරනවා" මම මටම කියා ගත්තා
ඔක්කොම කරත්....මූට කලබලේට දොර වහලා යන්න බැරි වෙලා
ලොක් නොකරපු දොර ඇරගෙන ඇවිත් මම ඇදට වැටිලා
කොට්ටෙන් මූන වහගත්තෙ හොදටම ඔලුව කකියන නිසා
"කොහෙද ඊයෙ රෑ තමුසෙ ගියේ"
බාත් රූම් එක ඇරගෙන චාරු තුවායක් ඇදන් එලියට ආවා
"හුටා...උබලා තාම ගියේ නැද්ද...සොරි මචන්...මම යන්න ඇති කියලා ආවෙ ...මම එලියට යන්නම්"
"ඕනෙ නෑ...ඉන්නවා....සුලක්කනා ගියා"
""අඩේ උබලට ...සෙල්ලම හොදට හිතට අල්ලලා වගේ ...මෙච්චර දවල් වෙනකන්ම කරාද?"
"ඒකෙන් වැඩක් නෑනෙ උබ කොහෙද ගියේ"
"ඕයි..ඕයි කියනවකෝ....කොතන තියන්ද වැඩේ කරේ...මෙතැනද...නැතතන් මෙතැනද...ම්ම්ම් සුවදෙ හැටියටනම් මෙතන...මට හුතු සුවදක් එනවා...හරියටම මෙන්න මෙතන" මම බල්ලෙක් වගේ ඉව කර කර ඇද පුරා දැගලුවා
"ඔය වැඩේ නවත්තපන්...ඕක මහ අප්පිරියයි"
"ආ...උබට කරන්න කොට අප්පිරිය නෑ...කියන කොටද අප්පිරිය ...මට කියපන්..උබ කරද්දි එයා කෑ ගැහුවද...කෙදිරි ගෑවද...ඔක්කොම කියපන්"
"ඉස්සෙල්ලා මට කියපන් උබ කොහෙද ගියේ උත්තෝ..." චාරුකයා ගිරිය පුප්පගෙන කෑ ගැහුවා
"ආආඅ...මේ මොකද...උබ වඩේකරාට පස්සේ...කටෙත් සද්දෙ වැඩි වෙලානෙ...මම ගියේ හිස්ටල් උබට කියුවෙ...කොල්ලො සෝශල් එකේ වැඩ....මමත් උදවු උනා නිදිමරලා මට මහන්සී...මගෙ ඔලුව රිදෙනවා....අඩුම ගානේ කියපන්කො කොයිතරම් වෙලා කරාද පලවෙනි පාර....උබට ගොඩක් බඩු ගියාද...රූම් එකේ වෙරලු මල් ගදේ හැටියට...හෙන ලෝඩ් එකක් ගිහින් වගේ...ඒකත් බැරිනම් සරල ප්‍රශෙනෙ කීසැරයක් කරාද?"

"උබ මට ඇත්ත කියන්නෙ නැත්තන් මම කිසි දෙයක් කියන්නෙනෑ...බොරු කාරයා කියපන් තෝ කොහෙද මක බෑවුනේ"
"උබට මොනයකා වැහිලද...හොස්ටල් ඉදලා එන ගමන් මම..."
"ඔවූ උබ යන්න ඇති වෙන කොහේ හරි ගුබ්බෑයමකට....හොස්ගල් නම් ගිහින් නෑ...මම ඩයිනට කෝල් කරා...ක්‍රිස්කොට...ටින් ටින්ට...හොස්ටල් එකේ බාගයක්ම උන්ට කතා කරා ...ඒ එකෙක් වත් උබව දැකලා නෑ...අනික උන් තොරන ගහන්නෙ අද හවසට...උබ හිටගෙන බොරු පිබින්නෙ මූසලයා...මට පෙන්වන්න බෑ තෝ මාව රවට්ටන එක"
"ආආ..දැන් මම ආගිය තැන් දැන ගෙන උබ මොනවා කරන්නද...උබට දැනගන්න ඕනෙමනම් කියන්නම්..මට ඊයෙ උබලා දෙන්න ඉන්න විදිය...දැකලා හොදටම ෆෝම් උනා...මම දන්න කෙල්ලෙක්ට කෝල් කරා ඒකි සල්ලි තියෙන කෙල්ලෙක්...තව යාලුවෙක් එක්ක ආවා අපි හෝටලේ කට ගියා "

තිත්ත පැණිWhere stories live. Discover now