ep 136

2.4K 306 26
                                    

Ep 136
මිනිස්සු ආදරේද නැද්ද කියන එක දැනගන්න අමාරුවෙ වැටෙන්නම ඕනෙ
ගොඩක් දෙනෙක් වාසි බලාගෙන අපේ හොද කාලෙදි අපිට ලන් උනාට
කෙලවිලා පස්ස බිම ඇනිලා හොම්බෙන් යන කාලෙට
වාශ්ප වෙන්නෙ ඕඩිකොලෝන් වලටත් වඩා ඉක්මනට
කොහොමත් පාප මිත්‍රයො ලැබෙන්නෙ පෙර පවට
කල්‍යන මිත්‍රයො ලැබෙන්නෙ පෙර පිනට
එහෙම බැලුවොත් මේ ආත්මෙදි කාලකන්නියෙක් උනාට
ගිය ආත්මෙනම් මම පින්ටොන් එකක් කරපු පට්ට උපාසකයෙක් වෙන්න ඇති
ඒක නිසයි මට චාරුයි ඩයිනයි දෙන්නව ලැබුනෙ
මට අසනීපයි කිය්ලා දැනගත්ත වෙලාවෙ ඉදලා උන් දෙන්නම් මාව බලාගන්නෙ පොඩි එකෙක් බලා ගන්නව වගේ
ඩයිනා දවසට දහදොලොස් වතාවක් කතා කරලා මොනව හරි ජෝක් එකක් කරනවා මාව සතුටෙන් තියන්න හදනවා
චාරු මාව බලාගන්නෙ අම්මා කෙනෙක් වගේ
මම කැමති දේවල් අහ අහා බලෙන් හදලා දෙනවා
එයා වැඩ කිරිල්ලත් ගොඩක් අඩු කරලා...මැඩම්ට අපේ ප්‍රශන ගැන කියල එයා රිසර්ච් එකේ වැඩ වලින් ටික කාලෙකට අයින් වෙලා
මම නම් එපා කියුවා
මොකද මට ඉහෙන් බහින අසනීපයක් තිබුනෙ නෑ
චාරුයි ඩයිනයි වැලලෙන්න හදන නිසා මිසක් මට ලෙඩක් තියෙන වව මටම අනතක වෙනවා
වෙනදටත් වඩා ඇගට ෆ්ට් එකක් හයියක් තියෙනව වගේ දැනෙනවා
වෙලාවකට චාරු එක්ක තද වෙනවා
කොයිවෙලෙත් ඇගේ එල්ලුන ගමන්මයි
මට ඕනි වෙනද වගේ මාත් එක්ක රන්ඩුවෙන බනින වැඩ වැඩී කියලා මැසිවිලි කියන චාරුව

දැන් ඉන්නෙ කොයිවෙලෙත් ම්ට තරහයයි කියලා බයෙන් ඉන්න
පරිවාර සේවකයෙක් වගේ මගේ පස්සෙන් කොයිවෙලාවෙත් එන
කියන්නත් කලින් මගේ වැඩ කරන දාස භාර්‍යවක් වගේ චාරු කෙනෙක්
අපි දෙන්න බෙදාගෙන තිබුන වැඩ වලින් කිසි දෙයක් එයා දැන් මට කරන්න දෙන්නෙ නෑ
මම් අතුගාන්න ඉදල ගත්තන්ගමන් එයා දුවලා ඇවිත් ඒක අරන් අතු ගානවා
තනකොල කපන මැශිම ස්ටට් කරපු ගමන් ඇවිත් ඒක එයා ගන්නව
දවසට සිය වතාවට වඩා
මගේ මැනිකට මොනවද ඕනෙ ...ඕනෙදෙයක් තියෙනවනම් කියන්න
ඔයා සතුටෙන්නෙ ඉන්නෙ රත්තරන්
ඇගට අමරුවක් නෑනෙ පැටියෝ
ඔයා හොදින් ද සුද්දො අමාරුවක් තියනෙවනම් කියන්න ඕනෙ හොදේ
ඔය වාක්‍ය සෙට් එක කියවනවා
"අනේ ප්ලීස් චාරු මාව ලෙඩෙක් වගේ හිතගෙන මට අනුකම්පා කරන්න එපා
වෙනද වගේ මට බැනලා රවලා නැචුරල් ව්දියට ඉන්නකො
මට ඕනෙ නෑ ගොඩක් හොද චාරු කෙනෙක්
මට ඕනෙ මගේ චාරු"
බැරිම තැන මම එයාට කියුවා
ඒක කියුවා කියලා එයා හයියෙන් ඇඩුව
මම එයාව වඩාගෙන ගිහින් කොට බිත්තිය උඩින් තියලා මූන ඉම්බා
"මගේ මැණික තරහ අරන් නෙමෙයි කියුවෙ
ඔයා මම ගැන ගොඩක් වදවෙනකොට ඒක මගේ හිතට හරි නෑ
මම දන්නවා ඔයා එගෙම කරන්නෙ මට ගොඩක් ආදරේ නිසා
ඒත් ඒ තරම් කරදර වෙන්න එපා
කොහොම උනත් මම් හරි වාසනාවන්තයි ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න
මට මේ තරම් ලොකුන් ආදරයක් දරාගන්න අමාරුයි මගත්තයෝ"

තිත්ත පැණිNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ