ep 74

2K 359 12
                                    

Epi 74
ගිය ආත්මෙ බහුකාර්‍ය යන්ත්‍රවෙලා කැඩිලා බිදිලා ගිය උන්
මේ ආත්මෙ අපේ බැච් එකේ ඉපදිලා ඇති
මොකද එක පාරකට එකකට එකක් වෙනස් වැඩ ගොඩක් කරන්න සාමාන්‍ය මනුශ්ශයෙක්ට බෑනෙ
ඉන්ට යුනිවසිටි ගේම් වලට ක්‍රීඩා ප්‍රැක්ටිස් කරනවා
ජුන්නන්ගෙ රැග් එක සති දෙකකින් ඉවරවෙනවා උන්ගෙ සෝශ්ල් එක අපි දෙන්න ඕනෙ ලොකු ගානක් යනවා
කන්නදෙන්න සරසන්න මියුසිකල් ගෲප් එකක් ගේන්න
ඩීජේ ලයිටින් ඔක්කොටම ලොකු වියදමක්
ස්ටිකර් පෑන් විකුනලා ඒවට සල්ලි හොයන්න ඕනි
සෝශල් එකට ඩාන්ස් සන්ගීත පුරුදු වෙන ඒව
වේදිකා සැරසිලි...චිත්‍ර අදින ඒවා
උත්සවේට ගහන තොරන හදන එක
මේවා ඔක්කොම අස්සෙ ජුන්නො රැග් කරන එක
එසයින්මන්ට් ලියන්න ප්‍රැක්ටිකල් යන්න
විභාගෙට පාඩම් කරන්න
එකී මෙකී නොකී වැඩ ගොඩයි
පැය දෙකක් නිදා ගත්තොත් ඒකත් ලොකු දෙයක් දවසකට
ඒ ඔක්කොම අස්සෙ ජුන්නො ලෙක්චර්ස් ඉවරකරලා එද්දි උන්ව අල්ලගෙන තෙල බෙදන්න ඕනෙ
තෙල බෙදනවා කියන්නෙ ජුන්නන්ගෙ ඔලුවට අපේ අදහස් දාලා උනුත් අපි වගේ කරන එක
මම දන්නෙ නෑ...අනෙක් ෆැකල්ටි වල කමකට නැති දේශපාලනේ ගැන තෙල බෙදනවා ඇති
ඒත් අපි නම් කතාකරේම ,..එකමුතුව ඉන්න එක ගැන...හැමෝටම උදවු කරන් එක වගේ වැඩ කරන එක ගැන
හොදට ඉගන ගන්න ගමන් පොදු වැඩත් බැහැලා කරන්න
කැම්පස් එකේ උප සන්කෘතිය...ඒවා රැක ගෙන ජීවත් වෙන හැටි
කොහොමත් අපේ රැග් එකේ පොලිටිකල් තෙල බෙදුවොත් ඩයිනගෙන් විසුමක් වෙන්නෙ නෑ

පොඩි උන් හිතනවා ඇති අපි අමු කුනුවට ඇදගෙන තෙල් බැමි උඩට වෙලා උන් එනකන් ඈනුම් ඇර ඇර ඉන්න නිසා තනි අපත සෙට් එකක් මෙලෝ වැඩක් නොකර ගස් ගල් යට කාලෙ කනවා කියලා
ඒත් ඇත්තම කතාව උන් ලෙක්චර් වල ඉන්න ටිකට අපි වැඩ දාහක් විතර කරගන්නවා
අනෙක් එකා එක්ක කතා කරන්න වත් වෙලාවක් නෑ
අන්තිම තප්පරෙත් වටිනවා
ඒත් ජුන්නො ඈත එනකොට අපි අපේ අත්වල තියෙන පොත් පත් හන්ගලා ඉක්මනට තරහ යන නාහෙට නාහන රස්තියාදු කාරයෝ වගේ ඉන්නවා
"ඕයී ඕයි ...කුනු ප්‍රෙශාලා රැලම මෙහෙ වරෙල්ලා....ම්ම්ම්...බිමින් වාඩි වෙයල්ලා....උබලගෙන් කවුද ෆුට් බෝල් ගහන්න දන්නෙ...."
අපේ ෆුට් බෝල් ටීමෙ එකේ ටික්කා මාත් එක්ක ගල් තාප්පයක වඩිවෙලා ඉන්න ගමන් ජුන්නො ටිකකට තෙල බෙදන්න ගත්තා
රැග් කාලෙට...හාල් වෙන (කාලය කා දමමින් රස්තියාදු වෙන එකට කියන්නෙ හාල් වෙනවා කියලා) ගල් බැමි... ..වටට කියන්නෙ තෙල් බැමි කියලයි...මොකද සීනියස්ලා පොඩි උන් අල්ලගෙන කතනදර ආතලා වගේ එක එක මාතෘකා ගැන පොර ටෝක් දෙනවා
"නොදකින් බන් ලැජ්ජයි තොපිලා ගැන...එකෙක් නැද්ද...ෆුට් බෝල් ගහන්න දන්න...අඩු ගානෙ ෆුට් බෝල් ගහන්න කැමති උන් ඉන්නවද"
පොඩි උන් ටික දෙනා පෝය දවසෙ බන අගන නාකි ආත්තාල සෙට් එකක් වගේ අපි වටේ වාඩි වෙලා උඩ බලන් ඉන්නවා
"හරි...මෙතන ඉන්නවද එකම පාරක් හරි ෆුට් බෝල් මැච් එකක් බලපු උන්"

තිත්ත පැණිWhere stories live. Discover now